පුස්තකාලයෙන් ලබා ගත් පොතක් යළි භාරදීමට අතපසු කිරීම නිසාවෙන් සිරගෙදරට නියම වී සිටින තරුණයෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙනි.
ජෝරි එන්ක් නම් වන මේ තරුණයා තම අධ්‍යන කටයුතු වලට 2010 වසරේදී ප්‍රදේශයේ පුස්තකාලයෙන් ලබා ගෙන ඇති පොතක් යළි භාරදීම අතපසු කිරීම නිසාවෙන් මෙසේ සිරගෙදරට නියම වී සිටී.
පුස්තකාලයට පොතක් භාරදීමට අතපසු වීම යනු සිරගෙදරට යැවීමට තරම් වරදක් යැයි සිතීම විහිලූවක් වැනි වුවත් එසේ පොත් ආපසු භාරදීමට අපොහොසත්වන්නවුන් නිසාවෙන් ප්‍රදේශයේ පුස්තකාලවලට අධික වියදමක් දරා යළිත් නව පොත් මිලයට ගැනීමට සිදුවී ඇති තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මෙසේ පොත් භාරදීමට අතපසු කරන්නවුන්ටත් නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ඇතිකිරීමට බළධාරීන්ට සිදුවූ බව ජෝරිට දඩුවම් නියම කළ විනිසුරුවරයා කියයි.
මෙසේ දැඩි දඩුවම් පමුණුවන්නේ පොතක් භාරදිය යුතුයැයි පුස්තකාලයෙන් කරන දැනුම්දීම් හිතාමතාම නොසළකා හරින පුද්ගලයින්ට පමණක් බවත් ඔහු පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොත බාර නොදුන් තරුණයා සිර ගෙට
නන්ද Monday, 04 November 2013 11:23 AM
නියමයි. කැම්පස් එකේ කට්ටියටත් දෙන්න ඕනි. සමහරු පොත් අරගෙන ගියහම මාස ගානක් තියාගෙන ඉන්නවා ........ (ස)
රාජිත Monday, 04 November 2013 12:20 PM
ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)
අජිත් කරුනාරත්න Monday, 04 November 2013 01:02 PM
අනේ අම්මේ ඔය නීතිය නම් ලංකාවට ගේන්න එපා. එහෙම වුනොත් අපේ විශ්ව විද්‍යාල ළමයින් ගෙන්ම හිර ගෙවල් පිරෙයි.(නදී)
ඉන්දු - මෙල්බන් Monday, 04 November 2013 01:06 PM
අනෙක් රටවල මිනී මරණ අයට සහ ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබාදෙන අය තමන්ගේ රටේ අහිංසකයෙකුව හිරේ යවනවා, පුස්තකාලේ පොතක් බාර දෙන්න බැරි උනා කියලා ! මට නම් මේවට හිනා වෙනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. පව් මේ හිරේ ගිය මනුස්සයා. (ස)
පිනි බබා Monday, 04 November 2013 01:20 PM
මේක නම් හරිම අසාධාරණයි. මෙයාට මේකට යම් මුදලක් නියම කලා නම් ඉවරයි. මොන අපරාදයක්ධ මේ වගේ තරුණයෙක් හිරේට යවන එක (ස)
ශිරෝ Monday, 04 November 2013 03:01 PM
ඇමරිකාවේ හිර ගෙවල් අපරධකරුවන් නැතුව හිස් වෙලා වෙන්න ඇති. (ස)
සිල්වා පිරිස් Monday, 04 November 2013 03:29 PM
මිනීමරුවෝ,මංකොල්ලකාරයෝ,හොරු නිදැල්ලේ.පොඩි දෙයක් පුම්බා පෙන්වීමයි ඇමරිකන් ක්‍රමය. (දී)
සරත් පර්ත් Monday, 04 November 2013 04:31 PM
මට නම් හිතා ගන්නවත් බෑ. (ස)
ගජමන් Monday, 04 November 2013 07:04 PM
ලජ්ජා නැති කම ලෝකෙට ප්‍රදර්ශනය කරන තවත් අවස්තාවක්.(නදී)
දර්ෂා Monday, 04 November 2013 07:33 PM
ලංකාවටත් මෙම ක්‍රමය ගෙනාවොත් හොදයි. තවත් එකම පොතක් දීර්ඝ කාලයක් දීර්ග කරමින් තබාගැනීමද වැලැක්විය යුතුය. විශ්වවිද්‍යාල වල පොදු පුස්තකාල වල බහුතර පාඨකයන්ට දැනට පවතින ක්‍රමය නිසා නිසා අසාධාරනයක් වෙනවා.(නදී)
මිනිපෙ Monday, 04 November 2013 10:40 PM
නන්ද, මොකා කිවේ? අපේ කැම්පස් ළමයි, සමාජවාදී,රටේ අද්යආඩාආඕආණාආ වැරදි පෙන්වන,හොදට යටි උගුරෙන් කෑ ගහන්න පුළුවන් ළමයි ටික්කක් හරිද.
පෙටී Tuesday, 05 November 2013 02:55 AM
පොත ඩොලර් 200 යි නඩුවට ලක්ෂයයි. හිර ගෙදරත් දවසේ කමට ඩොලර් 50 නවාතැන් ආරක්ෂාව..කොල්ලගේ අනාගතේ විනාසයි. මහා හොරු පාගා කාරයෝ නිදැල්ලේ..දෙයියෝ බලත්වා. ලෙඩා මලත් බඩ සුද්දයිලු ඔබාමා.(නදී)
අමිළ කටුනායක Tuesday, 05 November 2013 08:31 AM
ඕකත් පොතක්.(නදී)
ජයරංග සුරවීර Tuesday, 05 November 2013 09:23 AM
ලංකාවට කුඩු ගේන අය එළියේ. කුඩු ගහන අය ඇතුලේ.(නදී)