X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


පොත් කියෙව්වොත් මොළේට හොදයි

කෙනෙකු පොතක් ආසාවෙන් කියවූවේනම් එයින් ලැබුණු තෘප්තිය දින ගණනක් පුරාවට මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතු වෙතියි ඇමරිකාවේ ඇට්ලැන්ටාහි එමොරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ  පිරිසක් කියති.

ළමයි 12 දෙනෙකු තෝරාගෙන ඇති පර්යේෂකයන් පිරිස ඔවුන්ට දින 19 ක් පුරාවට ප‍්‍රකට නවකතාවක් කියවීමට අවස්ථාව ලබා දී ඇති අතර එම දින 19 අතරතුරදී වරින් වර එම ළමයිගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය චුම්භක අනුනාද පරිලෝකන යන්ත‍්‍රයක් (එම්.ආර්.අයි) නිරීක්ෂණය කර තිබේ.

‘‘අපට හදුනාගත හැකි වුනා පොත කියවද්දී ඔවුන්ගේ මොළයේ දකුණු අර්ධගෝලයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ යනවා කියලා.විශේෂම දේ එය නොවේ.දින 19 ඇතුළත අප ඇතැම් අවස්ථා වල පොත කියවීමට අවස්ථාවක් නොදීම ඔවුන්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වයන් නිරිීක්ෂණය කළා.පුදුම දෙයක්,ඔවුන්ගේ මොළයන් පෙර පොත කියවන අවස්ථාවේම වගේ කි‍්‍රයාකාරීවයි පැවතුනේ.මෙයින් අපට පැහැදිලි වුනා හොද පොතකින් ලබන තෘප්තිය එක් දිනක් පමණක් පවතින්නක් නොවන බව.ඒක තෘප්තියකටම විතරක් සීමා වෙන්නේත් නැහැ.මොළයේ කි‍්‍රයාකාරීත්වයත් ඉහළ නැංවීමට සමත් වන්නක්‘‘ යැයි පර්යේෂක කණ්ඩායමේ ප‍්‍රධානී මහාචාර්ය ග්‍රෙගොරි බර්න්ස් පවසයි.

තර්කන හා භාෂණ හැකියාවට බලපානුයේ මොළයේ දකුණු අර්ධ ගෝලයයි.

පෙර සිදුකෙරුණු පර්යේෂණයන්ගෙන් පොතක් කියවන විටදී මොළයේ සිදුවන වෙනස්කම් පිළිඹද සොයාබලා ඇති මුත් පොතක් කියවීමෙන් පසු මොළයේ සිදුවන වෙනස්කම් පිළිඹද පර්යේෂණයක් මෙසේ කෙරී ඇත්තේ පළමු වතාවටය.

‘‘හොද පොතක් කියවද්දී අප නොදැනුවත්වම එහි කථානායකයාගේ තත්ත්වයට වැටෙනවා.මුලින් අප විද්‍යාඥයන් සිතා සිටියේ මෙය කියවන්නා තමන්ව පොතෙහි කතා නායකයා හා සංසන්දනය කර ගැනීමක් වගේ දෙයක් හැටියට.නමුත් දැන් එසේ නොවන බවකුයි පෙනේන්නට තිබෙන්නේ.පොත කියවද්දී මොළයේ වෙනස්කම් රාශියකුත් සිදුවෙනවා ඒවා පොතෙහි කතානායකයා හා කියවන්නාව හොදින් බැද තබාගන්නවා‘‘ මහාචාර්ය බර්න්ස් කියයි.

පර්යේෂක පිරිසගේ මිළග උත්සාහය මෙම ඉහළ නැංවෙන කි‍්‍රයාකාරිීත්වය දිගුකල් පවත්වාගත හැක්කේ කෙසේදැයි සොයාබැලීමය.



අදහස් (0)

පොත් කියෙව්වොත් මොළේට හොදයි

ශාන් Monday, 30 December 2013 02:16 AM

පොත් කියවනවා වගේම ලංකාවේ පෙන්වන හොඳ ටෙලිනාට්‍ය වලිනුත් යහපත් සිතිවිලි මිනුසුන් තුල ඇතිවනවා. හොඳ කලාකරුවකුට, මාධ්‍යවේදියෙකුට, ගත් කතුවරයෙකුට තමන්ගේ හැකියාව මගින් මේ ලෙස සමාජයේ ලොකු වෙනසක් කරන්න පුළුවන්.(නදී)

:       0       0

අරුණ Monday, 30 December 2013 10:50 AM

කියවීම පාසල් දරුවන්ට අනිවාර්‍ය කලයුතු අතර , අතර අදීක්ෂන කාලපරිච්ඡේදයක් අනිවාර්‍ය කළයුතුම වෙනවා.(නදී)

:       0       0

සුමාලි Monday, 30 December 2013 04:49 PM

අද සිදු වෙන්නේ නැතිම දේ තමා මේක. ප්‍රතිචාර වලින්ම ඒක ඔප්පු වෙලා තියනවා නේද? (ත)

:       0       0

චාන්දනී Tuesday, 31 December 2013 09:40 AM

හොද පොතක් කියවීම හොද යාළුවෙක් හා සිදු කරන සංවාදයක් වගේ හරිම මිහිරි දෙයක්.(නදී)

:       0       0

පසිදු Tuesday, 31 December 2013 11:50 AM

ඕක ඇත්ත ඉස්සර ගජමෑන් පත්තර කියවන කොට මම ඕක අත්දැක්ක(ත)

:       0       0

සුභාෂිනී Tuesday, 31 December 2013 02:57 PM

පොත් කියවීම ජාතික කාර්යක් හැටියට සිතමින් දරුවන් අතර කියවීමේ රුචිය වැඩි කිරීමට කටයුතු කල යුතුයි. රූපවාහිනිය ළඟ ඉඳගෙන අනුන්ගේ පවුල් ජීවිතවල ආරවුල් රසවිඳින අම්මල තාත්තල දවසකට එකපාරක් වත් ළමයින්ට ඇහෙන්න පොතක් කියවනවද අපේ රටේ ? (නදී)

:       0       0

චන්ද්‍රිකා Wednesday, 01 January 2014 11:38 AM

කෙනෙකුගේ පරිනතබාවය මැනිය හැක්කේ ලබාගෙන තියෙන අධ්‍යාපන සුදුසුකම් වලට වඩා කියවන්න තියෙන පොත්වල ප්‍රමාණය සහ තත්වය මතයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site