X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බලු සිංහයා හැඩ ද සිංහයා වගේමයි

සොදුරු උදෑසනකි. ඇමෙරිකාවේ නොෆෝක් ප්‍රාන්තයේ වීදියක සිය රථය ධාවනය කරමින් සිටි රියැදුරෙකු දුටුවේ අපූරු දසුනකි.

ඒ සිංහයෙකු වීදිය දිගේ ඇවිද යන බවයි.

වහා ක්‍රියාත්මක වූ ඔහු හදිසි ඇමතුම් සේවය අමතා තමන් ගොදුරු සොයා ඇවිදින සිංහයෙකු දුටු බවය බව දැනුම් දුන්නේය.පණිවුඩය ලද වහාම ක්‍රියාත්මක වූ නොෆෝක් ප්‍රාන්ත පොලිසිය පළමුවෙන් ප්‍රදේශයේ වූ සත්ත්වෝද්‍යානයට ඇමතුමක් දී එහි වූ සිංහයන් අතුරින් එකෙක් නැතිවී ඇත්දැයි සොයා බලා ඇති අතර එහි සිට ලැබුණු පිළිතුර වී තිබුණේ සත්ත්වෝද්‍යානය සතු සිංහයන් දෙදෙනාම කූඩුවේ සිටින බවයි.

අන්දමන්ද වූ පොලිසිය සත්ත්වයා දුටු බවට තොරතුරු ලැබුණු ප්‍රදේශය බලා යෑමට තීරණය කළේ එහි සිංහයෙකුවේ නම් ඌ අල්ලා ගැනිමේ අරමුණද ඇතිවිය.වීදි පිරික්සමින් සිටිනාතුර ඔවුනට හමුවූයේ නිවෙසක ආලින්දයේ ඉදගෙන සිටිනා  සිංහයාය.

බියපත් වූවද හොදින් නිරීක්ෂණය කිරීමේදී පොලිස් නිලධාරීන්ට පැහැදිලි වූයේ ඒ සිටියේ සිංහයෙකු සේ පෙනෙනා ආකාරයට ලොම් කැපූ බල්ලෙකු බවයි.මේ අතර නිවෙස් හිමියාද පැමිණ කාරණය විමසීමේදි ඒ බැව් තහවුරු වී තිබේ.

බල්ලාගේ හිමිකරු බොහෝ දෙනා සිය සුරතලා සිංහයෙකියි කියා රැවටෙන බව පවසයි.සිංහයෙකු මෙන් පෙනුනද චාර්ල්ස් රාජා හට කිසිදු සිංහ ගතියක් නම් පිහිටා නැති බවද ඔහු කියයි.



අදහස් (0)

බලු සිංහයා හැඩ ද සිංහයා වගේමයි

ශාමා Monday, 14 January 2013 10:58 PM

ඔන්න ආරක්ෂාවට කියාපු සතා (ස)

:       0       0

ගාමිණි Thursday, 17 January 2013 12:29 AM

කොල්ලෝ, සිංහයෝ ඉන්න තරමත් ඉන්නේ ලංකාවේ බව දැන්වත් දැනගත්තොත් හොදයි. (නි)

:       0       0

පීටර් Wednesday, 16 January 2013 10:09 AM

නොෆෝක් ප්‍රාන්තය කොහෙද තියෙන්නේ? මම ඉන්න ඇමරිකාවේ නම් නෙවෙයි. (ස)

:       0       0

නිත්‍යා Wednesday, 16 January 2013 09:53 AM

ශා...ඔයානම් හරිම ලස්සනයි (ස)

:       0       0

ජයනෙත්ති Tuesday, 15 January 2013 08:45 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)

:       0       0

මධු Tuesday, 15 January 2013 05:12 PM

අපේ රටේ නම් බල්ලෝ සිංහයෝ වෙලා හුගක් කල්. (නි)

:       0       0

ප්‍රියශාඩ් Tuesday, 15 January 2013 05:04 PM

බලු වෙස් ගත් සිංහයෙක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

ආනන්ද Tuesday, 15 January 2013 08:16 AM

මේ සතා අපිට යමක් නොකියා කියනවා (ස)

:       0       0

අජිත් Tuesday, 15 January 2013 07:15 AM

නියමෙට කොන්දේ කප්පල තියෙනවා (දී)

:       0       0

හේමන්ත Monday, 14 January 2013 10:51 AM

සුද්දන්ට බල්ලවයි සිංහයවයි වෙන් කරලා හදුනාගන්න තරම් මොළයක් නැද්ද? (නි)

:       0       0

‍ෆිරාස් Monday, 14 January 2013 10:26 PM

ලස්සන කොණ්ඩා මෝස්තරයක් (ස)

:       0       0

උපාලි Monday, 14 January 2013 10:23 PM

බල්ලා සිංහයා වෙනවා මිසක් සිංහයා බලු වෙන්නෙ නැහැ. (නි)

:       0       0

සපුමල් Monday, 14 January 2013 10:06 PM

මේකත් ඩොලර් වලට යට වෙච්චි දේශද්‍රෝහී විජාතික උවමනාවන්ට උඩගෙඩි දෙන ආකාරයේ සැලසුම් කළ දෙයක්ද දන්නේ නෑ. (ස)

:       0       0

අචිනි Monday, 14 January 2013 06:17 PM

සිංහ පෙනුම ආවට බලු පැටියෙක් (දී)

:       0       0

බමුණුසිංහ Monday, 14 January 2013 05:13 PM

ලංකාවෙ නම් මිනිස්සුත් බලුවෙලා. (නි)

:       0       0

ප්‍රියා Monday, 14 January 2013 01:39 PM

බලන්නකෝ සිංහයා වගේ ඉන්න හැටි (දී)

:       0       0

රහල් Monday, 14 January 2013 12:06 PM

ලංකාවේ උන්නා නම් බල්ලට නඩුත් දානවා. (නි)

:       0       0

සුදේශ් Monday, 14 January 2013 11:37 AM

බලු වැඩ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site