X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


පිටසක්වලින් සංඥා ඇවිත්

ආලෝක වර්ෂ 5.5 ක දුරක සිට පෘථිවිය කරා ළඟාවී තිබෙන ගුවන්විදුලි තරංග ස්පන්ද 7 ක් පිටසක්වල ජීවයක් පවතී යන සැකය තවත් තීව‍්‍ර කරවීමටත්,විද්‍යාඥයින් අහස පොළව ගැටලන ගැටලූවක අතරමං කරවීමටත් සමත්ව තිබේ.

 ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි පාර්ක්ස් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් තරංග 6 කුත් පුවටෝ රිකෝ හි පිහිටි අරෙසිබෝ අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් එක් තරංගයකුත් බැගින් මෙම තරංග ස්පන්ද 7 අනාවරණයව තිබේ.

2007 වසරේදීද මෙවැනිම ගුවන්විදුලි තරංග ස්පන්දයක් අනාවරණය වුනු අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයින් අවසානයේ සොයාගත්තේ එම ස්පන්දයට අභ්‍යාවකාශය තරණය කර පෘථිවිය කරා ළගාවීමට වසර ගණනාවක් ගතව තිබෙන බවයි.එනිසා එයට ලැබුනේ අඩු වැදගත්කමකි.

නමුත් මෙවර එම ස්පන්ද නිකුත්වූ මොහොතේම වාගේ ඒවා ග‍්‍රහණය කරගැනීමට පාර්ක්ස් හා අරෙසිබෝ දුරේක්ෂ සමත්ව තිබේ.

මෙම ස්පන්ද කවරකින් නිකුත්වූ ඒවාදැයි නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකිරීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකිව නොමැත.ගැමා කිරණ විහිදුමකින්,අධික ගුරුත්ව බලයක් තිබෙන තරුවකින් නිකුත්වූ කිරණ විහිදුමකින් මෙවැනි ගුවන්විදුලි තරංග ස්පන්දයන් ඇතිවිය හැකි බව පවසන ඔවුන් එසේ වුවත් ඒ බව නිසැකවම තහවුරු කරගැනීමට සාක්ෂි මද බව කියයි.

පිටසක්වලින් ලැබුණු පණිවුඩයක් ලෙස මෙම ගුවන්විදුලි තරංගයන් හඳුන්වාදෙන පිරිසක්ද සිටී.

මෙම රේඩියෝ තරංගය වසර බිලියන 5.5 ක පමණ දුර සිට පැමිණෙන්නට ඇතැයි පූර්ව නිගමනයකට පැමිණෙන්නට හේතුවී තිබෙන්නේ මව් ප‍්‍රභවයෙන් පිට වීමේදී තරංගය සතුවූ ශක්තිය පෘථිවිය කරා ළගාවීමේදී හානිවී තිබෙන බවක් හඳුනාගැනීමට හැකිව තිබීමය.එම හානිවීම සැළකිල්ලට ගෙන තරංගය ආලෝක වර්ෂ 5.5 දුරක සිටවත් පැමිණෙන්නට ඇති බව විද්‍යාඥයින් කියයි.

එසේ නමුත් එහි මව් ප‍්‍රභවය පිහිටා ඇති තැන සොයාගැනීමට අපහසුවී තිබේ.

විද්‍යාඥයින් පවසන්නේ ඉතා කෙටි කලකින් එයද සොයාගැනීමට හැකිවනු ඇති බවයි.තමන් බලාසිටින්නේ තවත් ගුවන්විදුලි තරංගයක් පෘථිවිය කරා ළගාවන තෙක් බවද එය ළඟාවූ වහාම එහි ප‍්‍රභවය සොයාගත හැකිසේ පිරික්සුම් උපකරණ සකස් කර තිබෙන බවද ඔවුන් පවසයි.



අදහස් (0)

පිටසක්වලින් සංඥා ඇවිත්

මධූ Sunday, 25 January 2015 02:59 AM

ශානක, ඔයා පොඩිකාලෙ සිටම මොළය සේදූ ළිං මැඩියෙක් කියලා පේනවා. කවදාවත් පිටසක්වළ ජීවියෙක් හොයාගන්න බැහැ කිවවොට, ලංකාවට වැටුනු උල්කාවකින් සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් හමුවූ සජීවී ඩයටම කොටස් මඟින් පිටසක්වල ජීවය ඇති බවට ප්‍රභල සාක්ෂියක් හමුව අවසානයි. (නි)

:       0       0

ගුණේ Friday, 23 January 2015 05:28 AM

මේ තරංග ලංකාවේ ඉන්න දේසපාලකයන්ට එවන තරංග. අපේ දේසපාලකයෝ දැන් ගනුදෙනු කරන්නේ පිට සක්වලත් සමගයි. පිට සක්වල ඉඩම් හා නිවාස සංකීර්ණ වල මිල ගණන් සොයා බලනවා. (අ)

:       0       0

ඉන්දික Friday, 23 January 2015 10:34 AM

අර මුලින් නැතිවෙච්ච මැලේසියානු යානයේ තරංග එන තැන හොයාගන්න බැරි අය ආලෝක වර්ෂ 5.5 ඈත තියෙන ඒවා හොයනවා(දිල්)

:       0       0

ශානක Friday, 23 January 2015 07:28 PM

අපිට එක දෙවිකෙනයි ඉන්නේ. එයාව කවූරුත් මැවූවෙ නැහැ (නි)

:       0       0

අමිල ගමගේ Saturday, 24 January 2015 01:21 AM

ශානක, එතකොට දෙවියන් මැවුවේ කවුරුන්ද? (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 24 January 2015 02:30 AM

දෙයියෝ මැව්වෙ ශානක (නදී)

:       0       0

සඳා Saturday, 24 January 2015 02:44 AM

මොකද අපිට වෙන්න යන්නේ (නදී)

:       0       0

සෑම් Saturday, 24 January 2015 04:01 AM

දෙයියෝ සාක්කි (නදී)

:       0       0

වික්‍රම Saturday, 24 January 2015 07:07 AM

අපේ මන්දාකිනිය විතරක් ග්‍රහලෝක බිලියන 400 සහ සූර්යයන් බිලියන 144ක් තියෙනවා කියල දැනට සොයාගෙන තියෙනවා . අපේ මන්දාකිනිය වගේ තව මන්දාකිනි බිලියන ගණනක් තියෙනවා. දැනට සොයාගෙන තියෙන මුළු සූර්යයන් ගණන 40 යි. පිටසක්වල ජීවින් නැති බව හිතන ලිං ගෙම්බනේ තව සිතන්නට ප්‍රඥාව පහළවේවා (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Saturday, 24 January 2015 01:59 PM

ශානකට ඉන්නේ එක දෙවියයි. ඒ දෙවියෝ මැවුවේ සල්ලි. ශානකව මවලා තියෙන්නේ ඒ දෙවියන් කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

ශානක Saturday, 24 January 2015 09:19 PM

දෙවියෝ මැවූවේ නැහැ කවුරුවත්. අමිල,ප්‍රසාද්, ඔය දෙන්නාට ඉක්මනට දෙවියෝ ඕනෑ වෙනවා. මම දන්නේ එච්චරයි. කවදාවත් පිටසක්වළ ජීවියෙක් සොයාගන්න ලැබෙන්ටන් නැහැ. (නි)

:       0       0

ඉන්දික Friday, 23 January 2015 03:30 AM

ශානක කව්ද එතකොට දෙවියෝ මැව්වේ? (නදී)

:       0       0

චතුර Sunday, 25 January 2015 03:21 AM

ශානක වගේ අයගේ ඔලු ගෙඩි සුද්දකළත් එයාලා මේවා විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

සිරිසෝම Sunday, 25 January 2015 09:59 AM

ඇත්තටම පිටසක්වල ජීවින් ඉන්නවද?(හේ)

:       0       0

ලාල් Sunday, 25 January 2015 01:30 PM

මැවුම්කරුට අපහාස කරන ඇමීබාවන්ට කමාව ලැබෙන සේක්වා. (නදී)

:       0       0

රවී Sunday, 25 January 2015 05:58 PM

මේ විශ්වයේ ඕනෑතරම් ජීවින් ඉන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඕවා හොයන්න ගිහින් වටිනා මිනිස් කාලය නාස්ති කරන්න එපා කියලයි. ධර්මය අවබෝධ කරන්න කාලය යොදවන්න කියලයි. එහෙම නේද? (නි)

:       0       0

ශානක Sunday, 25 January 2015 06:21 PM

ලාල් ඔයා හරියටම හරි. මාත් කියන්නේ එ්කම තමා (නදී)

:       0       0

අප්පුහාමි Sunday, 25 January 2015 06:58 PM

ලාල්, අපහාස කරන අය මැව්වෙත් ඔය මැවුම්කරුම තමයි. (නි)

:       0       0

එරංග Monday, 26 January 2015 03:29 AM

මෙහි අදහස් පළකළ සියලු දෙනාම ලාංකිකයෝ වීම නිසා මේ අදහස් ගැන පුදුම නොවෙමි. (නි)

:       0       0

රසිකා Monday, 26 January 2015 03:49 AM

හසන්, ඔබ කෙසේද පවසන්නේ පිටසක්වල ජීවින් නැත යනුවෙන්. බුදු දහම අධ්‍යනය කරන්න. මේ විශ්වයේ පවතින වෙනත් ග්‍රහ ලෝක තුල ජීව කොට්ටාශ ඇති බව ඔබට තහවුරු කරගත හැකියි. දේව මැවීම් සහ මිත්‍යා මත තුලින් මිදෙන්න. තෙරුවන් සරණයි.! (නදී)

:       0       0

දුමින්ද Monday, 26 January 2015 09:34 AM

ඔබ තුළින් ලෝකය දැක ගන්න විශ්වය සෙවීම නිරර්ථක ක්‍රියාවකි (බ)

:       0       0

රනිල් Thursday, 22 January 2015 04:27 AM

ඉන්දික, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 21 January 2015 08:47 AM

අපේ මුතුන් මිත්තෝ එහි ඉන්නවද දන්නේ නැහැ. (නදී)

:       0       0

රූපවතී Wednesday, 21 January 2015 10:12 AM

ඔයාල දැක්කද? අර ඇමරිකාවේ ප්ලොරිඩා වල ඇවිදින "ගල් ගෙඩි " ඉන්ටෙර්නෙට් එකෙන් සර්ච් කරලා බලන්න (නදී)

:       0       0

නුවන් Wednesday, 21 January 2015 10:41 AM

රුපවති,ඔය ඇවිදින ගල් ගෙඩි සිද්දිය කාලගුණ විපර්යාසයක් නිසා සිදුවෙන බව දැන් හොයාගෙන තියෙනවා! (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 21 January 2015 02:55 PM

රූපවතී අක්කා කියන්නේ ගල් ඉබ්බෝ ගැනද? (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 21 January 2015 06:16 PM

රූපවතී, දැන්වත් ඔය ළිඳේ ඉන්න ගෙම්බන්ගෙන් මිදිලා ගොඩට එන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 January 2015 10:47 PM

ඇමරිකාවෙ නම් රූපවතීට ඊටවඩා දෙයක් තියෙනවද නේද? (නි)

:       0       0

නිර්වාන් Wednesday, 21 January 2015 11:35 PM

කොහොම වුණත් හොඳ ආරංචියක්. (නි)

:       0       0

ඉන්දික Thursday, 22 January 2015 03:30 AM

නිර්වාන්, ඒක හොඳ ආරංචියක් වෙන්නේ කොහොමද? ආලෝකයේ වේගෙන් ගියත් අවුරුදු 5.5ක් යනවා.එතකොට සාමාන්‍ය අභ්‍යවකාශ යානයකින් ගියොත් කොච්චර කාලයක් යයිද? එතකොට ඒකෙන් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

වලිසුන්දර Thursday, 22 January 2015 04:14 AM

අනේ මට ඒ ලින්ක් එක දාන්නකෝ බලන්න. ඇමරිකාවේ ඒවා බලන්න ආසයි (නි)

:       0       0

හසන් Wednesday, 21 January 2015 08:46 AM

මීට ප්‍රථම මම මෙවැනි දේකට ප්‍රතිචාර දැක් උවෙමි. පිටසක්වල ජීවීන් නොමැත. සියළුම මැවීම් ගැන දැකගත හැකියි (නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 22 January 2015 04:27 AM

ජීවින් සොයාගත හොත් ,දේව විස්වාස ආගම් වලට කුමක්ද වෙන්නේ ?(දිල්)

:       0       0

නලින් Thursday, 22 January 2015 04:59 AM

හොද්දක් බතක් උයාගෙන කාලා නිදාගනිල්ලා මිනිසුනේ...ළිඳේ ඉන්න ගෙම්බා ටැප් එක ළඟ ඉන්න ගෙම්බාට වඩා සතුටින් ඉන්නවා (නි)

:       0       0

සිරිල් මාලදිවයින Thursday, 22 January 2015 06:38 AM

එතකොට කියාවි අපේ දෙවියො තමයි ඒකත් මැව්වෙ කියල. අනික මුළු විශ්වයම මැව්වෙ එයාලු. (බ)

:       0       0

බෙන්තොට Thursday, 22 January 2015 09:23 AM

බොරු වෙන්න ඇති. මීට කලින් කිව්වා ග්‍රහ ලෝකයක් පෘතුවියට එනවා කියල. එක තල්ලු කලේ කොහාටද කියලා කිව්වේ නැහැ. අවධානය ගන්නද කොහෙද එක එක ඒවා කියනවා (දිල්)

:       0       0

ජයත් Thursday, 22 January 2015 10:55 AM

රුපවති මැතිනියට කියන්න තියෙන්නේ ඔය ගල් ගෙඩි ගැන ඔයාම කියන ඉන්ටෙර්නෙට් එකෙන්ම බලන්න කියල විතරයි . එකේ මොනම අද්බූත දෙයක්වත් නැහැ නුවන් හරි (අ)

:       0       0

ජයේ Thursday, 22 January 2015 03:18 PM

බුදු හාමුදුරුවෝ ඔය හැම දෙයක් ගැනම කියල තියෙනවා. බන ටිකකුත් අහල ඇත්ත තේරුම් ගනිල්ලා. තවත් ජීවින් විශ්වයේ ඕන තරම් ඉන්නවා. මේක බලන හැමෝටම බුදු සරණයි (නදී)

:       0       0

ශානක Thursday, 22 January 2015 11:05 PM

මිනිස්සු බොරුව පසුපස යනවා.දෙවියෝ විතරයි ඇත්ත. (නි)

:       0       0

ශානක Thursday, 22 January 2015 11:26 PM

මුළු විශ්වයම මැවූවේ දෙවියෝ තමයි. ඒක පිළිගන්නේ නැති කෙනාට බොහොම ඉක්මනට දෙවියෝ ඕනෑ වේවි. (නි)

:       0       0

චින්තක Friday, 23 January 2015 03:10 AM

වසර බිලියන 5.5 කට කලින් නොවේ. ආලෝක වර්ෂ 5.5 ක දුර. ඒ කියන්නේ ආලෝකයේ වේගයෙන් එන නිසා වසර 5.5 කට කලින් නිකුත් වූ එකක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site