එදා මෙදා තුර වාර්තා වූ ලොව විශාලතම වන්දිය ඉල්ලා අධිකරණය ඉදිරියේ චෝදනා පත‍්‍ර කිරීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නගරවැසියෙක් කටයුතු කර තිබේ.
තම මැදගිල්ල බල්ලෙකු සපා කෑම නිසා තමන්ට සිදුවූ අගතියට ඔහු ඉල්ලා සිටින මුදල ඩොලර් 2 000 000 000 000 000 000 000 000 000 000 000 කි.එනම් ඩොලර් අන්ඩෙසිලියන 2 කි. ඇමෙරිකා අන්ඩෙසිලියන බිංදු 36 කි.මහා බ්‍රිතාන්‍ය අන්ඩෙසිලියන බිංදු 66 කි.ශ්‍රී ලංකා මුදලින් එම මුදල අන්ඩෙසිලියන 264 කි.
මෙය දැනට පෘථිවියේ විවිධ රටවල් සතු සියලූ මුදල් එක්කළද සපුරා ලිය නොහැකි තරමේ මුදල් ප‍්‍රමාණයක් වන බවද සදහන්ය.
බල්ලාගේ හිමිකරුවාගේ සිට,ඔහු බල්ලා සපා කන අවස්ථාවේ ගමන් කරමින් සිටි බස් රිය හිමි සමාගමත්,ඔහුට ප‍්‍රතිකාර කළ රෝහලත්, දක්වා සියලූදෙනා නඩුවේදී වග උත්තරකරුවන් ලෙස ඔහු තම චෝදනා පත‍්‍රයේ හදුන්වාදී ඇත.
ඇගිල්ල සපා කෑමෙන් පසු තමන්ගේ සිවිල් අයිතිවාසීකම් උල්ලංඝණය වීමේ සිදුවීම් වලටද,ඇගිල්ලේ තුවාළයක්ද,තාඩන පීඩන වලටද,වංචාවන්ටද, හසුවීමට සිදුවූයේ යැයි චෝදනා පත‍්‍ර ගොනු කර ඇති 62 හැවිරිදි ඇන්ටන් පුරිසිමා කියයි.
මෙය තමන් මරාදැමිමට කළ උත්සාහයක් ලෙසද හදුන්වාදීමට ඔහු කටයුතු කර ඇත.
නඩුව විභාගයට ගන්නේදැයි තවමත් සදහනක් නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බල්ලා කෑවාට අසංඛ්‍යෙයක් වන්දි ඉල්ලයි
තාරක Thursday, 22 May 2014 06:24 PM
මහේෂ් බලාගෙන අපේ පාර්ලිමේන්තුවට අපහාස කලා කියලා ඔයාටත් මේ වගේ වන්දියක් ගෙවන්න වේවි.(නදී)
සතිෂ් Wednesday, 21 May 2014 09:48 PM
ෂුවර් එකටම මද ඇගිල්ලේ කුණු කරෝල ගඳ එන්න ඇති. එකයි බල්ලා හපා කන්න ඇත්තේ. අ)
දිසානායක Thursday, 22 May 2014 02:59 AM
කවුරුත් තේරුම්ගන්නෙ නැහැනේ හරි කතාව. වන්දිය ඉල්ලන්නේ බල්ලට දත්සෙට් එකක් අරන් දෙන්නලු (නි)
පවන් Thursday, 22 May 2014 06:27 AM
මොහු ඇඟිල්ල පෙන්නගෙන ඉන්නේ හරියට මහා ලොකු තුවාලයක් තියෙනවා වගෙයිනේ... (නි)
ප්‍රභාත් Thursday, 22 May 2014 08:19 AM
මෙහෙමත් පිස්සු මනුස්සයෙක්! (නි)
දෝනි Thursday, 22 May 2014 10:54 AM
ඇගිල්ලේ තරමට ඕන ඉදිමෙන්න.(නදී)
රංජන් පොන්සේකා Thursday, 22 May 2014 01:22 PM
පිටගල නිකම් බොරුවට
තිවංක නෙලන්ගම Thursday, 22 May 2014 02:31 PM
වන්දිය වගේද දැන් මුළු ලෝකෙම මිනිහගේ ඇඟිල්ල ගැන කථා කරන එක. ඕක පුංචි සෙප්පඩ විජ්ජාවක්..! (දී)
ගයන් Thursday, 22 May 2014 02:54 PM
අමෙරිකාවත් බල්ලෙකුට වටින්නේ නැහැනේ.(නදී)
ගයන් ප්‍රදීප් Thursday, 22 May 2014 02:58 PM
මෙයත් හරියට කොස්තාපල් පුන්‍යසොම වගේද කොහෙද ? (නදී)
ගුණපාල Thursday, 22 May 2014 04:16 PM
මොහු බල්ලට ඇඟිල්ල මේ විදියට පෙන්නන ගිහිල්ලා බල්ලට කේන්ති ගියා. ඒක නිසා තමා හපා කෑවේ. (ස)
අකිල Thursday, 22 May 2014 04:25 PM
බින්දු ගැන වැඩියි වගේ.(දිල්)
මහේෂ් මොලගොඩ Thursday, 22 May 2014 05:40 PM
බල්ලා කාලා දඩ මුදල මෙච්චර නම් අර කුඩු ගෙනා අයට කීයක් දඩ ගහන්න වෙයිද? (නි)
ඩොනල්ඩ් Wednesday, 21 May 2014 07:34 PM
වැඩේ බල්ලට යයි වගේ.(නදී)
අරුණ තරංග Thursday, 22 May 2014 06:36 PM
මේ ඉලක්කම දාලා කොළයක් ප්‍රින්ට් කරලා දුන්නා නම් ඉවරනේ ඕනෑ තැනකින් මාරු කරගන්න කියලා (නි)
නදීශානි Thursday, 22 May 2014 07:09 PM
බල්ලා කීයක් වටිනවද දන්නෙ නැහැ (නි)
රොෂාන් නදීශක Thursday, 22 May 2014 07:10 PM
අයියෝ වන්දි මුදල මදි වගේනේ.තව ටිකක් ඉල්ලන්නනේ තිබුනේ.... (නි)
ධනුෂ්ක Thursday, 22 May 2014 08:44 PM
මේකත් අර ඵෙශ්චර්යාට ආදරය කරලා ලක්ෂ දාහතක් ඉල්ලුවා වගේ වැඩක් තමයි. (නි)
එරංග Thursday, 22 May 2014 09:10 PM
නඩුකාරයටත් ඔය ඇඟිල්ල ඔය විදියටම පෙන්නන්න. හොඳට වන්දිය හම්බවෙයි. සුභ අනාගතයක් අයියේ. (අ)
ඩයස් Thursday, 22 May 2014 11:23 PM
මේ වාගේ මානසික රෝගීන් ඉන්නවා.ජනප්‍රිය තාවය බලාගෙන කවදාවත් නොලෑබෙන දේවල් කරන.(ස)
දියසෙන් Friday, 23 May 2014 10:40 AM
අය්යෝ මෙහෙමත් බල්ලෝ, හපන්නකො අපේ ඇඟිලි. (ස)
ඈන් Friday, 23 May 2014 01:16 PM
අම්මෝ
චරිත Saturday, 24 May 2014 11:27 AM
සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් යනු අවුරුදු 4x10 (148) [දහයේ එකසිය අටවන බලය](දී)
චන්ද්‍රි වීරසිංහ Saturday, 24 May 2014 03:52 PM
අපි ඉන්න රටවලදී මේ විදියට ඇඟිල්ල පෙන්නුවොත් අම්බානට ගුටි කන්න වෙනවා !!නවසීලන්ත වීරයා (අ)
දනීෂ Saturday, 24 May 2014 09:43 PM
කොහොම වුණත් බල්ලා තව තව තැන් හැපුවා නම් කොහොමද? මෙයා බල්ලගෙන් වන්දි ඉල්ලුවේ නැත්තේ මොකද දන්නේ නැහැ (නි)
ඉර්ෆාන් - නොර්ත් කැරොලිනා Tuesday, 20 May 2014 09:47 PM
අමිල කිව හරි, ඇමෙරිකාවේ ඉන්නේ අමුතුම මිනිස්සු. 2010 වසරේ නිව් ජර්සි ප්‍රාන්තයේ එක හොරෙක් නඩු දාල තිබුන ඔහු හොරෙන් ගෙට ඇතුළු වෙද්දී ජනේලේ තිබුණු ඇනයක් නිසා ඔහුගේ කකුල දරුණු ලෙස සීරි තුවාල වෙච්ච එකට විරුද්දව . පුදුමේ කියන්නේ ඔහු එම නඩුවෙන් දිනා වන්දියකුත් ලැබීමයි. (ස)
දිනෙත් Tuesday, 20 May 2014 04:05 PM
මේ නඩුව ඔහු දිනුවොත් මමත් බල්ලෙකුට කියලා හපාගන්නවා (නි)
දයා අළහකෝන් Tuesday, 20 May 2014 04:45 PM
දිනේෂ්,හැබැයි නිව්යෝර්ක් බල්ලෙක්ම වෙන්න ඕනෑ (නි)
චන්දන Tuesday, 20 May 2014 05:06 PM
මෙන්න ලෝකයේ හොඳම වටිනාම ඇඟිල්ල (නි)
රත්නපාල Tuesday, 20 May 2014 05:33 PM
බල්ලෙක් හපා කාලා මෙහෙම නම් හරකෙක් ඇන්නොත් කීයක් විතර ගන්න පුලුවන්ද දන්නේ නැහැ නේද? (නි)
ගයන Tuesday, 20 May 2014 05:53 PM
පාරේ ඉන්න වල බල්ලෙකුට කියල හපාගන්න. නගර සබාවෙන් වන්දිය ඉල්ලලා නඩුවක් දාන්න. (ස)
සරත් බණ්ඩාර Tuesday, 20 May 2014 05:55 PM
ඔයතරම් මුදලක් ඉල්ලන්නේ කුමකටද කියල තේරෙනවා. අමාරු උනාම ගහගන්න බැරිනිසා. (ස)
දුමින්ද Tuesday, 20 May 2014 06:07 PM
එහෙම බලද්දී ඒ බල්ලත් සෑහෙන්න වටින්න එපැයි (නි)
චමින්ද Tuesday, 20 May 2014 06:07 PM
නඩුකාරතුමා මොහුව මානසික රෝහලට ඇතුළත් කරන්න නියෝග නොකළොත් පුදුමයි. අහිංසකයෙක්. පව් අනේ! (නි)
සමන්ත Tuesday, 20 May 2014 06:22 PM
නඩුව දිනුවත් වැඩක් නැහැ, ඔය මුදල දෙන්න නෝට්ටු ගණන් කරලා අවසන් වෙද්දී ඔහු ජීවතුන් අතර ඉඳීද දන්නෙ නැහැ (නි)
අමිල Tuesday, 20 May 2014 07:02 PM
ඇමරිකාවේ ඉන්නේ මේ වගේ අය තමයි.ළඟදි දවසක් වාහනයක යද්දී සැඩ පහරකට අහුවෙලා ගිලිලා මැරෙන්න යද්දී ජීවිතාරක්ෂකයන් විසින් බේරාගත් මිනිහෙක් නඩු දාලා තිබුණා මිනිහව ගොඩටගත් විදිය වැරදියි කියලා (නි)
හිල්මි Tuesday, 20 May 2014 08:27 PM
අමිලගේ අදහසට මට හිනායනවා. (නි)
දම්මිකා Tuesday, 20 May 2014 08:37 PM
මේ වැඩේ ආයෙ කවුරුවත් කරන්න හිතන්න එපා . මේ මිනිහට වන්දි ගෙවුවම ආයෙ ලෝකෙ කොහේවත් සල්ලි ඉතුරු වෙන්නෙ නැති නිසා. (ස)
ඉන්දික Tuesday, 20 May 2014 03:48 PM
ඒ වන්දිය හොඳටම මදි. (නදී)
පිටිගල Tuesday, 20 May 2014 10:11 PM
එතකොට බුදුහාමුදුරුවෝ බුදුවෙන්න පෙරුම් පිරුවයි කියන "අවුරුදු සාර අසන්ඛේයිය කල්ප ලක්ෂයක්" කියන්නේ කොච්චර කාලයක්ද කියලා දැනගන්න ඕන කාටද? හැබැයි බන පොතේ සඳහන්වෙන විදිහට. (ස)
ගජමන් Tuesday, 20 May 2014 10:14 PM
මේ බල්ලා මැද ඇඟිල්ලම තෝරලා හපා කෑවේ ඇයි කියලා මට ටිකක් සැකයි.අනික් ඇඟිලි නොහැපෙන්න. (ස)
ශාන්ති Wednesday, 21 May 2014 01:22 AM
අමිලගේ කතාවට මටත් හොදට හිනා ,(ස)
සුරංග Wednesday, 21 May 2014 05:04 AM
මේ නඩුව ලංකාවේ ඇහුවනම් හොඳයි මොකද තීන්දුව දෙනවිට සියලුම පාර්ශවයන් මැරිලා ඉවරයී ....හා ..හා (ස)
සමන්ති Wednesday, 21 May 2014 06:03 AM
වගකිවයුත්තෙක් නිල ප්‍රකාශයක් නිකුත් කරනතුරු මා හට කිසිම ප්‍රකාශයක් කළ නොහැක. (නි)
ඇල්බට් අන්කල් Wednesday, 21 May 2014 07:46 AM
සමන්ති වගේමයි අපේ සමහර ප්‍රකාශ කලාත්.(නදී)
ජගත් Wednesday, 21 May 2014 07:48 AM
පිස්සු බල්ලෙක් කාලද මන්දා (නි)
රජින්ද Wednesday, 21 May 2014 10:31 AM
අනිවාර්යෙන්ම මේ මනුස්සයා උසාවිය හෑල්ලු කිරීමේ වරදට වැරදි කාරයෙක් වෙනවා.!(දිල්)
සෑම් Wednesday, 21 May 2014 01:57 PM
මේක ලංකාවේ උනා නම් කියල හිතෙනවා. එහෙනම් අපේ අය ඔය මනුස්සයාට ඕන වන්දිය අරන් දෙන්නම් කියා පොරොන්දු වෙලා ජීවිත කාලෙටම නඩු අහන්න හොඳ ගානක් එයාගෙන් කඩාගනී. (ස)
නසාර් Wednesday, 21 May 2014 02:24 PM
ඔය මුදල බල්ලෙකුට වටින්නේ නැත.(නදී)
සම්පත් Wednesday, 21 May 2014 05:03 PM
මේක කවදාවත් ලැබෙන්නේ නැහැ. හානියේ තරමට වන්දිය ලැබෙන්නේ. නීතිය කියන්නේ මිනිස්සුන්ට හිතෙන දේවල් ඉල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. බෙක්සේන්දිල් නඩුවේ මේ සංකල්පය පැහැදිලි කරලා තියෙනවා. (ස)