X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


පුදනකොටම කාපි යකා

සංචාරක ව්‍යාපාරයත් අභ්‍යාවකාශයට ගෙනයෑමට උත්සාහ කරන සමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරය සඳහා නිර්මාණය කළ පළමු යානය පසුගියදා පරීක්ෂණ ගමනක යෙදෙමින් තිබියදී පුපුරා විනාශ විය.

මව් යානයෙන් ගුවනේ ඉහළට යෙන යනු ලැබුණු අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශය වෙත යෑමට නිදහස් කළ අවස්ථාවේදී පිපිරී ගියේය.යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වහා තම පැරෂූටය කි‍්‍රයාත්මක කරවා යානයෙන් ඉවතට පැන ජීවිතය ගලවාගත්තද ගත්තද අසුන් පටියකින් අසුනට සිරවී සිටි අනෙක් නියමුවාට එවන් වාසනාවක් නොවීය.

විනාශවූ යානයේ සුන්බුන් වැස්සක් මෙන් පොළවට ඇද හැලූණු බව සිද්ධිය දුටුවෝ කියති.

යානයේ විනාශයට හේතුව රොකට්ටුවේ වූ දෝෂයක් බවට සැකකෙරේ.

අභ්‍යාවකාශය ජයගැනීම සම්බන්ධයෙන් වර්ජින් ගැලැක්ටික් පාලනාධිකාරිය හා එහි ඉංජිනේරුවන් අතර මත ගැටුම් ඇතිවෙමින් තිබුණු බව ප‍්‍රසිද්ධ රහසකි.පාලනාධිකාරියට අභ්‍යාවකාශ සංචාරය ඉක්මනින්ම ආරම්භ කිරීමට අවැසි වූවත් ඉංජිනේරුවන්ගේ අදහස වී තිබුණේ අභ්‍යාවකාශ යානා නිර්මාණය සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදුකළ යුතුව ඇතැයි යන්නයි.

මේ මත ගැටුම නිසාම ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් සමාගමෙන් ඉල්ලා අස්ව ගොස් ඇතැයි සදහන්ය.

වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරයේ යෙදීමට කැමැති අයට මේ වන විට ටිකට්පත් විකුණාද අවසන් අතර ඒවා මිලයට ගෙන ඇත්තේ ලෝක ප‍්‍රකට සිනමා හා ගී තරුය.එක් ටිකට් පතක් ඩොලර් දෙලක්ෂ පණස්දහසක මුදලකට මිල කර තිබුණි.

මධ්‍යස්ථ මත දරන්නන් පවසන්නේ අභ්‍යාවකාශ සංචාරය යනු නව සංකල්පයක් හෙයින් ආරම්භයේදී මෙවැනි අනතුරු අපේක්ෂා කළ යුතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වර්ජින් ගැලැක්ටික් සමාගම තවමත් ප‍්‍රකාශයක් හෝ නිකුත් කර නොමැත.

 



අදහස් (0)

පුදනකොටම කාපි යකා

කලීල් බංඩාරවෙල Sunday, 02 November 2014 12:40 PM

මේ ගමන් යන අයට දෙවියන්ගෙම පිහිටයි (නදී)

:       0       0

සෑම් Sunday, 02 November 2014 01:27 PM

ෂා අපරාදේ මගේ ටිකට් එකේ සල්ලි (නදී)

:       0       0

කපුරුගුරුන්නාන්සේ Sunday, 02 November 2014 02:19 PM

ගන්දබිබ තත්වයට පත් වෙන්න කැමති අය මෙම ගමනට සහභාගී වෙත්වා (නදී)

:       0       0

යහම්පත් Sunday, 02 November 2014 02:42 PM

තවම අජටාකාශ තාක්ෂණය අතින් ඇමරිකාව සිටින්නේ රුසියාවට වඩා පසුපසින්. එහෙත් එය නොපෙන්වා, නොයෙකුත් දේවල් ඉක්මනින් කිරීමට යාමේදී සිදුවන දේවල් මේවා. (නි)

:       0       0

සෙනරත් Sunday, 02 November 2014 05:29 PM

අභ්‍යවකාශ තරණය වෙනුවෙන් කරන අත්හදා බැලීම් යැයි කියමින් මිනිස් ජීවිත විනාශ කිරීමට රුකුල් දෙන ආයතන වලට විරුද්ධව නැඟී සිටීමට මානව හිමිකම් සංවිධාන යැයි කියා ගන්නන් ඉදිරිපත් නොවන්නේ ඇයි? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 02 November 2014 11:15 PM

කවුද දන්නේ මේක ඉංජිනේරුවන් හිතාමතාම කළ වැඩක්ද කියලා (නි)

:       0       0

අනුෂා Monday, 03 November 2014 03:05 AM

අපේ ඇමති මණ්ඩලේට මේ සංචාරයට අවස්ථාව ලබා දෙමු අපේ සල්ලිවලින් උනත් කමක් නෑ. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 03 November 2014 04:00 AM

සල්ලි කාරයන්ට මොනවා කරන්න බැරිද. (නදී)

:       0       0

බණ්ඩාර Monday, 03 November 2014 02:07 PM

යහම්පත්, ඔයා දන්නා දේවල්... (ර)

:       0       0

කින් බෙනට් Monday, 03 November 2014 04:15 PM

යහම්පත් ... ඇමරිකාවට තියෙන්නේ තවම අවුරුදු 400 ක විතර ඉතිහාසයක් ... ඒ රටේ මිනිස්සු හැමදේම ඉක්මනින් කරලා තමයි අද ඒ රටයි මේ ලෝකේ අනිත් සියලු රටවලුයි පොඩි කාලයක් ඇතුලත මෙච්චර ඉදිරියට ගෙනල්ල තියෙන්නේ .. දැන් බලන්නකෝ අපේ රටට අවුරුදු කී දාහක ඉතිහාසයක් තියෙනවද ? නමුත් මේ දවස් වල අපි මොනවද කරන්නේ ... බිම හාර හාර පරණ වලන් කටුයි , මැටි කාසියි හොයනවා ඇරෙන්න ..(අ)

:       0       0

ප්‍රනාන්දු Monday, 03 November 2014 09:47 PM

කින් බෙනට් ,ඇමරිකාව තව වසර 50 කින් ලෝකයේ පරාජිත දේශයක් වන්නේය.නමුත් අප ශ්‍රී ලංකාව සියලුම දේවල් හැකි පමණින් රැකගෙන ඉදිරියටම යන්නේය (නි)

:       0       0

නිශාන්ත,ඇමෙරිකා Monday, 03 November 2014 09:51 PM

ඇමෙරිකාව ඒවා බලාගනීවි. කාගෙන්වත් ණය අරගෙන පුතාලා ලෝකේ වටේ යවන්න ඇමෙරිකාව හදන්නේ නැහැනේ! (නි)

:       0       0

ෂෙනාලි Tuesday, 04 November 2014 01:34 AM

විවේචනය, විවේචනය. ඔය කාටවත් පුලුවන්ද ඔය වෙච්ච් දේට විසඳුමක් දෙන්න ? අන්තිමේදී ඕක විසඳා ගන්නෙත් ඔය උත්සාහ වන්තයෝම තමයි. (නදී)

:       0       0

කින් බෙනට් Tuesday, 04 November 2014 07:06 AM

ප්‍රනාන්දු ... දෙ‍ෙවඥයෙක් වගේ පේන්නේ... දෛවඥයට මරු විකාර පේන්න පටන් අරන් වගේ... ඔයා ඔය කියන කතා වලට සිංහලෙන් කියන්නේ විහිළු කරනවා කියල ...ප්‍රනාන්දුත් අවුරුදු 50 කින් නෙමෙයි පුළුවන් වුනොත් තව අවුරුදු 5 ක් යද්දී ඇමරිකාවේ ඉඳි කියලයි මට හිතෙන්නේ ....මොන විසා වලින්ද කියන එක ලංකාවට මදිකමක් හින්ද මෙතන මම කියන්නේ නෑ...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site