තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ.
පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැක.
මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කළ හැක.
දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකිය.
එක් පෙම්වතෙක් බද්දට දෙන අවම කාලය දින 3කි. ඊට අමතරව ගත වන සෑම පැයක් සඳහාම යුවාන් 30ක් අය කෙරේ. ඒ දින 3 ඇතුළත රාති‍්‍ර භෝජනය තරුණිය විසින් සපයා සේවය සපයා ගැනීමට යුවාන් 50ක් අය කරයි. සාප්පු සවාරි යාමට යුවාන් 30ක් හා චිත්‍රපටියක් නැරඹීමට යුවාන් 50ක් වේ. එය ත්‍රාසජනක චිත්‍රපටයක් නම් මුදල දෙගුණ වේ. තොල් සිප ගැනීමට යුවාන් 50 කි. දෑත් පටලවා යාම, වෙන්වෙන විට නළලට හෝ කම්මුලට හාද්දක් දීම නොමිලේ ලබා ගත හැකිය.
මව්පියන් ගෙන එන යෝජනාවලට විරුද්ද වීම හා ඒවායින් බේරීමට, යහළුවන්, නෑදෑයින් ඉදිරියේ පෙම්වතකු ඇති බව ඇගවීමට, පෙම්වතෙකු නොමැතිව සහභාගි විය නොහැකි අවස්ථාවල් වලට, රාති‍්‍ර සාද සඳහා සහභාගි වීමට බොහෝ විට තරුණියන් පෙම්වතුන් බද්දට ගනු ලබයි.
මෙම සේවය චීනයේ ඉතා ජනපි‍්‍රය සේවයක් බවට පත් වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්‍රේමයත් බද්දට
තාරක Friday, 15 November 2013 12:42 PM
චීනේ දේවල අගය, ගුණය අඩු උනාට, හැමදේම නරකම නැහැ නේද? (ස)
රන්දික රත්නායක Thursday, 14 November 2013 05:15 PM
මේකේ අනික් පැත්ත ලංකාවේ කරන්නකෝ (නි)
අජිත් Thursday, 14 November 2013 06:21 PM
ෂාහ්! මරුනේ. මමත් දැන්මම ඉල්ලුම් කරන්න ඕනෑ. ඒත් ඉතින් පොඩි බයකුත් තියෙනවා. මොකද අර ලෙඩ තියෙන කට්ටියද දන්නේ නැහැනේ. (නි)
ලලිත් Thursday, 14 November 2013 06:22 PM
ඔයවගේ වැඩ ලංකාවේ කරන්න නම් මන්ත්‍රී කෙනෙක් අල්ලගන්න වෙනවා. නැත්නම් හිරේ තමයි. පටන්ගත්තත් පහුවදාට හතු පිපෙන්න වගේ කට්ටියම ඒ ව්යපාරේම කරන්න යනවා. අන්තිමට එක් කෙනෙකුටවත් හරියට කරගන්න බැහැ. (නි)
විපුල Thursday, 14 November 2013 09:54 PM
අපේ කොල්ලෙක් බදු ගත්තොත් , කෙල්ලවත් බදු දීල ඒවි.... (දී)
කල්පිය්ජ Friday, 15 November 2013 12:22 AM
මේකට අකමැති කව්රුවත්ම නෙතිදෝ (දී)
ලාල් Friday, 15 November 2013 03:44 AM
''රෝග මාරයාගෙනුත් ප්‍රවේශම් වන්න '' (නි)
ග්‍රිෂාණි Friday, 15 November 2013 06:42 AM
චීනයේ සංස්කෘතිය බෞද්ධ. ඉතිහාසය බෞද්ධ. ඒත් දැන් ඉන්න තරුණ අය බොහෝ දෙනෙකුට ආගමක් නැහැ. ඒ අය ඇමරිකාවෙන් එන්ගලන්තෙන් එන සුද්දන්ට තමයි කැමති.බෞද්ධ ආගමට තරුණයන් ආකර්ශනය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ.ආගමික සංවිධානවලට ඉඩ දෙන්නේ නැහැ. ඇමරිකන් ක්‍රිස්තියානි අය ශිෂ්‍යත්ව ලබාගෙන ඇවිත් ඒ ආගම ඉතා සූක්ෂම විදිහට ප්‍රචාරය කරනවා. ලංකාවේ වගේමයි.ඉංග්‍රීසි උගැන්වීමට තමයි එන්නේ. විශ්ව විද්‍යාලවලත් මේ අය ඉන්නවා. ඒ අය රැකියාවක් කරන්නේ. ආගම ප්‍රචාරය කිරීම. චීනය බෞද්ධ කියන මිත්‍යාව තව බොහොම ටික කාලයයි. වයසක මිනිස්සු ටික මැරුණාම ඊළග පරම්පරාව තනිකරම ක්‍රිස්තියානි හරි කතොලික හරි වෙයි. (නි)
ජනක Friday, 15 November 2013 08:59 AM
මේකට කියන්නේ ප්‍රේමය නෙමෙයි (නි)
චාර්ලිස් Friday, 15 November 2013 09:02 AM
ඇයි මේ වගේ හොඳ දේවල් අපේ රටෙත් පටන් ගන්න බැරි. (ස)
පල්ලෙවෙල Friday, 15 November 2013 09:31 AM
චීනයට ගිය වෙලාවෙ මමත් ගත්තා, නියමයි. (ස)
ලාල් - නුවර Thursday, 14 November 2013 04:47 PM
කුමාර් චිනේ බෞද්ධ රටක් තමයි හොඳ බෞද්ධයෝ වගේම ඒක හරියට තේරුම් ගන්න බැරි මේ වගේ හරකුත් ඉන්නවා. ඒකට මොකද කරන්නේ, ඒක කොයි ආගමට උනත් පොදුයි .. (ස)
ඉන්දු මෙල්බර්න් Friday, 15 November 2013 01:54 PM
මමත් ඉස්සෙල්ලම මගේ මහත්තයව ගත්තේ බද්දට, පස්සේ ගෙවපු යුවාන් සේරම එයාගෙන්ම ආපහු ගත්තා.(නදී)
නිමල් පෙරේරා Friday, 15 November 2013 02:07 PM
ලංකාවේ වෙන්නේ ඔකේ අනික් පැත්තනේ. (නදී)
ලාල් කැන්ඩි Friday, 15 November 2013 02:25 PM
මේක මාර වැඩක්නේ මන් දැන් අදහස් පලවෙනකොට වෙනස් වෙනවා .ඉතින් මගේ නමින් ඔයාම අදහස් දාන්නකෝ ඉවරයිනේ වැඩේ.(නදී)
වන්නිගමගේ, රත්නපුර Friday, 15 November 2013 03:29 PM
තනිකඩ මට බද්දට හරි කමක් නෑ පෙම්වතෙක් වෙන්න ඇත්නම්. (ස)
මහේෂ් Friday, 15 November 2013 04:01 PM
ඔන්න කරනවා නම් වැඩ.... (ස)
දී Friday, 15 November 2013 11:37 PM
පුදුම වැඩ(දී)
දෙනෙත් Friday, 15 November 2013 11:37 PM
බදු ගන්න තරම් වටිනවාද? (දී)
appu Saturday, 16 November 2013 12:34 AM
චීනා කොහාමත් බදු දීමට රුසිය .ඔය අපේ රටටත් නොයකුත් දේවල් බදු දෙනනේ . (දී)
සංජු Saturday, 16 November 2013 03:58 PM
මම තීරණය කළා මගේ හාමිනේව බද්දට දෙන්න. ඕනෑ අය ඉන්නවා නම් කියන්න (නි)
කුමාර Thursday, 14 November 2013 01:24 AM
ලංකාවේ අය චීනේ බෞධ රටක් කියා උදම් අනනවානේ, මේ කරන්නේ සදා චාරය විනාශ කරන පව් කාර වැඩක්, ඉතින් ලංකාවේ බෞදයොත් එක උඩින්ම පිළිඅරන් කරුණු පළකිරීමෙන් පේන්නේ ඔව්න් තුල ඇති කාමුක පාපයේ සොභාවයය්. කුමාර්. (දී)
ජේන් Wednesday, 13 November 2013 04:48 PM
අනේ ලංකාවෙත් මේ සේවය දෙන්න කෝ. මරු. (ස)
මෙන්ඩිස් Wednesday, 13 November 2013 05:35 PM
චීනයේනේ ඉන්න තිබුනේ! (නි)
චමිලා Wednesday, 13 November 2013 05:40 PM
අනේ ලංකාවෙත් මේ සේවය දෙන්න (නි)
ආතා Wednesday, 13 November 2013 06:16 PM
වයසක මටත් පුලුවන්ද මේකට අයදුම් කරන්න ? (නි)
පෙත්තා Wednesday, 13 November 2013 07:42 PM
ආතෝ, ප්‍රශ්නයක් නැහැ. වැඩේ ෂුවර්.දාන්න..දාන්න.. (නි)
අබ්දුල් Wednesday, 13 November 2013 07:46 PM
මමත් දැන්මම දානවා දැන්වීමක් (නි)
ගාමිණී -සිරි Wednesday, 13 November 2013 08:46 PM
පටපිළි විකුණලා, දත් ගලවලා,ලෝකයේ සැරිසරපු චීන්නු හොඳ, හොඳ අලුත් සෙල්ලම් පෙන්නලා ලෝකයම ආක්රමනය කිරීමට උත්සාහ කිරීම එක්තරා අභියෝගයක් බලනකොට... (නි)
සහන Wednesday, 13 November 2013 09:47 PM
දැන් හැම දේම බද්දට තියෙනවානේ ........... (දී)
ලංකා Thursday, 14 November 2013 12:46 AM
මරු මරු මරු.. දානවා මාත් දැන්ම එකක්.... (දී)
ග්‍රෙනාඩ් Wednesday, 13 November 2013 04:31 PM
වාසනාවන්ත චීන කොල්ලෝ. (ස)
සුභා Thursday, 14 November 2013 01:54 AM
බද්දට හෝ විකිනීමට වෙයි තව ටික දවසකින් (දී)
තුෂාර Thursday, 14 November 2013 01:54 AM
ඔය කතා හොදයි ක්පොන්ද බැදපු චිනන්ට (දී)
නිලුපුල් Thursday, 14 November 2013 06:50 AM
මේ පෙත්තා, ඔයා අර අහවල් පෙත්තාද ? (නි)
ලුම්බිණි Thursday, 14 November 2013 08:18 AM
චීන්නුන්ට ගානක් ලැබෙනවා නම් මොනවද නොකරන්නේ. අනික අපි හැම දෙයක්ම දැන් කරන්නේ චීන විදියට නිසා වැඩිකල් නොගිහින් ඕවා මෙහෙදී බලා ගන්න පුළුවන්. (නි)
සාරධා Thursday, 14 November 2013 08:47 AM
බොහොම හොද ස්ව්යං රැකියාවක්. නියමයි ඔහොම යනකොට තව මොන මොන දේවල් කරයිද දන්නේ නැහැ.(නදී)
අයි.කේ.එස්. චන්ද්‍රසිරි Thursday, 14 November 2013 09:54 AM
ලෝක විනාශය. (අසිනි වැස්ස) (ස)
රොෂාන් Thursday, 14 November 2013 10:23 AM
පටිට පට පට යමු චීනෙට .... (ස)
රූමි Thursday, 14 November 2013 10:45 AM
මාත් මේ වැඩේට කැමති. හැබයි හාමිනේ ගෙන් තමා පුරස්නේ (ස)
සජිත් Thursday, 14 November 2013 11:30 AM
දැනට තිබෙන බෞද්ධ රටවල් බුද්ධාගමෙන් එලියට ගිහිල්ලා ඇත්තටම සත්‍ය බුදු දහමක් ලංකාවේ තියා කිසිම තැනක දැන් නැහැ.(නදී)