ප‍්‍රදේශයේ ඇති ජලය ආසනික් මිශ‍්‍රවී දූෂිත වුවද කිසිදු ආපදාවකින් තොරව එම ජලය භාවිතා කරනා මිනිසුන් කොට්ඨාශයක් ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ.
වයඹ දිග ආර්ජන්ටිනාවේ අන්දීස් කදු පන්තිය ආසන්නයේ සැන් ඇන්ටෝනියෝ දෙ ලොස් කොබ්රෙස් නම් ගම්මානයේ ජීවත් වන මෙම පුද්ගලයෝ ආසනික් මිශ‍්‍ර ජලය භාවිතා කරන්නේ කිසිදු ගණනක් නැතිවය.එම ජලයේ ආසනික් අන්තර්ගතද යන්න පවා ඔවුන් නොදනී.
ආසනික් ස්වල්ප ප‍්‍රමාණයක් හෝ ශරීරගතවීම යනු පෙනහලූ,හෘදය,වකුගඩු හා අක්මාව වැනි අවයවයන්ට ඉතා හානිකර වන්නක් වන අතර ඉහළ ආසනික් සාන්ද්‍රණයක් අභ්‍යන්තර රුධිර වහනය වීම්, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට විනාශ වීම,මොළය අර්ධ වශයෙන් කි‍්‍රයාකාරීව පවතින කෝමා තත්ත්වයකට අදාළ පුද්ගලයාව පත්කිරීම ආදී තත්ත්වයන් ඇතිකිරීමට හේතුවේ.
ආසන්න වශයෙන් එක් වසරකදී පුද්ගලයින් ලක්ෂ 1370 ක් පමණ ආසනික් ශරීරගතවීම නිසා විවිධ රෝගාබාධ වලට ලක්වන්නෝය.
නමුත් සැන් ඇන්ටෝනියෝ ගම්මානයේ ජීවත් වන වැසියන්ට ආසනික් මිශ‍්‍ර ජලය භාවිතා කළා යැයි ඉහෙන් බහින රෝගයක් නැත.
ගම්වැසියන් සතු මේ අපූරු හැකියාව පිළිඹද පර්යේෂණ කර තිබෙන විද්‍යාඥයින් පවසන්නේ ඔවුන්ගේ ජාන සැකැස්මේ තිබෙන එක් සුවිශේෂී ජානයක් මෙම හැකියාව ඔවුනට ලබාදී ඇති බවය.
මීට වසර 10000 කට පමණ ඉහතදී පවා මෙම ප‍්‍රදේශයේ ජලයේ ආසනික් සාන්ද්‍රණය ඉහළ මට්ටමක තිබී ඇති බවට සාක්ෂි ලැබී තිබෙන බවත් එවන් පරිසරයක ජීවත් වීමට මිනිස් සිරුර අනුවර්තනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද දිනයේ මෙම ජානය ඔවුන්ගේ ජාන සැකැස්මට ඇතුළත්ව තිබෙන බවත් ඔවුන් කියයි.
ඇතැම් කෘමි සතුන් ඔවුන්ව විනාශ කිරීම සදහා යොදාගන්නා පළිබෝධ නාශක වලට කාලයක් ගතවීමේදී ස්වභාවිකවම ප‍්‍රතිරෝධයක් දක්වන්නා සේම මෙහිදී සැන් ඇන්ටෝනියෝහි වැසියෝ ආසනික් වලට ප‍්‍රතිරෝධයක් දක්වන තත්ත්වයට පත්ව ඇතැයි විද්‍යාඥයින් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාසානම් වතුර බිව්වත් ඉහෙන් බහින ලෙඩක් නැතිලු
දුමින්ද Thursday, 05 March 2015 05:27 AM
ඕක මොකක්ද අපේ ජාන වසර 67ක්ම ඕන දේශපාලන දහ-ජරාවක්ම දිරවා ගන්නේ (නදී)
යහම්පත් Thursday, 05 March 2015 01:24 PM
අපේ ලංකාවෙත් දංකොටුව සඳ ලංකාව පැත්තේ මිනිසුන් වස බොන්නේ , කසිප්පු කියා ඔවුනුත් බොන්නේ මාරාන්තික වස , එහෙත් ජිවත් වනවා (බ)
ශීල Thursday, 05 March 2015 04:40 PM
අර රජරට වකුගඩු ප්‍රශ්නයට උත්තරයක්. ඔන්න ඔය කට්ටිය ටික දෙනෙකුට පුරවැසිබව දීලා රජරට පැත්තේ පදිංචි කරන්න.ටික කලක් යද්දී ඔය ජාන මෙහෙටත් ගන්න පුළුවන්. (නි)