දින තුනක් පුරා ගිනිකොනදිග බංග්ලාදේශයට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වයෙන් සහ නායයෑම්වලින් 90 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ආපදා කළමනාකරණ අංශ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
කඳුකර ප‍්‍රදේශයක් වන චිතගොං පළාතට මෙම ස්වභාවික ආපදාවෙන් විශාල හානියක් සිදුවී ඇති බවත් ගංවතුරට මැදි වූ සහ නායයෑම්වලට ගොදුරු වූ පුද්ගලයන් මුදා ගැනීම සඳහා සහන සේවකයන් යොදා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
චිතගොං පළාතටත් ඊට යාබදව පිහිටි කොක්ස් බසාර් සහ බන්දර්බන් යන ප‍්‍රදේශවල වෙසෙන ජනයා ද මෙසේ අධික වැසි තත්ත්වය නිසා හට ගත් ආපදාවන්ට මුහුණපා ඇතැයි වාර්තා වේ.
බන්දර්බන් ප‍්‍රදේශයේ සිදු වූ නායයෑම්වලට හසුවූ තිස් දෙදෙනකුගේ මළ සිරුරු ගොඩ ගැනීමට හැකි වූ බව සහන සේවකයෝ පවසති.
මෙලෙස ආපදාවන්ට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත සහන සේවකයන් පවසන්නේ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශයේ සන්නිවේදන කටයුතු ඇන හිට ඇති බවත් එය තම කටයුතුවලට බාධාවක්ව ඇති බවත්ය.
නායයෑම් සිදු වූ බන්දර්බන් ප‍්‍රදේශයේ පොලිස් ප‍්‍රධානී සයිෆුල් අහමඞ් පැවසුවේ ප‍්‍රදේශවාසීන් බොහොමයක් රාතී‍්‍ර නින්දේ පසුවෙද්දී නායයෑම් සිදුව ඇති බවත් නායයෑම් ඇති වීමේ අවදානම තවම පහව ගොස් නැති බවත්ය.
පැය 12ක් තිස්සේ චිතගොං වරාය ආශි‍්‍රත ප‍්‍රදේශයට සෙන්ටිමීටර් 40ක වර්ෂාවක් ඇදහැළුණු බව එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වර්ෂා තත්ත්වය හේතුවෙන් මේ වන විට පනස්දහසකට අධික පිරිසක් අවතැන්ව ඇති බවත් බොහෝ දෙනකු සිය ආරක්ෂාව පිණිස උස්බිම්වලට පැමිණ ඇති බවත් ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙයි.
චිතගොං නගරයේ සිට රටේ අනෙකුත් ප‍්‍රදේශ දක්වා විහිදී තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය ද හානියට පත්ව ඇති බවත් එක් දුම්රිය පාලමක් ගංවතුර තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බංග්ලාදේශයේ දරුණු ගංවතුරක් 90ක් මියයති : 50,000ක් අවතැන්
සංජු Thursday, 28 June 2012 12:35 PM
ලංකාවටත් මේ වැසි ලැබේව .....
නිර්නාමික Thursday, 28 June 2012 12:59 PM
සොබාදහම ස්වාභාවිකම ක්‍රියාත්මක වේවි..