පෙරුගුවේ නව ජනපති ෆ්‍රෙඞ්රිකෝ ෆ‍්‍රැන්කෝට ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව තහනම් කිරීමට කලාපීය රාජ්‍ය නායකයෝ ඊයේ (25) තීරණය කළහ.
ලතින් ඇමෙරිකා කලාපයට අයත් පෙරුගුවේ රාජ්‍යයේ ජනපති ධුරය හෙබවූ ෆර්නාන්දු ලූගෝ බලයෙන් නෙරපා බලයට පත්ව සිටින්නේ ෆ‍්‍රැන්කෝය.
ලූගෝට බලයෙන් ඉවත් වීමට සිදුවුණේ මීට දින කීපයකට පෙර ලූගෝට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟය.
එය කුමන්ත‍්‍රණයක් වුව ද පාර්ලිමේන්තුවේ තීරණයට හිස නමා තමා ධුරයෙන් ඉවත් වූ බව ෆර්නාන්දු ලූගෝ ප‍්‍රකාශ කළේය.
ලතින් ඇමෙරිකා කලාපයට අයත් වෙනිසියුලාවේ ජනපති හියුගෝ චාවේස් එකහෙළා පවසා ඇත්තේ ලූගෝගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුවූ බවය. පෙරුගුවේ රාජ්‍යයට තෙල් සැපැයීම ද වෙනිසියුලාව මේ වනවිට තවතා දමා තිබේ. ඉඩමක් අත්කර ගැනීමේදී පොලිසිය සහ ගොවීන් පිරිසක් අතර ගැටුම් ඇති කළ බවට ද ලූගෝ චෝදනා ලැබ පෙරුගුවේ ජනතාවගේ අප‍්‍රසාදයට ලක් වී සිටී. මීට සතියකට පමණ පෙර හටගත් එම ගැටුම්වලින් ගොවියෝ 17 දෙනෙක් මියගියහ.
පෙරුගුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ලූගෝ ධුරයෙන් බවත් වීමත් සමඟ නව ජනපතිවරයා ලෙස උප ජනපති ෆ්‍රෙඞ්රිකෝ ෆ‍්‍රැන්කෝ පත් විය.
බලයෙන් පහ කෙරුණු ලූගෝ හිටපු කතෝලික බිෂොප්වරයකු මෙන්ම උග‍්‍ර වාමාංශික මතධාරියෙක්ද වෙයි. ලූගෝගේ එදිරිවාදියකු වන ෆ්‍රෙඞ්රිකෝ ෆ‍්‍රැන්කෝ මධ්‍යස්ථ මතධාරියෙකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙරුගුවේ නායකයාට ලතින් සමුළුව තහනම්