X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බොලිවියාව ජගත් නීති එළිපිට කඩයි

ළමුයින් කම්කරුවන් සේ රැකියාවන්හි යෙදවීම නීතිගත කිරීමට බොලිවියා රජය කටයුතු කර තිබේ.

නව නීති වලට අනුව වයස අවුරුදු 10 කට නොඅඩු දරුවන්ට කම්කරුවන් ලෙස රැකියාවන්හි නිතරවීමට අවසරය හිමිය.

ලොව බොහෝ රටවල් ළමා කම්කරු මෙහෙයට වැට බැදීමට කටයුතු කරමින් සිටින මෙම යුගයේ බොලිවියාවේ තීරණය සියළු දෙනා මවිතයට පත්කරවීමට සමත්ව ඇත්තකි.

බොලිවියාවේ ළමා කම්කරුවන් ලක්ෂ 10 ක් පමණ සිටින බවට ගණන් බලා තිබෙන අතර ඔවුන්ගෙන් බහුරතය ඇගලූම් කර්මාන්තශාලා, ගොවිපළ, කොකෝවා කර්මාන්තශාලා වැනි ස්ථාන වල සේවය කරන බවද සොයාගෙන ඇත.

තම තීරණය සාධාරණීකරණය කරන බොලිවියා රජය පවසන්නේ බොලිවියාවේ ළමා කම්කරු මෙහෙය කිසිලෙසකින්වත් නැවැත්විය නොහැකි තත්ත්වයක පවතින බවයි. බොහෝ පවුල් දරිද්‍රතාවයෙන් පෙළීම නිසා එම පවුල් වල දෙමව්පියන්ට තම දරුවන් කෙතරම් වයසින් බාල වුවත් අකැමැත්තෙන් හෝ කම්කරු වෘත්තීන්හි නිරත කරවීමට සිදුව තිබීම ඊට ප්‍රධාන හේතුව ලෙස බොලිවියා රජය පෙන්වා දේ.

මෙනිසා ළමා කම්කරු වෘත්තීය තහනම් කරනවාට වඩා එය යම් සන්දර්භයන් ඇතුළත නීතිගත කිරීමෙන් කම්කරුවන් ලෙස සේවයේ නියුතු දරුවන්ට යහපතක් මිස අයහපතක් සිදු නොවන බව රජය කියයි.

මෙකී සන්දර්භයන් වන්නේ කම්කරුවෙකු වුවද  අනිවාර්යයෙන් පාසැල් යාමට කාලය වෙන්කළ යුතුවීම, රැකියාවේ නිතරවීම තම දෙමව්පියන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුවීම යන ඒවාය.

බොලිවියා රජයේ මෙම තීරණය ‘‘හිසේ අමාරුවට කොට්ටය මාරු කළාක් වැන්නක්‘‘ ලෙස  මානව හා ළමා හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා අන්තර්ජාතික සංවිධානයන් හඳුන්වාදේ.

එම සංවිධාන වලට අනුව ළමයෙක් කම්කරු මෙහෙයේ යෙදෙනේනේ නම් ඔහුට හෝ ඇයට පාසැල් යාමට කිසිසේත් කාලය ඉතිරි වන්නේ නැත.

නිසි කලට නිසි අධ්‍යාපනය නොලැබීමෙන් සිදුවන්නේ කවදා හෝ මෙම කම්කරු දරුවන්ටද ඔවුන්ගේම යැයි දරුවන් ලැබුණු දිනෙක එම දරුවන්ටද කම්කරු වෘත්තියම උරුම වීම බව එම සංවිධානයන් පෙන්වා දේ.

දරිද්‍රතාවය මෙවන් වාතාවරණයක් ඇතිවීමට හේතුවයැයි හදුනාගෙන ඇත්නම් ඊට විසඳුම් සොයනවා විනා මෙවන් තීරණ ගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි යැයි ඔවුන් කියයි.

bolivia_2980203b.large



අදහස් (0)

බොලිවියාව ජගත් නීති එළිපිට කඩයි

සෆ් Tuesday, 05 August 2014 03:28 PM

ජ්‍යාතන්තර නීති සුද්දගේ සංස්කෘතිය අදාළ නීති,, මේ තීරණය මොනවා වුනත්, තමන්ගේ සංකෘතිය ඉහලට ගෙන කටයුතු කිරීම ,,,, ජ්‍යාතන්තර ප්‍රමිතිය අනුව නුවනක්කාරකම් පෙන්නන ලංකාවේ කපටි දේශපාලකයින්ට පාඩමක් ! (දී)

:       0       0

අනුර පියතිස්ස Tuesday, 05 August 2014 04:02 PM

චේ ගුවේරාට අපහාසයක්..... (දී)

:       0       0

ෆාතිමා Tuesday, 05 August 2014 04:23 PM

කෝ කෝ මේ පිල්ලේ නෝනා මේ බලන්න මේ (දී)

:       0       0

විජ‍ේසිංහ Tuesday, 05 August 2014 08:05 PM

දැන් එතකොට මේවා හොඳද? (නි)

:       0       0

ජයමාල් Tuesday, 05 August 2014 10:07 PM

මම අහලා තියෙන්නේ බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නේ ළමා කම්කරුවන් හින්දා කියලයි (නි)

:       0       0

ෂරීෆ් Wednesday, 06 August 2014 03:12 PM

පිල්ලේ කියන දෙබිඩි පිළිවෙතත් තියන නෝනාට මෙව්ව පෙන්නේ නැතිව ඇති සල්ලිවලට කෑදර නවිනීදන් පිල්ලේ කියන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site