X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි

කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය දැන් සති 12ක ගැබිණියක බවත් විවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගට ම උත්සව කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි.

විලියම් කුමරු මාධ්‍යයට පවසා ඇත්තේ තම පවුලේ දෙවැනි දරු උපත 2015 වසන්ත කාලයේ දී එනම් අප්‍රේල් මාසයේ දී අපේක්ෂා කරන බවයි. පළමු දරුවා ජෝර්ජ්ගේ දැන් වයස මාස 13කි.

විලියම් කුමරු මෙසේ කියා ඇත.

‘‘ ඇය දැන් යම් යම් අපහසුතාවලින් පෙලෙනවා. සතියකින් හෝ දෙකකින් ඇය සාමාන්‍ය තත්ත්යට පත්වේයැයි විශ්වාස කරනවා. මෙය අප ප්‍රීතියට පත්කළ පුවතක්. මා දැන් ඇය ගැන සොයා බැලීමට යා යුතුයි.“

ඉපදිමට සිටින දරුවා කිරුළට හිමිකම් කියන හතරවැනියා වෙයි. එවිට හැරී කුමරුට හිමිවන්නේ පස්වැනි ස්ථානයයි.

බ්‍රිතාන්‍ය මාධය පවසන්නේ 1990 වර්ෂයේන පසු බ්‍රිතාන්‍ය රජපවුලේ ගැහැනු දරුවකු උපතලබා නැති බවයි. විලියම් කුමරුගේ නෑනාවන ඉයුජින් කුමරිය 1990 දී උපතලැබුවාය.

විලියම් හා කේට් යුවළ ජෝර්ජ් කුමරු සමග මේ මස අවසානයේ නෝෆෝලික්හි නව නිවසකට යාමට නියමිතය. ඒ නිවස මේ යුවළගේ විවාහ මංගල උත්සවයේ දී එලිසබෙත් රැජන විසින් පරිත්‍යාග කරන ලද්දකි. ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස විලියම් කුමරුගේ රැකියාවට මේ නිවසේ පදිංචිව සිටීම පහසුවක් වනු ඇත.

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි

හිරන්ත Tuesday, 09 September 2014 10:24 AM

අපිට මොකද කීයක් හම්බ වුනත්. මේ අයගේ පරම්පරාව තමයි අපේ රටත්,ජාතියත්,ආගමත් කෑවේ. මේවා දකිනකොට ඇගේ ලේ කෝප වෙනවා. (නදී)

:       0       0

චම්පික Tuesday, 09 September 2014 12:36 PM

නියමයිනේ! (නි)

:       0       0

නලින් යහම්පත් Tuesday, 09 September 2014 01:24 PM

මොනවයින් අඩුපාඩුවක්ද? මොකද අපිට වගේද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 01:34 PM

මටත් කොල්ලෝ දෙන්නෙක්ම ලැබුණා මගේ පරම්පරාව ගෙනියන්න.ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. (නි)

:       0       0

සුජිත් Tuesday, 09 September 2014 02:35 PM

හිරන්ත හරි. මටත් පෙන්නන්න බැහැ (නි)

:       0       0

ගිම්හානි Wednesday, 10 September 2014 06:02 AM

වාසනාවන් මේ මිනිස්සු මොකද මේ තරම් ඊරිසියා කියල මට නම් තේරෙන්නේ නැහැ(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site