X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පිටින් පිරිමියා ඇතුලෙන් ගැහැනියක්

ස්ත්‍රී හා පුරුෂ ලිංගික පද්ධති දෙක ම පිහිටි ද්විලිංගික පුද්ගලයකු චීනයෙන් හමුවී ඇත. වයස අවුරුදු 44 ක විවාහකයකු වූ ඔහු තම බඩේ අමාරුවකට ප්‍රතිකාර ගැනීමට සිය බිරිඳ සමග වෛද්‍යවරයා හමුවූ අවස්ථාවක දී මේ බව හෙළිවී තිබේ.

චීනයේ ෂිජින් පළාතේ ජීවත්වන මේ පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ විට පෙනීගොස් ඇත්තේ ඔහු පුරුෂ ලිංගේන්ද්‍රයක් හා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් පිහිටා ඇති බවයි. ඔහු සිය බිරිඳ සමග වසර 10ක් පමණ අඹු සැමියන් ලෙස ගතකැර තිබේ.

වෛද්‍යවරු පවසන්නේ ඔහුගේ ජනනේන්ද්‍රිය අනෙක් පුරුෂයන්ට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා බවයි.

චීනයේ යුන්ජ්කැන්ග් හි ෆස්ට් පීපල්ස් රෝහල   ප්‍රකාශකයකු කියා සිටියේ චෙන් නමැති මේ පුද්ගලයා ස්ත්‍රියක් යැයි කිව නොහැකි බවයි. පිරිමින්ගේ ඇඳුම් අඳිමින් කොණ්ඩය කොටට කපා සිටින මේ පුද්ගලයා ස්ත්‍රියක් ලෙස නොපෙනෙයි.

ඔහු වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ තමා නිතරම ක්ලාන්ත ගතියකින් පෙළුණු බවයි. එමෙන් ම සිය දෙපා හා මුහුණ නිතරම ඉදිමෙන ස්වරූපයක් වූ බව ද හෙතෙම කියා ඇත. මුත්‍රා සමඟ රුධිරය පිටවීම හේතුවෙන් යම් වරදක් ඇතැයි පෙනීගිය බව ද ඔහු පවසයි.

ඔහුගේ උදරයේ ගර්භාෂය සහ ඩිම්භ කෝෂ ද පිහිටා ඇති බව සීටී පරික්ෂණයකින් තහවුරු කැරගෙන ඇත.

වර්ණදේහ පරීක්ෂා කිරීමේ දී ඔහුට ඇත්තේ ස්ත්‍රී වර්ණදේහ බව ද තහවුරු වී ඇතැයි වෛද්‍යවරු කියති. වෛද්‍ය මතය වන්නේ මේ ආකාරයේ අන්තර් ලිංගික මිනිසුන් උත්පාදනයෙන් ස්ත්‍රීන් වුව ද කායිකව පිරිමින් මෙන් ක්‍රියා කරන බවයි. මොවුන් ද්විලිංගිකයෝය. ඔවුහු ඩිම්බ සහ ශුක්‍රාණු දෙක ම නිපදවති.

කෙසේ වෙතත් චෙන් අපතින්ම අධිවෘක්ක අතිප්ලාස්මීයතාව නැමැත ප්‍රවේණිගත රෝගයෙන් පෙළෙන බවත් මේ හේතුවෙන් පුරුෂ ලිංගික හෝමෝන මට්ටම ඉහළ යන බව ද දැනගන්නට ඇත.

woman 1



අදහස් (0)

පිටින් පිරිමියා ඇතුලෙන් ගැහැනියක්

පිටබැද්දර ජයා Monday, 28 July 2014 06:33 AM

මොනතරම් වාසනවන්ත් මිනිහෙක්ද ?(අ)

:       0       0

ගාමිණී - සිරි Monday, 28 July 2014 07:45 AM

හෙළිදරව්වක් නොකර,පුරා වසර 10 ක් රණ්ඩු සරුවල් නොකර, දික්කසාදයක් නොවී එකට පවුල් කෑ චීන නංගී උත්තරීතර භාර්යාවක්! (නි)

:       0       0

ජෝන් Monday, 28 July 2014 08:45 AM

කියන්න වදන් නැහැ , අහන්න කෙනෙකුත් නැහැ (නි)

:       0       0

විපුල Monday, 28 July 2014 08:52 AM

මේ දවස් වල ලංකා/බන්දුලටත් මේ ලෙඩේම හැදිලා.පුදුම කතා කියන්නේ. (නි)

:       0       0

කින් බෙනට් Monday, 28 July 2014 09:53 AM

පින්තුරයක් දාන්න බැරිද අපිට මොන වගේද බලාගන්න.. (දී)

:       0       0

කින් බෙනට් Monday, 28 July 2014 09:57 AM

මේ මනුස්සයට මොන තරම් හොඳ ව්‍යාපාරයක් කරගන්න තිබුනද පහුගිය කාලේ .. දැන් නම් වයස වැඩි හින්ද අමාරු වෙයි ..ආදායම් මාර්ගයක් අතේ තිබිලත් තේරුම් ගන්න බැරි උන කෙනෙක් ... (දී)

:       0       0

විජිත බුලත් සිංහල Monday, 28 July 2014 04:37 PM

මේවා වෙන්නේ පෙර කරන ලද පවු වලට මිසක් පිනට නෙමේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site