නයිජීරියාවේ නයිගර් ඩෙල්ටාවේ කි‍්‍රයාත්මක අපරාධ කල්ලියක ප‍්‍රාණ ඇපයේ සිටි තෙල් කැණීම් සේවකයෝ 28 දෙනෙකු මුදා ගැනීමට එරට නාවික හමුදාව පෙරේදා(27) සමත් විය. ‘ලැප්ටෝ මැරීන් බළකාය’ නමින් හැඳින්වෙන් ආයුධ සන්නද්ධ අපරාධ කල්ලිය විසින් එම සේවක පිරිස ප‍්‍රාණ ඇපයට ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙරදීය.ඔවුහු නයිජීරියාවේ තෙල් කැණීම් කරන සිනෙප්කෝ නමැති චීන සමාගමේ සේවකයෝ පිරිසක් වෙති. ‘ලැප්ටෝ මැරීන් බළකාය’ යනු නයිජීරියානු මුහුදු කොල්ලකරුවන් පිරිසකි. ඔවුහු නයිගර් අතු ගංගා සහ දියපහරවල සැරිසරමින් බෝට්ටු සහ කුඩා භාණ්ඩ ප‍්‍රවාහන නැව් කොල්ල කති. මිනීමැරුම් සහ නොයෙක් විධියේ අපරාධ සිදු කරති. නයිගර් ඩෙල්ටාව අසල කප්පම් ගැනීම් සහ පැහැර ගැනීම් ද බහුලව සිදුවෙයි. නයිජීරියානු රජය පවසන්නේ එම ප‍්‍රදේශය අපරාධ රජ දහනක් කියාය. අපරාධකරුවන් ප‍්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටි තැන දැන ගැනීමට හැකි වූ වහා නාවික හමුදා භටයන් කි‍්‍රයාත්මක වූ බවත් ප‍්‍රාණ ඇපකරුවන්ට කිසිදු අනතුරක් නොවී ඔවුන් බේරා ගැනීමට හැකිවුණු බවත් නයිජීරියානු රජය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප‍්‍රාණ ඇපයේ සිටි නයිජීරියා සේවකයෝ 28 දෙනා බේරා ගැනෙති