ඉතාලියේ මධ්‍යධරණී මුහුදේ පිහිටි ගිග්ලියෝ දූපත අසල කොරල් පරයක හැපී කොන්කෝඩියා නමැති සුඛෝපභෝගී නැව පෙරැළුණු අවස්ථාවේදී තමා නැව අතැර පලාගියබවට නගන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව අනියම් මිනීමැරුම් චෝදනාවලට ලක්ව සිටින එම නැවේ කපිතාන්වරයා පෙරේදා(17) කියා සිටියේය.
කපිතාන්වරයා ඒ බැව් ප‍්‍රකාශ කළ අවස්ථාව වන විට නාවික අනතුරින් මිය ගිය තවත් පුද්ගලයන් පස් දෙනකුගේ මළ සිරුරු ගොඩ ගැනීමට හැකි වූ බවත් ඒ සමගම අනතුරින් මිය ගිය ගණන 11 දක්වා ඉහළ ගොස් ඇති බවත් සහන සේවා කණ්ඩායම් කියා සිටියේය.
නැව අනතුරට ලක්වීමෙන් අනතුරුව එහි කපිතාන්වරයා වූ ෆ‍්‍රැන්සෙස්කෝ ෂෙටීනෝ (52) සමග සිදු කළ දුරකථන සංවාදයක් ඉතාලි වරාය අධිකාරිය විසින් පටිගත කර ඇති අතර එම සංවාදයට අනුව නැව අනතුරට පත් වූ අවස්ථාවේදී වෙරළාරක්ෂක අංශ මගින් නැවෙන් පිටවීමට උත්සාහ ගත් කපිතාන්වරයාට අනතුරට පත් නැව වෙත ආපසු යන ලෙස දන්වා ඇති අතර ඔහු එම නියෝග නොසලකා හැර ඇත.
නැව අනතුරට ලක්වීම සම්බන්ධයෙන් නීතිවේදීන් විසින් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති අතර එහිදී, නැව කොරල් පරයේ ගැටුණු අවස්ථාව වන විට තමා සුක්කානම් මැදිරියේ සිටි අතර පසුව නැව ඇලවීමත් සමග තමන් මුහුදට වැටුණු නිසා තමාට නැවට ගොඩවීමට නොහැකි වූ බව කපිතාන්වරයා පැවසූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දිවි ගැලවීමේ මෙහෙයුම්වල නිරත සහන සේවා කණ්ඩායම් පවසන්නේ තවමත් පුද්ගලයන් 24 දෙනකු අතුරුදන්ව ඇති බවය. අයහපත් කාලගුණික තත්වයක් පැවතිය ද අතුරුදහන් වුවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති.
කොන්කෝඩියා නැව අනතුරට පත්වීමේදී දිවි ගලවාගත් අය අතර 1912 ටයිටැනික් නෞකාවේ අනතුරින් දිවිගලවාගත් අයෙකුගේ මිණිබිරියක සිටින බව ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙරැළුණු නැව අතහැර ගියැයි කරන චෝදනා කපිතාන් ප‍්‍රතික්ෂේප කරයි