බැටරියක ආයු කාලය අවසන්වී ඇත්දැයි සොයාබැලීමේ අපූරු ක්‍රමයක් ඇමරිකා ජාතික ඉංජිනේරුවෙකු හඳුන්වාදී තිබේ.
ඔහුට අනුව බැටරියක් උසක සිට පොළවට අතහැර එය පොලා පනින්නේ දැයි සොයාබැලීම මගින් බැටරියේ ආයුකාලය අවසන් යැයි තීරණය කළ හැකිය.
අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවක ඔහු මෙය ප්‍රායෝගිකවම පෙන්වන ආකාරය දැක්වෙන අතර අලූත්ම බැටරියක් පොළවට අතහැරි විට පොලා පනින්නේ නැති බවද පැරණි බලයක් නොමැති බැටරියක් පොළවට අතහැරි විට එය පොලා පනින බවද එම වීඩියෝවේ සටහන්ව තිබේ.
මෙයට හේතුව පැහැදිලි කරදෙන ඔහු පවසන්නේ අලුත ගත් බැටරියක අභ්‍යන්තරයේ ඇති ජෙලි වැනි ස්ථරය බැටරිය ඉහළ සිට පහළට වැටී නැවත පොලා පැනීමට අවැසි වන ශක්තිය උරා ගන්නා නිසා අලූත් බැටරියක් පොලා නොපනින බවයි.
නමුත් පැරණි බැටරියක මෙම ස්ථරය ඇත්තේ ඝණ වී හෙයින් ශක්තිය උරා ගැනීමට නොහැකි තැන බැටරිය නැවත පොලා පනින බව ඔහු පෙන්වා දේ.
බැටරිය උසක සිට පොළවට ඒමේදී උපදින චාලක ශක්තියෙන් කොටසක් පොළවේ හා ගැටී විනාශ වුවද තවත් කොටසක් ඉතිරි වේ.
අලුත් බැටරියේ ඇති ජෙලි ස්ථරය මෙම ඉතිරිවන චාලක ශක්ති ප්‍රමාණය උරා ගත්තද පැරණි බැටරියක එම ජෙලි ස්ථරය ඝණයක් වී පැවතීම නිසා එසේ ශක්තිය උරා ගැනීමට ඊට හැකියාවක් නැත.
එනිසා එය පොලා පනී.
මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින්ගේද අවධානය යොමුව තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය සරල වුවත් ගතයුත්තක් තිබෙන බවයි.
බැටරියක සිදුවන රසායන ප්‍රතික්‍රියා නිසා උපදින ජලය අවශෝෂණය කර ගැනීමට මෙම ජෙලි ස්ථරය අන්තර්ගත කර තිබෙන බව පෙන්වා දෙන ඔවුන් කල් ගතවීමේදී එම ජෙලි ස්ථරයට ජලය තවදුරටත් උරාගත නොහැකි අවස්ථාවක් උදා වන බවද එවිට එය ඝණ වන බවද පවසයි.
බැටරියක් පිම්බෙන්නේ,එයින් ද්‍රවයන් වෑස්සීමට පටන්ගන්නේ මේ නිසා යැයි ඔවුන් කියයි.
දැන් පිම්බෙන තෙක් හෝ ද්‍රවයන් වෑස්සෙන තෙක් බලා නොසිට උඩක සිට අතහැර බැටරිය නැවත ‘‘උඩ‘‘ පනින්නේදැයි බැලීමෙන්ද එහි හොද නරක විමසා බැලිය හැකි බවක් පෙනේන්නේ යැයි ඔවුන් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැටරිය බැහැලා දැයි බලාගන්න බිමට දාන්න
සදුනි Friday, 05 September 2014 02:25 PM
හොද අදහසක් නේ. කියල දුන්නට ස්තුතියි. (නදී)
විමල් Saturday, 06 September 2014 02:28 PM
අලුත් අදහස් වලින් බොහෝ දේ පහසු වේ (නි)