හදිසි ගුවන්යානා අනතුරකින් හිටපු අල්කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩෙන්ගේ කුඩම්මා සහ ඥාතිසොහොයුරියක මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් ගමන් කරමින් සිටි පෞද්ගලික ජෙට් යානය බි්රතාන්යයේ බ්ලැක්බුෂ් ගුවන්තොටුපළේ ගොඩ බැස්වීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ. යානයේ නියමුවා නියමිත වේගය ඉක්මවා යානය ගොඩබැස්වීමට තැත් කර ඇතැයි ද අවසාන මොහොතේදී එය නිවැරදි කිරීමට යාමේදී යානය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අසළ මෝටර් රථ ගාලකට කඩා වැදී ගිනිගෙන විනාශ වී ඇතැයිද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
බින් ලාඩෙන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනා හා ගුවන්නියමුවා හඳුනාගත නොහැකි තරමට පිළිස්සී ඇතැයි බ්ලැක්බුෂ් පොලිස් ආරංචි මාර්ග කියයි.
බින් ලාඩෙන් පවුල සෞදි අරාබියේ ප්‍රභූ ගණයට අයත් වන පවුලක් වන අතර ඔවුහු සාර්ථක ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකට හිමිකම් කියති. මෙම පවුලේ ඔසාමාට සිටි සහෝදර සහෝදරියන් සංඛ්‍යාව 50 ඉක්මවන අතර එයින්ම බින් ලාඩෙන් පවුලේ විශාලත්වය සිතාගත හැකිය.
ත්‍රස්ත කටයුතු වල නිරත වන්නේ යැයි හෙළිවීම නිසා සෞදි අරාබිය ඔසාමාව එරටින් පිටුවහල් කර දැමූ අතර ඒ හාම බින් ලාඩෙන් පවුලේ සාමාජිකත්වයෙන්ද ඔහුව නෙරපා හැරීමට ඔහුගේ පියා කටයුතු කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බින් ලාඩන්ගේ කුඩම්මාත් ගුවන් අනතුරින් මරුට
දුමින්ද Wednesday, 05 August 2015 09:23 AM
ලේ තැවරුණ මුදලින් සැප විදීමේ අවසානය (ම)
චන්න බුවනක Wednesday, 05 August 2015 02:10 PM
මක්කම පූජා භූමියේ සියලු ගොඩනැගිලි ඉදිකිරීම් කරනුයේ බින් ලාඩන් සමාගම විසිනුයි. එසේ හෙයින් මේ පව්ල ධන කුවේරයන්ය. (බ)
සමන් වැලිකල Wednesday, 05 August 2015 03:02 PM
මටනම් මේක සකි,මම හිතන්නේ මේක මොකක් හරි පලන් එකක්. මම වැරදි ඇති එවුනාට සත්‍ය කවද හරි එලිවෙයි. මේකත් MH370 වුනා වගේ වෙයිද දන්නේ නෑ (බ)
සමන් වැලිකල Wednesday, 05 August 2015 03:17 PM
දුමින්ද නිව්ස් එක හරියට කියවල ඉන්න (බ)
තිලක් Wednesday, 05 August 2015 07:39 PM
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ගුණතිලක Thursday, 06 August 2015 01:08 AM
පව්...! නුඹලා සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි.කිසිවකු මියයාම හෝ මරණයට පත්කිරීම මම අනුමත නොකරමි. සියල්ලෝ සතුටින් ජීවත්වීම මගේ ප්‍රාර්ථනයයි. (නි)
සුකිරි Thursday, 06 August 2015 05:56 AM
අනේ මේ ගොල්ලන්ද... පවුලම අතු ගෑවුනත් මන් නම් මොකුත් කියන්නේ නැහැ.(නදී)
අරුණ Thursday, 06 August 2015 09:47 AM
මොකටද සතුරාගේ කටටම නිවාඩුවකට ආවේ? දැන් ඉතින් නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ගොඩට තමා. (නදී)
ලක්මාල් Friday, 07 August 2015 03:12 AM
ඒ අය පදිංචිය එංගලන්තයේ. අරුණ ගොඩක් දේවල් නොදන්නා හැඩයි (නි)
රිෂාර්ඩ් Friday, 07 August 2015 06:18 AM
කව්රුත් ලෝකයේ අල්ලාහ් දෙවියන්ගේ පණිවිඩය පරිදි මනුස්ස ලෝකයාම ඉස්ලාම් ස්වර්ගයක් කිරීම සඳහා කැපවූ බින් ලාඩෙන් උත්තමයාට මුකුත් කියන්න එපා.දෙමළ ජනතාව ප්රභාකරන් අදහනවා වාගේම මුස්ලිම් අපිත් අති උත්තම බින් ලාඩන් අදහනවා.(ම)
කමල් Friday, 07 August 2015 10:19 AM
රිෂාර්ඩ්ට මුකුත් කියන්න එපා (අ)
නිශේන් Friday, 07 August 2015 10:13 PM
සතුරෙකුගේ වුවද මරණයකදී සතුටුවීම අපි නොකරමු (නි)