X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


බාල වයස් ගණිකාවක ඇසුරුකළාට ඉතාලි හිටපු අගමැති වසර 7 ක් හිරේට

බාල වයස්කාර ගණිකාවක ඇසුරු කිරීමේ චෝදනාවකට වරදකරුවූ ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලූස්කෝනිට එරට මිලාන් නුවර අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම කර ඇත.
එම සිර දඬුවමට අමතරව ඔහුට තවදුරටත් ඉතාලි රජයේ තනතුරු හෙබවීම ද අධිකරණය තහනම් කර තිබේ.
දැනට 76 වැනි වියේ පසුවන හිටපු ඉතාලි අගමැතිවරයා සිය පාලන කාලයේදී ලිංගික ජීවිතයට දැඩි ලෙස ලොල්වී සිටි අතර එම කාලයේදී බාල වයස්කාර ගණිකාවන් ඇසුරු කරමින් සාද පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිලාන් අධිකරණයේ පැවැති නඩු විභාගයකින් පසුව ඔහු වරදකරු කර ඇත.
මෙම සත් වසරක සිර දඬුවමට එරෙහිව බෙර්ලූස්කෝනි මේ වනවිට අභියාචන පෙත්සමක් ගොනු කර ඇති අතර, එම අභියාචන පෙත්සම විභාගය අවසන්වනතුරු ඔහු බන්ධනාගාර ගත නොකෙරෙන බවද පැවසේ.
මිලාන් අධිකරණය විසින් ඉතාලියේ හිටපු අගමැතිවරයාට එරෙහිව අදාළ දඬුවම නියම කිරීමෙන් පසුව බෙර්ලූස්කෝනි කියා සිටියේ තමා මුළුමනින්ම අහිංසක පුද්ගලයකු බවත්, තමාට දේශපාලන හේතු මත අදාළ චෝදනා ගොනුවී ඇති බවත් ය.

 



අදහස් (0)

බාල වයස් ගණිකාවක ඇසුරුකළාට ඉතාලි හිටපු අගමැති වසර 7 ක් හිරේට

රන්දි Thursday, 27 June 2013 03:58 PM

අපේ රටෙත් ඔය නීතිය ක්‍රියාකලොත්.....? අපේ ලොකු පුටු ගොඩක් හිස් වෙනවා.(නදී)

:       0       0

චුලන්ත Thursday, 27 June 2013 12:51 PM

මට අදහා ගන්න බැරි උනා (දී)

:       0       0

සුභසිංහ Thursday, 27 June 2013 12:52 PM

ඉතාලියේ ඉන්න ලාංකිකයිනේ... ඔබලා මොන තරන් වාසනාවන්තද මෙහෙම නීතියක් ඇති රටක ජිවත් වෙන්න.... (දී)

:       0       0

ජනක Thursday, 27 June 2013 12:54 PM

මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

සනත් Thursday, 27 June 2013 01:12 PM

අපේ ලංකාවේ නම් නඩුත් නැහැ. කෙලින්ම නිදහස් (නි)

:       0       0

සුරංග Thursday, 27 June 2013 02:01 PM

අපි වෙනුවන් වැඩ කරපු නායකයෙක් ඒත් මේ එරට නිතිය කටත් පොදුයි (අ)

:       0       0

වරුණ Thursday, 27 June 2013 02:21 PM

අකුරට නිතිය ක්‍රියාත්මක වෙනවා (දී)

:       0       0

අමාලි සිල්වා Thursday, 27 June 2013 02:33 PM

අපෙත් මන්ත්‍රී වරු ඉන්නවා මේවට අසු වෙලා නඩු ගිය . එහෙත් බලය සහ මුදල් බලය සමගම ඒවා යටපත් වෙලා .(අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 June 2013 03:11 PM

මෙම ජාතිවාදී ඉතාලි කාරයා ඉක්මනින්ම හිරේ යා යුතුය.(නදී)

:       0       0

අචිනි Thursday, 27 June 2013 03:20 PM

ඉතාලියේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 27 June 2013 03:40 PM

මෙවන් සාධාරණ නීතියක් ඇති රටක සිටින අපි කෙසේ නැවත ලංකාවට පදිංචියට එන එක ගැන හිතන්නද? (නි)

:       0       0

චන්දන Thursday, 27 June 2013 12:43 PM

අමානුෂීය තීන්දුවක්. (දී)

:       0       0

විමල් Thursday, 27 June 2013 05:07 PM

වයස ප්‍රශ්නයක් නැහැනේ රස්සාව අබිසරු නම් (නි)

:       0       0

ධම්මික Thursday, 27 June 2013 05:55 PM

ඒකට අපේ රටේ...? බාලවයස්කාරියන් 50 දුෂණය කලත් සමහරු තවමත් නිදැල්ලේ. මහා ලොකුවට කියන්නේ නම් ලෝකෙන්ම උතුම් රට කියලා... (නි)

:       0       0

ලලිත් Thursday, 27 June 2013 09:37 PM

අප්පා ඒකට අපේ රටේ (අ)

:       0       0

රුවන්වැල්ල Thursday, 27 June 2013 10:00 PM

ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය හා මානව අයිතිවාසිකම් සැමටම ඇත (නි)

:       0       0

අනිල් Friday, 28 June 2013 12:44 AM

අපේ රටෙත් පහුගිය දවස්වල ඔය වගේ දේවල් සිදු වුනා.(නදී)

:       0       0

ගයා Friday, 28 June 2013 07:38 AM

ඒකට අපේ රටේ...? බාලවයස්කාරියන් 50 දුෂණය කලත් සමහරු තවමත් නිදැල්ලේ. (නි)

:       0       0

හර්ෂි Friday, 28 June 2013 09:50 AM

මෝඩ වැඩක්. කරන්න ඕනේ බාල වයස්කාරයින්ව මේකෙන් මුදවාගන්න එක.(නදී)

:       0       0

කුමාරිහාමි Friday, 28 June 2013 10:48 AM

බාල වයස්කාරයෝ ගණිකා වෘත්තියට වැටෙන විදියට රට පාලනය කළාට දඩුවම් මොකක්ද?(නදී)

:       0       0

බණ්ඩාර කුවෛට් Friday, 28 June 2013 10:52 AM

කොච්චර නීතිගරුක රටවල්ද අපට හිතා ගන්න පවා නොහැකිය. අපි ඉන්නේ කොතැනද? අපේ නීතිය පොදු සාදාරනයක් තිබේවිද? හොර දේශපාලකයින් සමාජය ආපස්සට හරවමින් අගාදයකට යන ගමනකයි අපි ඉන්නේ. කොහොම වෙතත් අමාරුවෙන් හෝ යුරෝපා රටවලට ගිහින් ඉන්න අපේ අය වාසනාවන්තයි කියා සිතෙනවා. මොකද ඔවුන්ට හොඳ රැකවරණයක් ලැබෙන නිසා (නි)

:       0       0

බුද්ධික Thursday, 27 June 2013 10:26 AM

මිනිස්සුන්ගේ තනතුරු වලට වඩා හැගීම් බලවත් (දී)

:       0       0

බමුණු Thursday, 27 June 2013 07:05 AM

සිරි ලංකාවේ එහෙම වෙන්නේ නැත. (නි)

:       0       0

ආනන්ද Thursday, 27 June 2013 07:48 AM

මේ ශ්‍රී ලංකාවේ ඕක ඇවිල්ලා දේශපාලනයට ඕනෑම කරන අවම සුදුසුකමක්. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:12 AM

අගමැතිටවත් නිදහසක් නැති හැටි? (නි)

:       0       0

වරුණ Thursday, 27 June 2013 08:18 AM

ඉතින් ඒක කැමැත්තෙන් දෙන්නගේ වුවමනාවට වෙච්ච දෙයක් නේ. (නි)

:       0       0

මුරුගන් Thursday, 27 June 2013 08:21 AM

දැක්කද සදරුවන්....? (නි)

:       0       0

ලසන්ත Thursday, 27 June 2013 08:22 AM

මේවා මේ කියන උතුම් රටට සිහින. (නි)

:       0       0

රත්නායක Thursday, 27 June 2013 09:43 AM

ලංකාවෙන් උපදෙස් ගත්තනම් ,එතුමාට ඔහොම වෙන්නේ නැහැ (නි)

:       0       0

කිරිහාමි Thursday, 27 June 2013 09:48 AM

මේ ෆොටෝ එකේ ඉන්න කෙල්ලද බාල වයස්කාර කෙනා? එයාගේ නම් කිසි ලාබාල පෙනුමක් නැහැ (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 27 June 2013 09:58 AM

මේ ක්‍රමය ලංකාවේ තිබ්බානම් පාර්ලිමේන්තුවත්, පළාත් සභාවලත් සියයට අනූපහක් හිරේ ඉන්න ඕනා.(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 27 June 2013 10:23 AM

කාටද අපි වරද දාන්නේ (දී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Thursday, 27 June 2013 03:38 AM

ලංකාවේ නම් මෙහෙම නැහැ (නි)

:       0       0

ප්‍රිය Thursday, 27 June 2013 10:43 AM

ඒ කාලේ නම් අන්තංපුර තිබුනා. දැන් කාලේ එහෙම බැහැනේ. නීති තදයි.(නදී)

:       0       0

කැනඩා දිසා Thursday, 27 June 2013 11:00 AM

ආපෝ ,අපේ නම් මෙච්චර බල බල ඉන්නේ නැහැ, මෙලහකට දඩුවම දීලා ඉවරයි (ගණිකාවට) (නි)

:       0       0

දම්මි Thursday, 27 June 2013 11:08 AM

ලංකාවටත් මේ නීතිය ගෙනාවොත් ඇමති මණ්ඩලෙන් කොච්චර හිරේද? (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 27 June 2013 11:09 AM

බාලවයස්කාරියන් ගණිකාවන්ගේ තත්ත්වයට පත් කළාටත් දඩුවම් දියයුතුයි නේද? (නි)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 11:12 AM

ඒකට ලංකාව. ලජ්ජා වෙන්න ඕනෑ අපි (නි)

:       0       0

ලක්ෂාන් Thursday, 27 June 2013 11:48 AM

ඔන්න ඔන්න පුරැද්ද ඉස්මතු වෙනවා (අ)

:       0       0

ෆෛසල් Thursday, 27 June 2013 11:55 AM

වරුණ, ඔයාගේ අම්මා, සහෝදරිය, දුව සමග අන්‍ය අය දෙදෙනාගේ කැමැත්තෙන් දෙන්නගේ වුවමනාවට වෙච්ච දෙයක් නිසා ඔබ එයට ඉඩදෙනවද? ඔබගේ දහම හරියට ඉගෙනගන්න.... (නි)

:       0       0

මොහාන් Thursday, 27 June 2013 12:12 PM

මහත්මයානෙනි ,මට ඔබ ගැන කණගාටුයි. ඔබ ඉතාලියේ වෙසෙන විදේශිකයන්ට බොහෝ උපකාර කල අයෙක් (අ)

:       0       0

නුවන් Thursday, 27 June 2013 12:22 PM

ඉතාලියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site