මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
නයිට් ප්‍රිම්රෝස් මල යොදාගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් මල් මී මැස්සන්ගේ ශබ්දයන්ට ප්‍රතිචාර දක්වන බවයි ඔවුන් සොයාගෙන ඇත.
මෙම නව සොයා ගැනීම මල් සහ කෘමීන්ගේ පරිණාමය තේරුම් ගැනීම කෙරෙහි බලපෑම් ඇති විය හැකි බව පර්යේක්ෂකයෝ පෙන්නවා දුන්හ.
මෙම නවතම අධ්‍යනය ඊශ්‍රායලයේ ටෙල් අවීව් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කරන ලදී.
ශාක ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ස්පර්ශයට සංවේදී වන්නේ කෙසේද? ආග්‍රහණයට සංවේදී වන්නේ කෙසේද? යන්න මෑතකාලීන අධ්‍යනයකදී පර්යේෂණයකට ලක්කර තිබුණු අතර මෙම පර්යේෂකයින්ට අනුව ශාකයේ ශ්‍රවණ හැකියාවට බලපාන සාධක මලෙහිහැඩය විකාශනය වීම සදහා බලපෑම් ඇති කරන බවද සොයාගෙන ඇත.
එසේම ශාඛ මීමැස්සන්ගේ ගුම් නාදයේ සංඛ්‍යාත මත යැපෙන බව ද, ශාකවලට මිනිසුන්ගේ ශබ්ද වැනි වෙනත් ශබ්ද වලින්ද බලපෑම් ඇති විය හැකි බවද පර්යේෂයේ ප්‍රතිඵල මගින් ප්‍රකාශ කර ඇත.
ශාකවලට වෙනත් ශබ්ද වලින් ඇති වන බලපෑම නිසා මල් සහ මීමැස්සන් අතර පවත්නා සන්නිවේදනයට හානි පැමිණවිය හැකි බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.
(63226)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
jerry Tuesday, 01 January 2019 04:27 AM
තව ටික කාලෙකින් කතා කරන්න පුළුවන්.. ගස්, වැල් ගැන හොයාගන්න බැරි. කමක් නෑ එතකොට සුරංගනා කතාන්දර වගේ තියේවි.