පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරී, දැඩි රැකවල් මැද පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (8) ඉන්දියාවට පැමිණි අතර, නවදිල්ලි අගනුවරදී අගමැති මන්මෝහන් සිං හමුවී දිවා භෝජන සංග‍්‍රහයකට ද එක් වූයේය.
පාකිස්තාන ජනාධිපති සර්දාරී, ඉන්දියාවට පැමිණියේ නවදිල්ලියට නිරිතදිගින් පිහිටි මුස්ලිම් දේවස්ථානයක් වන්දනාමාන කිරීමේ අරමුණින්ය. 2005 වසරෙන් පසු පාකිස්තාන ජනපතිවරයකු ඉන්දියාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙයයි.
එක් දින සංචාරයකට ජනාධිපති සර්දාරී ඉන්දියාවට පැමිණෙන බව ඉකුත් සතියේ දැනුම් දීමත් සමඟ ඔහු සාදරයෙන් පිළිගැනීමට පමණක් නොව දිවා භෝජන සංග‍්‍රහයකට ආරාධනා කිරීමට ද ඉන්දීය අගමැති මන්මෝහන් සිං තීරණය කළේය. පාකිස්තාන ජනපතිවරයා ඉන්දීය අගමැති සිං හමුවූයේ ඒ අනුවය.
රාජ්‍ය නායකයන්ගේ එම කෙටි හමුව දෙරටටම ඉතා වැදගත් බවත් ඉන්දු/පාකිස්තාන සබඳතා ශක්තිමත් කරගැනීමට එය හේතු වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙය පාකිස්තාන ජනපතිගේ පෞද්ගලික සංචාරයක් මෙන්ම ආගමීක සංචාරයක් බවත් රාජ්‍යතාන්ති‍්‍රක කටයුතු ගැන සාකච්ඡුා පැවැත්වීමට කාලවේලාවක් ලැබුණේද යන්න සැක සහිත යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ වසර අගදී පාකිස්තානයේ සංචාරයක් සඳහා පැමීණීමට පාකිස්තාන ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිවරයාට, මෙම සංචාරය අතරතුර ඇරියුම් කරනු ඇතැයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දීය සංචාරය සඳහා පාකිස්තාන ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා, එරට අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මාන් මලික් ඇතුළු නියෝජිත පිරිසක් පැමිණි බව වාර්තා වේ.
ඉකුත් වසරේ, පාකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානී ඉන්දියාවට පැමිණියේය. ඒ, ලෝක කුසලාන කි‍්‍රකට් තරගය නැරැඹීමටය. එම අවස්ථාවේදී ද ඉන්දු/පාකිස්තාන සබඳතා තර කර ගැනීමේ අරමුණින් අගමැති ගිලානී, ඉන්දීය අගමැති සිං හමුවී සාකච්ඡුා පැවැත්වීය.
එම හමුව ඵලදායී වුවත් 2008 වසරේදී ඉන්දු/පාකිස්තාන සබඳතා මුළුමනින්ම අඩපණ විය. ඒ, පාකිස්තානයේ කි‍්‍රයාත්මක ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය සටන්කාමීන් මුම්බායි නගරයට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය. මුම්බායි ප‍්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම ප‍්‍රහාරයෙන් පසු පාකිස්තාන ජනපති සහ අගමැති, ඉන්දීය අගමැති සිං හමුවූයේ විදෙස් රටවලදී ඉන්දියාවත් පාකිස්තානයත් සහභාගී වූ උත්සව සහ සමුළු අතර මැදදීය.
දෙරට අතර ඇති ‘විරසකය’ අවසන් කිරීමටත්, ද්වීපාර්ශවික සබඳතා තර කර ගැනීමටත් එම අවස්ථාවලදී සාකච්ඡුා පැවැත්වුණු නමුත් ඒවා ඵලදායී නොවිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තාන ජනපති සර්දාරි ඉන්දියාවේ එක්දින සංචාරයක