X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


භාවනාව හිත නිවයි : විම්බල්ඩන් සුරයා කියයි

ලෝකයේ ප්‍රමුඛතම ටෙනිස් ශුරතාවය ලෙස සැලකෙන ලන්ඩන් නුවර 2015 විම්බල්ඩන් කිරුළ සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් විසින් ගිය ඉරිදා දිනාගනු ලැබිය. දැනට ලෝකයේ ටෙනිස් ක්‍රීඩකයින් අතර පළමුවන ස්ථානය දරන ඔහු විම්බල්ඩන් කිරුළ දිනාගත් තෙවන අවස්ථාව මෙයයි. මෙවර ඔහු අතින් පරාජයට පත්වුයේ ලොව දෙවන තැන සිටින ස්විස් ජාතික රොජර්  ෆෙඩරාය.

අවසන් තරගයට පෙර මාධ්‍ය සාකච්ජාවකට සහභාගි වෙමින් ජොකොවිච් පවසා ඇත්තේ මෙවැනි තරඟකාරී අවස්ථාවකකට මුහුණදෙන විට තමන්ගේ මනස තුළ ඇතිවන දැවැන්ත පීඩනය සහ උද්වේගය මැඩපවත්වා අනාකුල මනසක් ඇතිකර ගැනීම සඳහා බෞද්ධ භාවනා ක්‍රම භාවිතා කරන බවයි.

ලෝකයේ ඉහළ මට්ටමේ තරඟකාරී ක්‍රීඩාවන්හි නියැලෙන අයගේ චෛතසික ශක්තතාව පිළිබඳව සැලකීමේදී ජොකොවිච් අන් අය අභිබවා ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනා විශ්වාස කරති.  එවැනි මානසික බලයක් ඇතිකර ගැනීම සඳහා සතිපට්ඨාන භාවනා ක්‍රමය  බලවත් පිටුවහලක් වන බව ජොකොවිච් පවසා ඇත.

භාවනාව සඳහා ඔහු විම්බල්ඩන් ටෙනිස්  ක්‍රීඩාංගන ආසන්නයේ පිහිටා ඇති බුද්ධාපදිප විහාරස්ථානය වෙත යයි. අක්කර 4 ක් පමණවූ නිස්කලංක භූමියක පිහිටා ඇති මෙම තායිලන්ත ථෙරවාදී විහාරස්ථානයට ටෙනිස් ක්‍රීඩාංගනයෙහි සිට  ඇවිද යාමට ගතවන්නේ විනාඩි 10 කටත් වඩා අඩු කාලයකි. 

ටෙනිස් තරඟ පවතින කාලය තුළ ඔහු දිනපතාම හිමිදිරි පාන්දර විහාරස්ථානයට පැමිණෙන බවත් ඔහුගේ පාඩුවේ බුද්ධ මන්දිරය වෙත ගොස් පැය කිහිපයක් භාවනායෝගීව කාලය ගත කරන බවත් විහාරවාසී බත්සකොන් පියබසෝ හිමි පැවසුහ.

ජොකොවිච් ලොව ප්‍රකට සුපිරි ක්‍රීඩකයකු බව තමන් වහන්සේ දන්නා බව පැවසු උන්වහන්සේ භාවනා කිරිම සඳහා විහාරස්ථ භික්ෂුන් වහන්සේගේ උපදෙස් ඔහු විසින්  කිසිවිටෙකත් ඉල්ලා නැති බවද පැවසුහ.

ඔහු භාවනායෝගීව ඉන්නා ආකාරයෙන් සතිපට්ඨාන භාවනාව පිළිබඳව ඔහු තුළ මනා අවබෝධයක් සහ නිපුනත්වයක් ඇතිබව පෙනී යන බවද සමහර දවස්වල භාවනාවෙහි යෙදීමෙන් අනතුරුව ජොකොවිච් හුදකලාව පන්සල් භුමියේ හිමින්සීරුවේ සක්මන් කරනු දැක ඇති බවද, විහාරස්ථානයට පැමිණෙන කිසිවෙකුටත් අවහිරයක් නොවන පරිද්දෙන් තමන්ගේ භාවනා කටයුතු කරගෙන යාමට ඔහු නිතර ප්‍රවේසම් වන බවද උන්වහන්සේ පැවසුහ.

භාවනාව තුලින් මනසෙහි ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යාමට පුරුදු විය හැකිබවද ටෙනිස් වැනි වේගවත් ක්‍රීඩාවක නිරතව සිටින විට ගතයුතු ක්ෂණික පියවරවල් පිලිබඳ තීරණ ගැනීමේදී සිතෙහි නිරවුල් එකාග්‍රතාවයක් පවත්වාගෙන යාමට හැකිවීම වැදගත් වන බවද භාවනාව  මේ සඳහා උපයෝගී කරගත හැකි හොඳම ක්‍රමයක් බවද ජොකොවිච් කියා ඇත. 

TENIS1[1] TENIS3jpg BUDDHADIPAADA[1] djokovic-meditation-2-novak-djokovic-15609177-332-500[1]



අදහස් (0)

භාවනාව හිත නිවයි : විම්බල්ඩන් සුරයා කියයි

බටු Tuesday, 14 July 2015 11:21 AM

මේ නිකන් රණ්ඩු වෙන්න එපා මේ භාවහා කරන කට්ටිය ෆේස්බුක් වල අදහස් ප්‍රකාශ කරනවා. බලන්න ලස්සනේ බැහැ හරිම සුන්දරයි. (ර)

:       0       0

යෝනක Thursday, 16 July 2015 11:31 AM

භාවනාව බොහොම හ‍ොඳ දෙයක්. මමත් මෙය අත්දැකීමෙන් දන්නවා (නි)

:       0       0

අනුර Thursday, 16 July 2015 11:27 AM

පහන්, සල්ගාදු, උපසේන, මේ පිරිස සසල වී ඇත්තේ ආගම නමැති තම විශ්වාසය තුළ තම සිත් දෝලනයට පත්වේ යන සැකය නිසාය. සැකය නිසා බිය හට ගනී. බිය නැති කර දැමීමට එකම මාර්ගය භාවනානුයෝගීවීමය (නි)

:       0       0

අනුර සේරසිංහ යු ඒ ඊ Thursday, 16 July 2015 11:18 AM

රිච් බාලසුරිය,භාවනා කළ කෙනෙක් නොවෙන බව පෙනේ. ඔබ අදහන ආගම ගැනත් ලියන්න අපිටත් අත්හදා බලන්න. පුළුවන් මිනිසා සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කරනවා. මේ තුළ තම විශ්වාසයට විරුද්ධ දේ සත්‍ය වුණත් දැඩිලෙස බැහැර කරනවා. කෙසේවෙතත් බහුතර ජනතාවකගේ සිතුම් පැතුම් වටහාගෙන තම සිත් සසල කර නොගෙන ජීවන ගමන යාමට හැමටම හැකි වේවා! (නි)

:       0       0

නිෂ් Thursday, 16 July 2015 04:25 AM

භාවනාව කියන දේ බුද්ධ දර්ශනයයි,එය එක ආගමකට පොදු නොවේ, ඕනෑම මනුස්සයෙකුට පොදුයි,එකම දෙය නම් බුදුදහමේ මාර්ගළුල ලැබීමට නම් භාවනාවෙන් ලැබෙන සමාධිය තුළදී සියල්ලීම ඇති අනිත්‍ය දුක අනාත්ම බව දැකිය යුතුයි , (ම)

:       0       0

සිල්වා Wednesday, 15 July 2015 10:58 PM

නරකද කට්ටිය පිස්සු කියවන්නේ නැතිව දන්නා විදියට භාවනාවක් කලානම් (ස)

:       0       0

පවිත්‍රා Wednesday, 15 July 2015 04:02 PM

චන්දිම ඔබගේ අදහසට මම එකඟ වෙමි.හුදු ලෞකික අරමුණු තකා කරන භාවනා වෙනත් ආගම් වල තිබුනත් සති පට්ටානය වඩා අවසානයේ නිර්වාණ අවබෝධය තමයි බුදු දහමෙන් බලාපොරොත්තු වන භාවනාවේ පලය (ස)

:       0       0

චන්දිම Wednesday, 15 July 2015 10:19 AM

විවිධ ලෞකික අරමුණු වෙනුවෙන් කරන භාවනා විවිධයි.භාවනාවෙන් වෙන්නේ සිත එක්තැන්වීම(සමාධි) පමණක් නොවේ.ටෙනිස් ක්‍රිඩකයාගේ අරමුණ ක්‍රිඩාවේ දියුණුව ම පමණක් නම් එය හුදු ලෞකිකයි. සමාධියේ ද විවිධ මට්ටම් පවතී.බෞද්ධ සතිපට්ඨාන භාවනාවෙන් තමයි විදර්ශනා ඥාන ලැබීමේ හැකියාව ඇත්තේ.(ම)

:       0       0

අමිල Wednesday, 15 July 2015 05:31 AM

භාවනාවට ආගමක් අවශ්‍ය නෑ හිත එක්තැන් කිරීම භාවනාව (බ)

:       0       0

රුවන් Wednesday, 15 July 2015 03:07 AM

භාවනා කිරීමට බෞද්ධයෙක් වීම අවශ්‍ය නැහැ. නමුත් භාවනා කිරීමට බෞද්ධ ඉගෙන්වීම උපයෝගී වෙයි (නදී)

:       0       0

පෙරේරා Wednesday, 15 July 2015 02:41 AM

භාවනාව ආරම්භ උනේ බෞද්ධ ආගම තුලින්. නමුත් එහි සත්‍යතාවය අනිත් ආගම්තුලින් අනුගමනය කරනවා.(නදී)

:       0       0

සල්ගාදු ප්‍රංශය Tuesday, 14 July 2015 05:43 PM

අර ඉස්සර හිටපු බොබ්මාලේ කියන ජෙමෙයිකානු ගායකයත් භාවනායෝගියෙක්. එහෙත් එයා බෞද්ධයෙක් නෙමෙයි. භාවනා කරන්න බෞද්ධයකු වන්නට අවශ්‍ය නැහැ. සිත එකඟ කරගැනීමක් භාවනව තුළින් කරන්නේ (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 14 July 2015 02:59 PM

ඔබ ලොවටම ආදර්ශයක් (නි)

:       0       0

උදිත Tuesday, 14 July 2015 12:44 PM

නුගත් මිනිස්සු වගේ රණ්ඩු කරගන්නේ නැතුව මේ විශිෂ්ට ක්‍රීඩකයා වගේ වටිනා දේවල් තමන්ගේ ජීවිතේට එකතු කරගෙන තමන්ගේ දියුණුවක් ඇති කරගන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

චම්පික Tuesday, 14 July 2015 06:33 AM

ගොඩක් සන්තෝසයි, (හේ)

:       0       0

යහම්පත් Tuesday, 14 July 2015 11:07 AM

ජැමෙයිකාව , ග්‍රෙනේඩා , වාගේ කැරිබියන් රටවලත් අපේම වාගේ භාවනා ක්‍රම තියෙනවා , (ම)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 14 July 2015 11:02 AM

පහන් මා රැකියාව කරන්නේ යුදෙව් ජාතිකයකුට ඔවුන් බාවනා කරනා බව මම දන්නේ ඒ නිසා , යුදෙව්වන් භාවිතා කරන්නේ ඇරමියා ( හෙබ්‍රෙව් ) භාෂාවෙන් ලියා තිබෙන බයිබලය , ටෝරා කියන්නේ එම බයිබලයේ එක කොටසක් , නොදන්නා දේවල් කතා කරන්න එපා පහන් , නුගත් කම මහා මුදලි කමට වඩා ලොකුලු (බ)

:       0       0

සිරිල් Tuesday, 14 July 2015 09:56 AM

මොන නමින් ආගම හදුන්වල හරි ප්‍රතිපදාව පුරනවානම් ප්‍රතිළුල ලැබෙන බව මේ විශිෂ්ට ක්‍රීඩකයා ඔප්පු කරලා තියනවා.. (ම)

:       0       0

පහන් Tuesday, 14 July 2015 09:48 AM

රිච් බාලසුරිය පට්ටපල් බොරු කියන්න එපා යුදෙව්වන්ගේ භාවනා ක්‍රම නැහැ .දැති නොවන යුදෙව්වන් සහ සමහර දැති යුදෙව්වන් පවා අනුගමනය කරනේ බුදුදහමේ ඉගැන්වීම් එක්ව යැදිම හැර භාවනා ක්‍රම කොහෙද යුදෙව්වන්ගේ තොරා (තොරා එක කියන්නේ ඔවුන් කියවන පොත )එකේ තියෙන්නේ ? (බ)

:       0       0

පහන් Tuesday, 14 July 2015 09:37 AM

එතකොට ඒ ආගම වලත් විදර්ශනා සමථ භාවනා වඩල මාර්ග ඵල ලබාගන්න උගන්නනවද ?(නදී)

:       0       0

සංජීව Tuesday, 14 July 2015 08:52 AM

මේකේ කොම්මෙන්ට් දාන එවුන් මෙලෝ රහක් නැහැ . මිනිහෙක් යහපත් විදියට ජීවත් වෙනකොට ඒ දිහේ බලල ආදර්ශයක් අරගෙන ජීවිතය යහපත් කරගන්නේ නැතුව ඒ මනුස්සය කරන එක අදාල වෙන්නේ මොන ආගමටද (බ)

:       0       0

චරිත් Tuesday, 14 July 2015 08:52 AM

කනිශ්ක ඔබ හරි. එක අනික් අයට තේරෙන්නේ නැති එක තමා දුක. (ස)

:       0       0

කනිශ්ක Tuesday, 14 July 2015 08:27 AM

භාවනාව වෙනත් ආගම් වලත් තිබුණාට සතිපට්ඨාන භාවනාව එන්නේ බුදුදහමේ විතරයි...(ම)

:       0       0

ජෙහාන් Tuesday, 14 July 2015 08:18 AM

මේ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් භාවනාව වෙත යොමු වෙනවා. අපේ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් දේශපාලනයට ඇවිත් තමන්ගේ පවුලත් කඩා කප්පල් කරගෙන ලැබිච්ච ක්‍රීඩාලෝලි ප්‍රසාදයත් නැති කරගෙන පල්ලම් බහිනවා. (බ)

:       0       0

උපසේන Tuesday, 14 July 2015 08:01 AM

භාවනාව බුදු දහනට පමණක් සීමා වුවක් නොවේ. (ස)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 14 July 2015 07:58 AM

භාවනා ක්‍රම වෙනත් ආගම් වලත් තියෙනවා , ඔවුන් භාවනා කරනා සිතුවිලි වෙනස් , ඉන්දියාවේම හින්දු සහ වෙනත් ආගමික අය ඔවුන්ට අනුව භාවනා යෝගී කටයුතුවල යෙදෙනවා , ඊශ්‍රායලයේ ජුවිෂ් අයට ඔවුන්ට ආවේනික භාවනා ක්‍රම තිබෙනවා , භාවනා කරන එකම ආගම බෞද්ධාගම නොවේ. (ස)

:       0       0

පහන් Tuesday, 14 July 2015 07:21 AM

බුදුදහම හැර ලංකාවේ තවත් ආගමක් භාවනා ක්‍රම අනුගමනය කරන්න කියල කියනවා .එතකොට එයාල ලබන කමටහන් බෞද්ධ ඒවාද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site