X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


බෝම්බය වැරදි තැනකට වැටෙයි

මෙහෙයුමකින් පසු නැවත කඳවුර බලා පැමිණෙමින් සිටි ඉරාක ප‍්‍රහාර ගුවන්යානයක හදිසියේ මතුවූ කාර්මික දෝෂයක් නිසා එහි වූ බෝම්බයක් බැග්ඩෑඩයේ ජනාකීර්ණ පෙදෙසකට වැටී පුපුරායෑමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව තිබේ.

මෙහෙයුම අවස්ථාවේදීත් මෙම යානය කාර්මික දෝෂ වලට ලක්ව ඇතැයි සඳහන් වන අතර බැග්ඩෑඩයට වැටුණු බෝම්බය අයිඑස් ඉලක්කයක් මත පතිත කිරීමට නියමිතව තිබු එකක් බව කියති.

සුකෝයි එස්යූ 25 වර්ගයට අයත් වන මෙම යානය ඉරාකයට ලබාදී ඇත්තේ රුසියාවයි.

බැග්ඩෑඩයට සැතපුම් 70 ක පමණ දුරින් පිහිටි රමාඩි නගරය මේ වන විට අයිඑස් අණසක යටතේ පවතී. අන්තවාදීන්ගේ ඊළග ඉලක්කය වන්නේ බැග්ඩෑඩ් නගරය හෙයින් හඳුනාගත් සතුරු ඉලක්කයන්ට දැඩි ප‍්‍රහාර එල්ල කිරීම ඉරාක ආරක්ෂක අංශ මේ දිනවල සිදුකරයි.

5760 baghdad f1f553831b066d1e7b0f6a706700f23a



අදහස් (0)

බෝම්බය වැරදි තැනකට වැටෙයි

අතුල Wednesday, 08 July 2015 05:38 AM

මේක ලෝකේ මවපු අයගේ වැරැද්ද! (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 July 2015 07:29 AM

මිනිසා විසින් මිනිසාව විනාශ කරගන්නවා.(නදී)

:       0       0

ෂෆික් Wednesday, 08 July 2015 08:40 AM

අල්ලා...(බ)

:       0       0

රුවන් Wednesday, 08 July 2015 08:42 AM

බුදු දහම තරම් අවිහිංසා වාදී ආගමක් තවත් නෑ... මේ අයගේ මොලේ පැදිලා දුෂ්ඨකම් නැති වේවා ! (ම)

:       0       0

චතුර Wednesday, 08 July 2015 09:56 AM

රුවන් , බුදුදහම විතරක් නෙමෙයි අනිත් ආගනුත් අහිංසාවාදියි.ඒක මිනිස්සු භාවිතා කරන විදිහ වැරදියි. බලන්න ලංකාවේ ගොඩක් බෞද්ධයෝ බුදුදහම භාවිතා කරන විදිය. එයාල ආගමේ කියලා තියෙන විදිහටද හැසිරෙන්නේ? (නි)

:       0       0

සුනිල් Wednesday, 08 July 2015 09:57 AM

ලෝකේ මවපු දෙවියන් මිනිසාට දුෂ්ට කම කියල දුන්නේ නැහැ. මිනිසාට නිදහස් කැමැත්තක් දුන්න තමුන් කරන්න කැමති දේ කරන්න. එ්කෙන් මිනිහා දුෂ්ට කම තෝරගත්තට දෙවියන්ට දොස් කියන්න බැහැ (නදී)

:       0       0

කුමාර් Wednesday, 08 July 2015 10:26 AM

රුවන්, අනේ මොකටද මගේ කට. බුදු දහමේ අහිංසාව බලන්න යන්න ඕනා "මියන්මාර්" රටට. (නදී)

:       0       0

නිසාර් Wednesday, 08 July 2015 11:18 AM

අතුල, ලෝකය මවපු කෙනාට විනාශ කරන්න අයිතියක් නැද්ද? (හේ)

:       0       0

සිසිර Wednesday, 08 July 2015 12:30 PM

රුවන්, ඒ වුණාට ලංකාවේ යුද සමයේ සාමාන්‍ය අහිංසක දෙමළ ජනයා මෙන්ම අසූව දශකයේ විප්ලව සමයේ අහිංසක සිංහල ජනයාද නිරපරාදේ මැරුණු අවස්ථා එමටයි (නි)

:       0       0

සිල්වියා Wednesday, 08 July 2015 04:03 PM

ලංකාවේ බහුතරයක් වෙන බුද්ධාගමේ මිනිස්සුම කරන දේවල් දැක්කහම කොහෙද ඔය රුවන්ගේ කතාවට ගැළපෙන අය ඉන්නේ කියන ප්‍රශ්නය අහන්න වෙනවා (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 08 July 2015 07:51 PM

මේවා උත්තර නැති ප්‍රශ්න.(නදී)

:       0       0

බටුගෙදර Thursday, 09 July 2015 10:55 AM

හිනා යන අදහස් මේ අපේ කට්ටියගේ ? කොහෙද යන්නේ මල්ලේ පොල් ම තමා. (ර)

:       0       0

නෆීස් Thursday, 09 July 2015 01:50 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

වසන්ත Thursday, 09 July 2015 04:44 PM

වැඩිම දේශපාලන හොරු ඉන්න රට. (නි)

:       0       0

කල්ප Thursday, 09 July 2015 08:56 PM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site