පැරීසියේ සිදුවූ ත්‍රස්තවාදි ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හදුනා ගෙන ඇති ඬේඒස් ත්‍රස්තවාදි කණ්ඩායමේ මස් වැද්දා ලෙස හදුන්වන බෙල්ජියම් ජාතික අබ්ඩෙල් හමීඞ් අබයුඞ් බදාදා ප්‍රංශ පොලිස් කමාන්ඩෝ කළ මෙහෙයුමේදි මිය ගොස් ඇති බව ප්‍රංශ වේලාවෙන් සවස 14.50ට ප්‍රංශ අගමැති මැනුවෙල් වාස් පාර්ලිමේන්තුවේදි නිවේදනය කළේය.
නිවේදනයෙන් පසු ප්‍රංශ පාර්ලිමේන්තුව අත් පොලසන් හඬීන් ගිගුම් දුන්නේය.
බදාදා කළ සෝදිසි මෙහෙයුම සිකුරාදා ප්‍රහාරයට ලක්වූ බැටැක්ලැන් ශාලාව ඉදිරිපස කුනු කූඩයක තිබූ ජංගම දුරකථනයක තොරතුරු ඔස්සේ සිදුවිය. එම මෙහෙයුමෙන් පිරිමි 7 ක් හා කාන්තාවක් ලෙස 8 දෙනකු අත් අඩංගුවට ගැනුණු අතර පිරිමියකු හා ගැහැණියක් මරුමුවට පත්වුහ. මියගිය කාන්තාව පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිය දිවිහානි කර ගත් අතර හස්නා අයිට්බුලාහාචෙන් ලෙසින් ඇය හදුනා ගෙන ඇත. ඇය 1989දී පැරීසියට නුදුරින් පිහිටි කිලිචී ලා ගැරොන් හී උපත ලබා ඇත්තේය. මියගිය අනෙකා අබ්ඩෙල් හමීඞ් අබයුඞ් ලෙස හඳුනා ගෙන ඇත.
පැරිස් ප්‍රහාරයේ මහ මොළකරුගේ පෙම්වතිය වන ඇය සිරියාවේදි ත්‍රස්ත පුහුණුවීම් ලැබු තැනැත්තියකි. ඔවුන් සියලූ දෙනා ප්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපළට හෝ පැරීසියේ වානිජ නගරය වන පුංචි නිව්යෝර්ක් ලෙස හදුන්වන ලා ඩිෆෝන්ස් හී ප්රහාරයන් සිදුකිරීමට සුදානමින් සිටි බව ප්‍රංශ රහස් තොරතුරු පවසයි.
කෙසේ නමුදු සිරියාවේ සිටින බව පුන පුනා පැවසූ අබ්ඩෙල් හමීඞ් අබයුඩ් ප්‍රංශයට පැමිණියේ කෙසේද යන්න ප්‍රංශ ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කරමින් සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැරිස් ප්‍රහාරයේ මහ මොළකරු මියයයි
අතුල Thursday, 19 November 2015 03:40 PM
මේ අය අපායෙම ඉපදේවා.(හේ)
සිතුම් Thursday, 19 November 2015 03:41 PM
හොද වැඩේ.(හේ)
මහින්ද Thursday, 19 November 2015 03:44 PM
හොද වැඩේ.(හේ)
පිටිගල මිලානෝ Thursday, 19 November 2015 04:06 PM
මෙවන් උන්මත්තකයින්ට උණ්ඩ එන්නත් කල යුතුය.(ස)
සිංහ Thursday, 19 November 2015 04:13 PM
ප්‍රබාකරන් මැරුණහම අපිටත් ඔයවගේ සතුටක් දැනුනා (බ)
ප්‍රභාත් කුලතුංග Thursday, 19 November 2015 04:29 PM
ආගම ආයුදයක් කරගෙන මෙවැනි වැඩ කරන තිරිසනුන් අතුගා දැමිය යුතුයි. කිසිම ආගමක් වෙන කෙනෙකුට හිංසා කරන්න උපදෙස් දීල නැහැ (බ)
සුනිල් ගිකියනගේ Thursday, 19 November 2015 05:43 PM
ලස්සන ගෑණු ළමයෙක් හිත කොහොම ගල් වූනාද මන්දා.සත්තිකුම්භ ජාතකය මතක්වුනා (ස)
නන්දලාල්-ප්‍රංශය Thursday, 19 November 2015 06:47 PM
පොලිසිය පහරදෙන අවස්ථාවේ බියගුළු ලෙස, බෝම්බ කබාය පුපුරවාගෙන දිවි හානිකරගත් ගැහැණිය ගැන කතාකරනවිට ප්‍රංශ රූපවාහිනී නාලිකා, ශ්‍රී ලංකාවේ කලකට පෙර බෝම්බ කබා, බෝම්බ පටි පිහිටෙන් මරාගෙන මැරෙන කොටි ත්රස්තවාදීන්ගේ කටයුතු ගැනත් කීමට අමතක කළේ නැහැ. කෙසේවුවත් උත්සව සමය අතළඟ එන මේ මොහොතේ මහජනයා පොලිසිය සහ රජය ගත් තීරණ නිසා බියක් සැකක් නොමැතිව එදිනෙදා කටයුතු වල යෙදෙමින් සිටිනවා. (නි)
සුරියආරච්චි ස්ටැන්ලි Thursday, 19 November 2015 06:58 PM
අපි ඔබට ස්තූතිවන්ත වනවා එසැණින් ඉක්මනින් අපට තොරතුරු සපයනවාට (නි)
බමුණු ආරච්චි Thursday, 19 November 2015 11:52 PM
සතුටුදායක ආරංචියක්. හැබැයි අපිට ත්රස්තවාදීන් ගහනකොට ප්‍රංශය මොකුත් කීවුවේ නැහැ නේද? (නි)
සම්පත් Friday, 20 November 2015 02:49 AM
අත්අඩංගුවෙන් පැනලා යන්න හදන්න ඇති. කොහොම වුණත් අපි නම් කියන්නේ මේක ජිනීවා අරන් යන්න ඕනෑ (නි)
අජිත් නානායක්කාර Friday, 20 November 2015 10:58 AM
සුනිල් මල්ලි සත්ති කුම්භ ජාතකය පොඩ්ඩක් මතක් කරන්න බැරිද ? පාඨකයාගේ දැන ගැනීම පිණිස කරන පිංකමක් . (ස)