පිලිපීනයේ සෙබු නගර සත්ත්වෝද්‍යානය වෙත යන්නෙකුට ‘‘පිඹුරු‘‘ සම්භාහනයක් ලබා ගැනීමට අවස්ථාව ඇත.
සේවා සැපැයීමට ඉදිරිපත්ව සිටින්නේ මිශෙල්,වෝල්ටර්,ඊජේ සහ ඩැනියෙල් යන පිඹුරන් සිව්දෙනාය.
අත්හදා බැලීමට කැමති සංචාරකයෙකුවේ නම් ඔහු මුලින් බිම දිගා කරවන සත්ත්වෝද්‍යාන සේවකයෝ ඔහුගේ ඇග මත පිඹුරන් එකා පිට එකා තබති.
පිඹුරන් එහා මෙහා ඇදෙද්දී ඔවුන්ට යටව සිටින්නාගේ සිරුර ‘‘සම්භාහනය‘‘ වේ.
බොහේ සංචාරකයින් මෙම සම්භාහන විදිය අත්හදා බැලීමට කැමැති බව සදහන්ය.එය අත්හදා බැලූවවුන් පවසන්නේ සැබෑ සම්භාහනයක් මෙන් සුවයක් තමන්ට ලැබුණු බවයි.
ඒකෙසේ වුවත් පිඹුරන් දෙතුන් දෙනෙකු තම ඇග උඩ නළියනු දැකීම සිත තිගැස්මට පත්කරවන්නක් බව ඔවුහු කියති.
සම්භාහනයට ප‍්‍රථමයෙන් සේවකයින් පිඹුරන් හා හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් රාශියක් සංචාරකයින් වෙත ලබා දේ.ක්ෂණික ඉරියව් වෙනස් කිරීම් වලින් වැළකී සිටීම,පිඹුරාගේ දේහය ඇල්ලීමට උත්සාහ නොකිරීම ආදී උපදෙස් ඒවාට ඇතුළත්ය.
හදිසියේවත් සේවාදායකයා ගිල දැමීමට පිඹුරු සම්භාහකයා පෙළඹවීම වැලැක්වීම සඳහා සම්භාහන වාරයකට පෙර එම සතුන්ට කුකුළන් 10 පමණ කන්නට දීම සේවකයින්ගේ සිරිතය.
එසේවුවත් මේ දක්වා පිඹුරන් සංචාරකයින්ට කිසිදු හානියක් සිදුකර නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිඹුරු සම්බාහනය පිලිපීනයේ
ගුණේ Friday, 23 May 2014 03:26 PM
සරත් කතාව සහතික එත්ත,පිලිපීන කෙල්ලෝ ගෑනු මිනිස්සු කියන්නේ දත් දොස්තරලා,හැබැයි මෙයාල හරි හොදියි (අ)
ගයාන් ප්‍රදීප් Wednesday, 28 May 2014 11:55 AM
පිඹුරු සම්බාහනය විතරද තියෙන්නේ? (ස)
සෑම් Tuesday, 27 May 2014 08:31 PM
ඉල ඇට බිඳින්නේ නැතුව සම්බාහනය කළොත් හොඳයි. (නි)
ජයරත්න Tuesday, 27 May 2014 05:24 AM
මේ වගේ දේවල් නිසා අපේ මිනිස්සු අමාරුවේ වැයෙිද දන්නේ නැහැ.(නදී)
ප්‍රසන්න Tuesday, 27 May 2014 12:53 AM
"පිඹුරන් එහා මෙහා ඇදෙද්දී ඔව්න් ට යට වී සිටින්නා ගේ සිරුර සම්භානය වේ ""(ස)
පහන්දී Monday, 26 May 2014 06:22 PM
පිලිපින්නු , සරත්ගේ දත් කියක් ගලවල තියෙනවද.....? (නදී)
සිතිජ පානදුර Monday, 26 May 2014 05:48 PM
මොන ජරාවක්ද මේ දකිනකොටත් හිරිකිතෛ බැහැ (අ)
රොහාන් ගල්ගමුව Monday, 26 May 2014 04:34 PM
පිස්සු නැත්නම් ෂෝක් නේද අනේ (නදී)
රොහාන් Monday, 26 May 2014 04:33 PM
පිස්සු නැත්නම් ෂෝක් නේද මෙයා (නදී)
මංජු Monday, 26 May 2014 11:08 AM
වැඩි ඇතක නැහැ ඔය අහිංසක සතුන්ට කියල මරා ගන්ඩ උන්ට උන්ගේ පාඩුවේ ඉන්ඩ දෙන්නේ නැතුව (නදී)
නිමල් පෙරේරා Monday, 26 May 2014 09:40 AM
හරියට කිචි ඇතිනේද. (නදී)
කැළුම් Sunday, 25 May 2014 02:45 PM
නියමයි! (නදී)
කුමාරි Sunday, 25 May 2014 01:28 PM
හොඳයි මේ සත්තු මේ විදියටම මිනිසුන්ට හිංසාවක් නොකරනවා නම්.(නදී)
තරංග Sunday, 25 May 2014 12:39 PM
අනේ මම නම් හරි ආසයි. අපේ රටේ ඕවා නැහැනේ.(නදී)
මධුදර්ශනී Saturday, 24 May 2014 09:39 PM
මේකව ඇඟට දන්නා කලින් අපි මැරිලා තියේවි මේ මොන අප්‍රසන්න දෙයක්ද.(අ)
ගාමිණී Saturday, 24 May 2014 12:01 PM
නියම වැඩේ මමත් යන්න ඕනේ පිබුරු සම්බහනයට . හරිම ලස්සන සතුන් (දී)
දුම්මලසූරිය Thursday, 22 May 2014 09:11 PM
ඇග කිලිපොලා යන දර්ශනයක්.....අම්මෝ ඔහොම සම්බාහන මොකටද? අර ගම කතාවක් තියෙන්නේ ...හැමදාම තම ගම බිරිදට පහර දීපු ගමරාල මියගියාට පස්සේ ගුටිනොකා ඉන්නකොට ඇගට දැනුන අමාරුව මකාගන්න වංගෙඩිය ලවා ඇග තලවා ගත්ත ගමබිරිදක් ගැන...අන්න ඒ වගේ කාටහරි කියල ගුටි ගස්සවා ගන්න එක ඔය පිබුරු මසාජ් (අ)
දයානෙත්ති Friday, 23 May 2014 03:00 PM
මොන ජරාවැඩක් ද මේ (අ)
ජයම්පති Friday, 23 May 2014 01:45 PM
අපෝ මොන හිරිකිත වැඩක්ද ? (ස)
චන්දන Friday, 23 May 2014 01:44 PM
ලෝකෙ ඉන්න හැමෝම කරන දේවල් අපිට වැඩක් නැහැ. මසාජ් ඕන නිකම් ඉන්න අයට. (ස)
දෑල Friday, 23 May 2014 11:59 AM
පිලිපින්නු සල්ලි වලට ඕන දෙයක් කරලා දෙයි (අ)
අමිල Friday, 23 May 2014 10:15 AM
මේක ටික දවසක් නැගල යයි, කවුරුහරි පිඹුරෙක් හිරකරලා මරනකල්. (ස)
නිශාන්ත ඩුබායි Friday, 23 May 2014 09:48 AM
පිස්සු මනස්ගාත වලට කැමති අය ලෝකේ කොහෙත් ඉන්නවා. මේවා මේ සරල සුන්දර ජීවිතේ ගලා යාමට පටහැනි දේවල්. මේක විශ්වයේ සුන්දර පැවැත්මටත් හානියක්. සාමාන්‍ය මනසේ නොගැලපීමක් තියෙන මිනිස්සු මේවා සංවිධානය කරනවා. මගේ රටට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි. (ස)
සරත් Friday, 23 May 2014 04:14 AM
පිලිපීන ගැහැණු දත් ගලවන්න නම් හරි දක්ෂයි. අනෙක් හරිය නම් මම දන්නේ නැහැ. (නි)
ශාන්ති Friday, 23 May 2014 03:44 AM
ඇයි දෙවියනේ,කාටද ඔහොම බය නැතුව ඉන්න පුළුවන්? (නි)
ප්‍රවීන් Friday, 23 May 2014 01:09 AM
පිලිපිනු කොහොමත් නයි ,පිබුරෝ සම්භානය කරන්න හරි දක්ෂයි. (ස)
වසන්ත ජයකොඩි Friday, 23 May 2014 12:27 AM
බය හිතෙනවා (ස)
ජීවා Friday, 23 May 2014 12:02 AM
ඊයා මේ මොන ජරාවක් ද
නසාර් Thursday, 22 May 2014 10:35 PM
ඒ රටේ පිඹුරව ගිලින මිනිසුන් ඉන්නේ .............. (ස)
නසාර් Thursday, 22 May 2014 10:28 PM
කේලම් කියලා බැනුම් අහන වැඩක් , (ස)
රොහාන් අම්පිටිය Thursday, 22 May 2014 09:45 PM
පිඹුරට තියෙන සැප (අ)