X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


බින් ලාඩන් හිටියානම් ප්‍රංශයත් ඉවරයි

ලෝකයේ සිටි දරුණුතම ත‍්‍රස්තවාදි නායකයා ලෙස සැලකූ අල් කයිඩා සංවිධානයේ නායක බින් ලාඩන් මිය ගොස් වසර හතරකි. පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට කිලෝමීටර් 100ක දුරකින් පිහිටි අබොතාබාඩ් හී නිවසේදි ඔහු මරු වැළඳ ගත් ඇමෙරිකා කොමාන්ඩෝ ප‍්‍රහාරයෙන් පසු ඔහුගේ නිවසේ තිබු බොහෝ බඩු භාණ්ඩ පරීක්ෂණ කණ්ඩායම් භාරයට පත් වූයේය. එම භාණ්ඩ ඇමෙරිකා රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු පුස්තකාලයේ බින් ලාඩන්ට හිමි රාක්කවල තැන්පත් කළේය.

එයින් ලබා ගත් සාක්කි පදනම් කොට පරීක්ෂණ වලින් පසු බින්  ලාඩන් විසින් අධ්‍යයනය කළ පොත් පත් හා ලිපි ලේඛන තොගයක තොරතුරු ඇමෙරිකා රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැයි 20 වැනිදා හෙළි කළේය.

 එම තොරතුරු අනුව බින් ලාඩන් ඇමෙරිකාව පලමු සතුරා වන විට දෙවැන්නා ප‍්‍රංශයයි. එයට සාක්කි ද  ඔවුන් හෙළිකළ තොරතුරු ලැයිස්තුවේ අඩංගු වී ඇත්තේය. ඒ අතර ඔහු පරිහරණය කළ පොත් පත් අතර ප‍්‍රංශ කෘති හා ප‍්‍රංශය සම්බන්ධ බොහෝමයක් ලිපි ලේඛන ඇති බවත් එය විස්සක් පමණ වන බව එම වාර්තා උපුටා දක්වයි.

 2011 ජනවාරි මස නෙදර්ලන්ත ජාතික සුප‍්‍රසිද්ධ රබෝබෑන්ක් හා 2009 දි යුරෝපා මහ බැංකුව නිකුත් කළ වාර්තා වල ප‍්‍රංශයේ ආර්ථිකය සම්බන්ධ සාරාංශ පිටපත් 18 වැනි සියවසේ ප‍්‍රංශයේ ආර්ථිකය හා සමාජය යන ප‍්‍රංශ කෘතියේ ඉංග‍්‍රිසි පරිවර්තනය හා ඩග්ලස් ලෙර්වින් විසින් රචිත 1929 ප‍්‍රංශයේ ආර්ථික අර්බූදය නැමැති කෘතී විශේෂ වේ. ප‍්‍රංශ හමුදාවේ  ආරක්ෂණ ක‍්‍රමවේද ප‍්‍රංශ හමුදා පරිපාලනය ප‍්‍රංශ කර්මාන්ත ප‍්‍රංශ න්‍යෂ්ඨික ව්‍යාපෘති සදහා දැඩි ඇල්මක් මෙන්ම ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව සදහන්වේ. ප‍්‍රංශ නැව් සමාගම් ගැන සම්පූර්න සවිස්තර ලැයිස්තුවක් ඔහු සතුව තිබී ඇත්තේය.

ප‍්‍රංශයේ ආර්ථිකය කඩා බිද දැමීම ඔහුගේ ඉලක්කයක්වූ බවත් ඒ හරහා යුරෝපය ද දුර්වල කිරීම ඔහුගේ අවසාන ඉලක්කයක්වූ බවත් ප‍්‍රංශ ආරක්ෂක විශ්ලේෂකයෝ ප‍්‍රංශ මාධ්‍යයන්ට හෙළි කර සිටිති.

01(1) 02(1) 03

 

 

 

 

 

 



අදහස් (0)

බින් ලාඩන් හිටියානම් ප්‍රංශයත් ඉවරයි

නුවන් Friday, 22 May 2015 12:31 PM

තවත් සුර දුතයෙක්! (නි)

:       0       0

නන්දලාල් Friday, 22 May 2015 01:03 PM

ගෝලීය ත්‍රස්තවාදියාට එරෙහිව එකහඬින් නැඟීසිටින, "ලෝක පොලිස්කරු" හැටියට විරුදාවලිය ලබාසිටින එක්සත් ජනපදයට හැමවිට සහාය දෙන ප්‍රංශය, බින්ලාඩන්ගේ දෙවැනි සතුරා වීම පුදුමයට හේතුවක් නොවෙයි. බින් ලාඩන් ඇමෙරිකාව පළමු සතුරා වනවිට දෙවැන්නා ප‍්‍රංශයයි. (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 22 May 2015 04:07 PM

බින් ලාඩන්ව හැදුවෙත් ඇමරිකාව, නැතිකළෙත් ඇමරිකාව. ලෝකයට ත්‍රස්තයන් බිහිකරන්නෙත් , පසුව ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගෙන නැතිකරන්නෙත් ඇමරිකාව. මුළු ලෝකයම ගුප්ත විදියට පාලනය කරන්නේ ඇමරිකාව සහ බටහිර යුරෝපයයි. එයින් ගැළවීමක් නොමැත (නි)

:       0       0

බටු ගෙදර Saturday, 23 May 2015 06:23 AM

රිචි බාලසුරිය -හැම එකම තවකාලිකයි මොකෝ බය වෙන්නේ (බ)

:       0       0

හේවාවිතාරණ Saturday, 23 May 2015 07:40 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

නීලා Saturday, 23 May 2015 08:16 AM

ඇමරිකාවට ජය වේවා. (නදී)

:       0       0

බමුණු ආරච්චි Saturday, 23 May 2015 12:37 PM

මට මෙතුමා සමඟ කතාකිරීමට 1993 ගල්ෆ් යුද්ධ කාලෙදී අවස්ථාවක් ලැබුනා. ඒ මම බිල් ලාඩන් ගෲප් නමැති ආයතනයට වැඩ කරන කාලේ. වචන දෙක තුනක් කතාකරන්න ඉඩ ලැබුන එකත් වාසනාවක්. (නි)

:       0       0

චරිත Saturday, 23 May 2015 01:17 PM

බින් ලාඩන් කියවපු ලියවිලි රහසිගත ඒවාද? මෙතන, බින් ලාඩන්නේ කියෙව්වේ. ඒක තමා අවුල..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site