මිනිසුන් හිටිගමන් අදිසි මිනිසුන් කිරීමේ ඇඳුමක් ඇමරිකාවේදී අත්හදා බැලූ බ්‍රිතාන්‍ය හමුදාව මෙම ඇඳුමට වහ වැටී සිටින බව ලන්ඩන් ආරංචි කියයි.
මහා බ්‍රිතාන්‍යයේ තෙවැනි රයිෆල් බළ ඇණියේ සෙබළුන් ‘වා ටෙක්‘ නමින් හැඳින්වෙන මෙම ඇඳුමින් සැරසුණු බවත් අධෝරක්ත කිරණට හා උණුසුම සොයා යන උපකරණ වලටද මෙම ඇඳුම අසු නොවන බවත් ලන්ඩනයේ ‘ද මේල්‘ පත්‍රය කියයි.
වෙස් වළාගෙන සිටිය හැකි බව කියන මෙම රෙද්ද ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය හමුදා සිය බළධාරීන්ගෙන් ඉල්ලා ඇත.
‘ඒක හරි ලස්සන ඇඳුමක්‘ කෝප්රල් ටිරෝන් හූල් කීවේය.
වා ටෙක් නම් මෙම ඇඳුම ඇඳසිටින විට සතුරාට ද නොපෙනෙන බවත් උණුසුම සොයා යන නවීන තාක්ෂණ උපකරණ හා අධෝරක්ත ග්රාහක මගින්වත් සතුරු පාර්ශ්වයට තමන් සොයාගත නොහැකි වූ බවත් එම බ්‍රිතාන්‍ය බළ ඇණිය කියයි.
මෙම තාක්ෂණය මුලින්ම සොයා ගෙන ඇත්තේ ඇමරිකාවේ ඉලිනෝයි සරසවිය හා කැලිෆෝනියාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනය යි. ත්රස්තවාදීන් පිළිබඳ ඔත්තු බැලීමට හැකිවන මෙම අදිසි ඇඳුම ලන්ඩන් යුද හමුදාව දැන් අත්හදා බලයි.
මේ අතර ඇමරිකාව පවසනුයේ මෙම අදිසි ඇඳුම ඇමරිකා යුද හමුදාව මාස 18කින් අත්හදා බලන බවයි. සටන් බිමේදී කටුස්සකු සේ පාට වෙනස් කළ හැකි ඇඳුමක් සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි ඇමරිකා යුද හමුදාව එරට සමාගම්වලට යෝජනා කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බටහිර හමුදා කටුසු ඇඳුමක් සොයයි
ෆෙඩ්රික් Thursday, 24 March 2016 12:19 PM
එතකොට වෙඩි තියද්දි තුවක්කුව, එ්ක පේනවා නේද (බ)
සනත් Thursday, 24 March 2016 04:33 PM
ෆෙඩ්රික්, තුවක්කුවටත් ඒකම අන්දවනවා. (නි)
වජිරා Thursday, 24 March 2016 10:13 PM
දියුණුවේ රහස. නව නිර්මාණ සදහා සදහා අදහස් හා යෝජනා එක්රැස් කිරීම. (අ)
වජිර Thursday, 24 March 2016 10:18 PM
විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන හරහා නව නිර්මාණ සදහා අදහස් හා යෝජනා විමසා සිටීම දියුණුවේ මාර්ගයයි.(අ)
බණ්ඩාර කුවේට් Friday, 25 March 2016 05:07 AM
මිනිස් මොලයක දියුනුවේ ප්‍රමාණය කොතරම්ද (බ)
අබේරත්න Friday, 25 March 2016 05:18 AM
සතුරාටත් ඔය ඇඳුම ගිය දාට තමයි ප්‍රශ්නේ.....(බ)
සුමිත් Friday, 25 March 2016 06:27 AM
මේක ත්රස්තයන් අතට ගියෝත් ඔක්කොම විනාශයි (බ)
චාමර Friday, 25 March 2016 08:05 AM
බණ්ඩාර, මිනිස් මොළයේ මෝඩකමේ තරම හිතාගන්න පුළුවන් අබේරත්නගේ ප්රශ්නය ගැන හිතුවහම. (නි)
ටෙහාන් Friday, 25 March 2016 08:40 AM
ඉතා හොඳ වැදගත් පුවතක් (නි)
සමන් Saturday, 26 March 2016 06:24 AM
යුද රහස් ප්‍රසිද්ධ නොකල යුතුයි. (ර)
දුමින්ද Monday, 28 March 2016 08:39 AM
කටුසු ඇඳුම අපේ රටට හොඳයි. (ර)
නදුන් දිසානායක Monday, 28 March 2016 08:55 AM
ඕක සාමාන්‍ය වෙලඳ පොලට දාන්න එපා. අපේ අය ඒකෙන් කරන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..(බ)
විශ්ව Monday, 28 March 2016 10:35 AM
විස්මිත සොයාගැනීමක්. (ර)