බෝනික්කන් සදහාම වෙන්වූ ‘රෝහලක්‘ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වේ.
1913 වර්ෂයේදී ආරම්භ කර ඇති මේ රෝහල පසුගියදා සිය 100 වැනි උපන්දිනයද සැමැරීය.ඕස්ටේ්‍රලියාව
පමණක් නොව ලොව පුරා කුඩා දරුවන් අතින් කඩා බිද දැමෙන බෝනික්කන් හට ‘ප්‍රතිකාර‘ කර ඔවුන් යථා තත්ත්වයට පත්කිරීම මෙහිදී සිදුවේ.බොහෝ දෙනා මේ 21 වන සියවසෙහි ජීවත්වන දරුවන් පරිගණක ක්‍රීඩා ජංගම දුරකථන ඇතුළු විවිධ උපාංග ගැන පමණක් අවධානය යොමු කරතියි සිතුවද අදටත් සිය ආයතනයට අලූත්වැඩියා කටයුතු සදහා බෝනික්කන් ලැඛෙන බව පවසන්නේ රෝහලේ වත්මන් අයිතිකරු වන ජෙෆ් චැප්මන්ය.
ජපානයෙන් බෝනික්කන් ගෙනැවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්නට යෙදුණු මෙය බෝනික්කන් අලූත්වැඩියා කරන තැනට පත්වීම පිටුපස ඇත්තේ රසවත් කතාවකි. ජපානයේ සිට ඕස්ට්‍රේලියාවට නැව්ගත කරන බෝනික්කන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන විට තිබී ඇත්තේ ඉතා දුක්ඛිත තත්ත්වයකය. කරන්නට දෙයක් නොහැකි තැන එදවස හිමිකරු වූ ජෙෆ්ගේ පියා වන හැරල්ඩ් චැප්මන් හට බෝනික්කන් අලූත්වැඩියා කරන්නටද සිදුවිය. මෙසේ කාලයක් වැඩ කටයුතු කෙරීගෙන යද්දී තමන්ට ආනයනය කරන බෝනික්කන පමණක් නොව අලූත්වැඩියා කිරීම සදහා වෙනම බෝනික්කන්ද ලැඛෙන්න ගත්තෙන් හැරල්ඩ් ආනයන කටයුතු වලට ආයුබෝවන් කියා බෝනික්කන්ගේ රෝහල අරඹා ඇත.
එක් අවස්ථාවකදී මෙහි ‘හෙදියන්‘ 70 ක් පමණ දෙනා රාජකාරි කර තිඛෙන අතර පසුගිය වසරේ ගණන් බලා ඇති පරිදි මේ වන විට බෝනික්කන් ලක්ෂ 25 කට පමණ රෝහල විසින් ‘ප්‍රතිකාර‘ ලබා දී තිබේ.අලූත්වැඩියා කරන ලද බෝනික්කෙකු රැගෙන යාමට පැමිණෙන කුඩා දරුවෙකුගේ සිනහව තරම් තමන් සතුටට පත්කරන දෙයක් නොමැති බව ජෙෆ් චැප්මන් කියයි.
.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බෝනික්කනට ‘රෝහලක්‘
සුධීර Sunday, 24 February 2013 03:10 PM
නියමයිනේ. (නි)
ගාමිණී Sunday, 24 February 2013 03:47 PM
බෝනික්කන්ගේ රෝහලක වුණත් නම දාලා තියෙන්නේ බෝනික්කන්ගේ ආරෝග්‍ය ශාලාවක් විදියටනේ. (නි)