X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පාප්තුමා ආසියාවේ

තම ආසියා සංචාරය ආරම්භ කරමින් පළමුවන ෆැන්සිස් පාප්වහන්සේ පසුගියදා දකුණු කොරියාවට පැමිණියහ.

දකුණු කොරියාවට කතෝලික සභාවේ උත්තරීතරම නායකයා පැමිණ ඇත්තේ වසර 25 කට පසුවය.

උන්වහන්සේ පිළිගැනීමට දහස් ගණන් දකුණු කොරියා ජාතිකයෝ මග දිගට පෙළ ගැසී සිටියහ.

වාර්තා වන ආකාරයට තමන්ට ගමනේ යෙදීමට කොරියාවේ සාමාන්‍යය ජනතාව භාවිතා කරන කුඩා මෝටර් රථයක් ප්‍රමාණවත් වන්නේ යැයි පාප්වහන්සේ දැඩිව අවධාරණය කර තිබෙන අතර මෙනිසා වෙඩි නොවදින විසල් මෝටර් රථයක නොව කුඩා හුරුබුහුටි මෝටර් රථයක උන්වහන්සේ ගමන් කරනු දැකගත හැකි විණ.

කතෝලික සභාවේ පියතුමන්ලා සාමාන්‍ය වාහන භාවිතා කරද්දී තමන්ට වැඩි සැළකිලි අවැසි නැතැයි උන්වහස්සේගේ මතයයි.මෙනිසා පෙර සිටි පාප්වහන්සේලා මෙන් නොව ජනතාවට වඩාත් සමීප වීමට උන්වහස්සේට හැකිව ඇත.

‘‘ජනතාවගේ පාප්වහන්සේ‘‘ ලෙස උන්වහන්සේව හැදින්වේ.

වතිකාන ආරංචි මාර්ග වලට අනුව පාප්වහන්සේගේ දකුණු කොරියා සංචාරයේ අරමුණ දකුණු කොරියාවේ කතෝලික සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමයි.

පසු අවස්ථාවකදී සියොල් නගරයේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජාවක්ද පැවැත්වීමට නියමිතව ඇතැයි සඳහන්ය.

උතුරු හා දකුණු කොරියාව අතර ඇතිව තිබෙන අර්බුදය ගැනද විමසා බැලීමට උන්වහන්සේ අදහස් කරගෙන සිටින බව පැවසේ.කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියා බළධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට ගත් උත්සාහයන් අසාර්ථකව ඇත.

උතුරු කොරියාව පාප්වහන්සේගේ පැමිණීම නිමිත්තෙන් සිදුකළේ කෙටි දුර මිසයිල අත්හදා බැලීමක යෙදීමයි.උන්වහන්සේ පැමිණීමට පෙර එක් වරකුත් පැමිණි පසු තවත් වරකුත් ලෙස අවස්ථා 2 ක දී උතුරු කොරියාව මිසයිල අත්හදා බැලු බව දකුණු කොරියා ආරක්ෂක අංශ කියයි.

දකුණු කොරියා ජනපති පාක් ජින් හයේ සමග පැවැති හමුවේදී පාප්වහන්සේ කියා සිටියේ ‘‘කොන් කිරීමක්,විවේචනය කිරීමක්,හා බලය භාවිතා කිරීමක්‘‘ නොමැති රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති වන්නේ නම් ලෝකයේ සාමය පවත්වා ගැනීම ගැටලූවක් නොවන බවයි.

ආසියා සංචාරයේ පියවරක් ලෙස එළැඹෙන ජනවාරි මාසයේදී උන්වහන්සේ ශ්‍රී ලංකාවටද පැමිණීමට නියමිතය.

1408004320572_wps_8_Pope_Francis_bottom_cente 1408004649616_wps_12_Pope_Francis_gets_into_a_ 1408009196824_wps_4_epa04352872_South_Korean_ 1408029348099_Image_galleryImage_SEOUL_SOUTH_KOREA_AUGUST_



අදහස් (0)

පාප්තුමා ආසියාවේ

ශ්‍රීලාල් Saturday, 16 August 2014 01:02 PM

දෙවු පියාණන්ගේ ආදරය ලොවට බෙදන අපගේ ආදරණිය නායකයන්ට මගේ ගෞරවය පුදකරමි. (නි)

:       0       0

දුමිතු Saturday, 16 August 2014 02:49 PM

අපගේ ප්‍රණාමය. (අ)

:       0       0

දුම්මලසූරිය Saturday, 16 August 2014 02:54 PM

අපගේ උත්තරීතර නියමුවාණනි...ඔබගේ යහපත් සිතුවිලි ජන හදවත් තුලට කාවැද්දීමට ඔබට හැකිවේවා...(අ).

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​ Saturday, 16 August 2014 08:30 PM

මෙලෙසම ලංකාවට ඒමට එතුමානන්ට නිරෝගි සුව දේව ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

දිල්ෂාන් Sunday, 17 August 2014 12:29 AM

ඔබතුමාට දිගාසිරි වේවා! (නි)

:       0       0

ශෙහාන් Sunday, 17 August 2014 06:18 AM

පපා ප්‍රැන්සිස්කෝ මම ඔබට ආදරෙයි. (නදී)

:       0       0

කොස්වත්ත Sunday, 17 August 2014 08:52 AM

ඔබගේ සිතුම් පෙතුම් තුලින්, මම අප දෙවිදුන් දකිමි (දී)

:       0       0

ජීවන්ත Sunday, 17 August 2014 10:47 AM

ජේසු පිහිටයි (දී)

:       0       0

සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 11:36 AM

දුප්පත් කම දන්නා , දේශපාලනය නොකරන , අවංක සිතින් ක්‍රිස්තු දරමය අනුව කටයුතු කරන කෙනෙක් ෆ්‍රැන්සිස් පාප් තුමා , ඔබගේ සිනහව තුලින් දකිනා ආලෝකයත් අපිට සිසිලය , ඔබට දිර්ගායුෂ (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 17 August 2014 04:20 PM

අපිටත් අපේ රටට අවශ්‍ය මෙවැනි ආගමික නායකයන් , සියලුම ලෝක වාසින් සමග සාමය සහජීවනය පතුරුවන , අපේ ආගමික නායකයන්ට මොහුගෙන් ඉගෙන ගන්නට බොහෝ දේවල් තිබේ (ස)

:       0       0

අබේරත්න Tuesday, 19 August 2014 12:01 AM

ඔබතුමාට සියළු දෙවි රැකවරණයි! (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 10:09 AM

මම බුදු දහම අදහන කෙනෙක්මි. මගේ දුටු පාප් වහන්සේලාගෙන්, මෙතුමාට හිමිවන්නේ පළමුවැනි ස්ථානයයි. ඒ මෙතුමාගේ නිහතමානිකම සහ කරුණාවන්තකම නිසයි. (නි)

:       0       0

වියන්ගොඩ Wednesday, 20 August 2014 05:25 PM

මෙතුමා ලංකාවට සම්ප්‍රාප්ත වෙනවා කියන්නේ, ලංකාවට ලොකු ආශිර්වාදයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site