අන්තර්ජාතක අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ රොකට්ටුවක් පසුගියදා ගුවන් ගතවී තත්ත්පර 6 ක් ගතවීමේදී පුපුරා විනාශ විය.
සිදුව ඇති අලාභය ඩොලර් ලක්ෂ 2000 (රුපියල් ලක්ෂ 264000) ක් පමණ වේයැයි ගණන් බලා ඇත.
රොකට්ටුව ගුවන්ගත වනු ආශාවෙන් නරඹමින් සිටියවුන්ගේ ඇස් පනාපිටම එය ගිනි බෝලයක් බවට පත්වුනි.
රොකට්ටුවේ පිපිරුම කිලෝමීටර ගණනාවක් ඈතට දිස්ව ඇතැයි සඳහන්ය.
නාසා ආයතනයේ කොන්තරාත්තුවක් භාරව කටයුතු කරන ඕර්බිටල් සයන්සස් නම් සමාගමක් රොකට්ටුවේ හිමිකාරීත්වය දරන අතර එම සමාගම පවසන්නේ වසර 40 ක් පමණ පැරණි තාක්ෂණයක් භාවිතයෙන් නිපදවූ රුසියා රොකට්ටුවක් වැඩිදුර නොසිතා මේ සදහා භාවිතා කිරීම ගමනේ විනාශයට හේතුවූ බවයි.
එසේ වුවත් ප්‍රකාශයක් නිකුත් කර ඇති රුසියාව,ඇමරිකාවේදී සිදුකරන්නට ඇති යාවත්කාල කිරීම් රොකට්ටුවේ විනාශයට මුල් වී ඇතැයි චෝදනා කර ඇත.
පිපිරීමෙන් ජීවිත හානි කිසිත් වාර්තා වී නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
භාණ්ඩ ප්‍රවාහන රොකට්ටුව පිපිරේ
නිරාන් සෞදි Thursday, 30 October 2014 10:30 AM
වැරැද්ද බාරගන්න බැරිකම හා නොහැකියාව මනාව ඔප්පුවෙලා තියෙන්නේ (නදී)
ලක්ෂී Thursday, 30 October 2014 02:05 PM
ලෝකයටම සෙල්ලම් පෙන්වන ඇමරිකාවට මේකත් එක සෙල්ලමක් පමණයි. ඒ වුණත් ලැජ්ජයි (නි)
සෙනරත් Friday, 31 October 2014 05:24 PM
ඇමෙරිකාව දැන් රොකට් ගන්නේ රුසියාවෙන්වද්ද? (නි)
ඉසුරන්දි Saturday, 01 November 2014 07:57 AM
සල්ලිකාර රටවල් එහෙම තමයි.පාඩු හෝ ලාබ ගැන නොතකා එයාලගේ පර්යේෂන ගැනයි වැඩිය උනන්දු වෙන්නේ.(හේ)
ජයන්ත Saturday, 01 November 2014 10:52 AM
මොනවා උනත් මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියකදී ඔයවගේ වැරදි වෙන්න පුළුවන්.(හේ)
චන්ද්‍රා Saturday, 01 November 2014 02:20 PM
එකෙත් වැරැද්ද රුසියාවට පටවන්න හදන්නේ.(හේ)
ලලිත් Sunday, 02 November 2014 02:59 PM
කොයි රටෙත් පුද්ගලික අංශයට වැඩක් බාර දුන්නහම ඔහොම තමයි වෙන්නේ. ඒගොල්ලන්ට ඕන ලාබෙට වැඩේ කරලා උපරිම ලාබය ගන්න. අවුරුදු 40 ක් පරණ රොකට්ටුවක් ඔය වැඩේට පාවිච්චිකරන්න කියල කවුරුවත් කිවුවේ නැහැනේ? පරණ රොකට් එකක් පාවිච්චිකලත් අලුත් එකෙන් කරන්න යන ගානම ගන්නවා. වැඩේ බාරදෙන මිනිස්සුත් කල්පනාවෙන් වැඩේ බාරදෙන්න වෙනවා. (ර)
සහනි Sunday, 02 November 2014 08:49 PM
වැරදුන නිසා ඒක රුසියාවේ. හරිගියා නම් ඇමෙරිකාවේ. අපි නොදන්නා ඇමෙරිකාව! (නි)