පාකිස්තානයේ ‘තරීක් ඊ තලේබාන්’ සංවිධානයේ සටන්කාමී නායක හකිමුල්ලා මෙෂූඞ් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් මිය යන්නට ඇතැයි පාකිස්තාන බුද්ධි අංශ සැක පළ කරයි.
පාකිස්තාන බුද්ධි අංශ මේ බව පැවැසුවේ තලේබාන් සටන්කාමීන්ගේ රේඩියෝ පණිවුඩවලට හොරෙන් ඇහුම්කන් දීමෙනි.
හකිමුල්ලා මෙෂූඞ් තවත් තලේබාන් ජ්‍යෙෂ්ඨයන් ද සමඟ උතුරු වසිරිස්තානයේ, ඇෆ්ගන් දේශසීමාවේ මිරන්ෂා නගරයට රිය පෙරහරකින් යමින් සිටිද්දී ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එම රියපෙරහරට පහර දී ඇතැයි එම රේඩියෝ පණිවුඩවල සඳහන් වූ බව පාකිස්තාන බුද්ධි අංශ වැඩි දුරටත් කියා සිටියි.
කෙසේ නමුත් තම නායකයා මිය ගියැයි පාකිස්තාන තලේබාන් සටන්කාමීන් නිල වශයෙන් පිළිගෙන හෝ ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකර හෝ නැත.
හකිමුල්ලා මෙෂූඞ් පාකිස්තානයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වූ අයෙකි. පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් රැසක් සිදු කළේ ඔහුය. පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ද අල් කයිඩාව සමඟ සමීප සබඳතා පවත්වන බවට නිරන්තරයෙන් චෝදනා එල්ල වී තිබේ.
මෙෂූඞ්, තලේබාන් සංවිධානයේ නායකත්වයට පත්වූයේ 2009 වසරේදීය. ඒ, ඔහුට පෙර නායකත්ය දැරූ බයිතුල්ලා මෙෂූඞ් නියමුවන් රහිත ඩ්‍රෝන ප‍්‍රහාරයකින් මිය යෑමෙන් පසුවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තානයේ තලේබාන් නායක හකිමුල්ලා මෙෂූඞ් මියගියැයි සැක