මිනිසා කුසගින්නේ සිටින විටදී වඩා නිවැරදි තීන්දු තීරණ ගන්නා බව නෙදර්ලන්ත පර්යයේෂකයෝ පිරිසක් කියති.
මින් පෙර ඉදිරිපත්ව තිබූ මතය වූයේ හොදින් අහර ගෙන කුසගිනි නිවාගන්නා පුද්ගලයෝ නිවැරදි තීරණ ගන්නා බවයි.
නමුත් පර්යේෂක පිරිස සිදුකර තිඛෙන සරල පර්යේෂණයකින් බඩගිනිකාරයෝ වඩා නිවැරදි තීරණ ගැනීමට පෙළඹෙන බව අනාවරණයව තිබේ.
පර්යේෂණයට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් යොදාගෙන ඇති ඔවුන් මුලින්ම එම සිසුනට මුලූ රැයක් නිරාහාරව සිටින්නැයි උපදෙස් දී ඇත.
පසු දිනයේදී සිසුන් පර්යේෂණය සදහා විද්‍යාගාරය වෙත පැමිණි විට ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදා ඇති පර්යේෂකයෝ එක් කණ්ඩායමකට ආහාර ගැනීමට ඉඩ සලස්වාදී අනෙක් කණ්ඩායම දිගටම නිරාහාරව තබා තිබේ.
අනතුරුව සිසුන් කණ්ඩායම් 2 ක වෙන් වෙන් වශයෙන් ප්‍රශ්නාවලි, බුද්ධිය මැන බැලීමේ ක්‍රියාකාරකම් ආදියට භාජනය කිරීමට පර්යේෂකයෝ කටයුතු කර ඇත.
එහිදී හෙළිව තිඛෙන්නේ කුසගින්නේ සිටින කණ්ඩායම කුස පුරවාගත් කණ්ඩායමට වඩා බුද්ධිය මෙහෙයවා තීරණ ගන්නා බවයි.
උදාහරණයක් ලෙස දැන් දෙන කුඩා මුදල් ප්‍රමාණයකුත්, අනාගතයේ දෙන විශාල මුදල් ප්‍රමාණයකුත් අතරින් කුමක් තෝරා ගන්නේදැයි කණ්ඩායම් දෙකෙන් පර්යේෂකයින් විමසූ කළ බඩගිනිකාර කණ්ඩායම අනාගතයේ දෙන මුදල් ප්‍රමාණය ලබාගැනීමටත් බඩපුරවාගත් කණ්ඩායම දැන් දෙන මුදල් ප්‍රමාණය ලබාගැනීමටත් කැමැත්ත පළ කර තිබේ.
කුසගින්නේ සිටි කණ්ඩායම අනාගතය ගැන සිතා තීරණ ගන්නා බවක් පැහැදිලිව පෙනුනු බව පර්යේෂකයෝ කියති.
අද සමාජයේ පැතිර පවතින මොනවා කරන්නත් හොදින් කාබී සිටිය යුතුය යන මතය සෑම විටම සැබෑ නොවන බව මෙම පර්යේෂණයෙන් පෙනෙන බව ඔවුහු පවසති.
කුසගින්නේ සිටින විට මානසික පීඩාවක් ඇතිවන බව සැබෑ වුවත් මේ පර්යේණයේ ප්‍රතිඵල අනුව එය සෑම විටම අයහපත් දෙයක් ලෙස සැළකිය නොහැකි බව ඔවුන්ගේ අදහසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බඩගිනි නම් තීන්දුව හරිලු
නිර්මලා Thursday, 30 October 2014 08:31 AM
මේ කතාව නම් ටක්කෙටම හරියන්න ඕන. අපේ රටේ තීන්දු තීරණ ගන්න අයගේ බඩ ගෙඩි ඕනෑවටත් වඩා පිරිලා තියන නිසා වෙන්න ඇති අපට මේ වගේ ප්‍රතිපල ලැබිල තියෙන්නේ. (නදී)
කාෂයප Thursday, 30 October 2014 11:41 AM
අසාර්ථක පරීක්ෂණයක් හෝ අසාර්ථක නිගමනයක්. අවිනිශ්චිත අනාගතයකට වඩා, ඥානවන්තයන් වර්තමානය මත රඳා සිටි. (නදී)
චමිලා Thursday, 30 October 2014 12:04 PM
මට නම් බඩගින්නේ ඉන්න කොට ඔලුවේ කැක්කුම හැදෙනවා. තීරණ ගන්නවා තියා කරන දේ මතකත් නැහැ. (නදී)
නන්දසිරි Thursday, 30 October 2014 03:13 PM
අනේ මන්ද එකවෙලාවකට කියනව වෙලාවට කෑවෙ නැත්තම් බඩෙ ගෑස් හැදෙනව කියල. තව වෙලාවකට කියනව නුවන පහලවෙනව කියල. (ර)
විජේතුංග Friday, 31 October 2014 02:38 AM
හරියටම කොහොමද එහෙම කියන්නේ? (නි)
තුෂාර Friday, 31 October 2014 03:16 AM
එක පරීක්ෂණයකින් විතරක් එහෙම කියන්න පුලුවන්ද? (නි)
චමී Friday, 31 October 2014 03:33 AM
එයාල කියනවා අපි අහනවා එයිට වඩා දෙයක් වෙන්නේ නෑ. (නදී)
අජා Friday, 31 October 2014 06:10 AM
එහෙම නම් ලංකාවේ අපි ගන්න තීන්දු හරිද? (අ)
වරුණ Friday, 31 October 2014 08:31 AM
අපේ රටේ නම් ටිකක් වෙනස් (නි)
උදිත Friday, 31 October 2014 06:51 PM
ලංකාවේ ඉන්න බඩගිනිකාරයෝ නම් ගන්නේම වැරදි තීන්දු. මට හිතෙන්නේ ලංකාවට අදාළව නම් මේ පරික්ෂණය වැරදියි කියලයි (නි)
අශෝක Saturday, 01 November 2014 07:01 AM
මොන බොරුද?(හේ)
ඉසුරන්දි Saturday, 01 November 2014 07:55 AM
එහෙනම් ඉතියෝපියාවේ සොමාලියමේ වගේ රටවල ඉන්න මිනිසුන්ගේ මොලේ මිට වඩා දියුණු වෙන්න එපැයි ඒ මිනිස්සු කන්න නැතුව දුක්විදින විදවිල්ලට.(හේ)
එරංග Monday, 03 November 2014 06:04 AM
කවුද දන්නේ අනාගතයේ දී ඔය කියන විශාල මුදල ලබැයිද නොලැබෙයිද කියලා. ඔය කියන අනාගතේ එන්න කලින් මැරුනොත් ? හොදම තීරණය තමා වර්තමානයේ ලබන දෙයක් අරගෙන වර්තමානයේ ජීවත්වෙන එක. මට නම් පේන්නේ බඩගින්නේ ඉද්දි ගන්න තීරණ බුද්දිමත් කෙසේ වෙතත් ආසාවට තණ්හාවට වැඩියෙන් මුල්තැන දීලා ගන්න තීරණ වගෙයි. (නදී)
නීලා Monday, 03 November 2014 09:56 AM
හලෝ වරුණ ගොඩ කාලෙකින් පස්සේ. කොහොම සැප දුක. අර උරුලව එහෙම තාම ගරු කරනවද ඔයාට? මටත් ආසයි ඔය උරුලව බලන්න (බ)
චින්තක Tuesday, 04 November 2014 03:38 AM
එරංග, එ්ක තමයි. බඩගින්නේ ඉඳල පුරුදු උනාම සල්ලි ලැබුනත් පෙරේත කමේ කන්නේ නැතුව ඉන්නවා ඇති. (නදී)