X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මහත මිනිහා කිලෝ 300ක් අඩු කරයි

ලොව මහතම පුද්ගලයා ලෙස වරෙක නම් දරා සිටි පෝල් මේසන් සැත්කමක් මඟින් සිය සිරුරෙන් කිලෝග්‍රෑම් 304ක් අඩු කරගැනීමට සමත් විය.

එම සැත්කමට පෙර ඔහුගේ බර ස්ටෝන් 70ක් හෙවත් කිලෝග්‍රෑම් 444ක් විය. එකල ඔහු දිනකට කැලරි 20,000ක පමණ ආහාර ලබාගත්තේය.

මෙම සැත්කමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර ඔහුගේ පවුල් ජීවිතයද යහපත් වෙමින් පවතී.අන්තර්ජාලය හා සමාජජාල හරහා පමණක් තිබූ පෝල්ගේ පවුල් ජිවිතය දැන් තවත් සුන්දර වී ඇත.ඒ ඔහුට ඔහුගේ බිරිඳ හමුවීමට හැකියාව ලැබී ඇත.පෝල්ගේ බිරිඳ ජිවත්වන්නේ ඇමෙරිකාවේය.දැන් පෝල් බලාපොරොත්තු වන්නේ ඇමෙරිකාවට ගොස් ඔහුගේ බිරිඳගේ ව්‍යාපාර වලට උපකාර කිරීමටය.



අදහස් (0)

මහත මිනිහා කිලෝ 300ක් අඩු කරයි

අමිල කටුනායක Friday, 08 November 2013 06:56 AM

අපේ රටේ අය කන ජරාවල හැටියට මහත් නොවී ඉන්න එකයි පුදුමේ (නි)

:       0       0

බිනර Friday, 08 November 2013 08:19 AM

පෙර ඡායාරූපයක් සහ දැන් ඡායාරූපයක් දැම්මා නම් හොඳයි නේද? (නි)

:       0       0

චන්දන තිස්සමහාරාම Friday, 08 November 2013 10:44 AM

මහත අඩු කරන බෙහෙතක් කියන්න කෝ. (ස)

:       0       0

සජී Friday, 08 November 2013 11:48 AM

දිනපතා උදැසන මී පැණි තේ හැන්දක් ආහාරයට ගැනීමෙන් බර අඩුවන බව මා අසා ඇත, කිලෝග්‍රෑම් වැඩි නම් ආමාශයේ කොටසක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීම මගින් ඉතා කෙටිකලකින් බර අඩුවේ. එවිට වරකට ආහාරයට ගත හැක්කේ බිත්තරයක තරමේ ආහාර ප්‍රමාණයකි, ස්වල්පය බැගින් කීපවරක් ආහාර ගතහැකිය, ලංකාවේද මෙම ශල්‍ය කර්මය සිදුකරනු ලබයි. (නදී)

:       0       0

අමිල - කටුනායක Friday, 08 November 2013 02:41 PM

සජී, ඔක කරන්න ගිහින් මැරුන අවස්තාද ඇත. (ස)

:       0       0

මධූ Friday, 08 November 2013 02:48 PM

මහත අඩු කර ගැනීමට දිනපතා පැයක් වේගයන් ඇවිදින්න. බත් ප්‍රමාණය අඩු කර එළවලු වැඩි ප්‍රමාණයක් ගන්න. ලුණු, මිරිස්, සිනි අඩු ආහාර ගන්න. ලුණු අඩු කෑම ගැනීමේ දී මාස 2 තුල ඔබේ මහත ඉතා ඉක්මනින් අඩු කර ගත හැක. දැඩි කැප වීමෙන් කල නොහැක්කක් නොමැත. (ස)

:       0       0

මෙන්ඩිස් Friday, 08 November 2013 03:24 PM

මහත අඩු කර ගැනීමට - සිම්පල් වැඩක් නේ. බන්දුල ඇමතිතුමා ගෙන් උපදෙස් ගන්න. 2500 කින් මාසයක් කන විදිය. (නදී)

:       0       0

සජාන් Friday, 08 November 2013 05:07 PM

බර අඩු කර ගන්න දිනපතා උදේ දෙහි යුෂ වීදුරුවකට මී පැණි හැදි දෙකක් දමා බොන්න.එවිට බර ක්‍රම ක්‍රමයෙන් අඩු වේ. (ස)

:       0       0

දුම්මලසූරිය Friday, 08 November 2013 06:56 PM

පවු අසරණ මනුස්සයා.ලොකු වේදනාවක් විදින්න ඇති.තවත් කිලෝ 100ක් වත් අඩුකරගත්තා නම් තව ටිකක් හොදයි.ශල්‍යකර්ම නොකර ව්‍යායාම හා ආහාර පාලනයෙන් වගේම අපේ මේ මිතුරන් දක්වා ඇති අදහස් ලෙස වැඩකර තව තවත් බර අඩුකරගෙන ඉතාම සාමාන්‍ය මිනිසෙක් ලෙස ඉන්නට ඔහුට හැකිවේවා! (නි)

:       0       0

චන්දි Friday, 08 November 2013 08:21 PM

අමිල කටුනායක,ඔබ හරි ගිය මාසේ අන්තිමේ හරියේ මේ අල්ලපු ගෙදර මනුස්සය මැරුණා , ඔය ඔපරේෂන් එක කරලා හරියටම අවුරුද්දයි....!! අනේ මේ මගේ තියෙන්නේ නම් මේ මනුස්සයාගේ මුල් බරෙන්,අඩු කරලා ගත්තම මේ විදියට ඉතිරි ගාණ තමයි ( අ )

:       0       0

ගාමිණී-සිරි Friday, 08 November 2013 11:18 PM

වසර 37 ක් කොළඹ ඉඳලා ගමේ පදිංචියට එනකොට මගේ බර කිලෝ 85යි.වත්තේ පිටියේ කෙසෙල් ,පොල්, පුවක් මහන්සිවෙලා වැඩ ,පල කරලා වගා කළා. මගේ බර කිලෝ 65 ට අඩු කරගත්තා.දැන් මගේ උසට කෙසෙල් කැන් වැටෙනවා. කාටද ආඩම්බර... (නි)

:       0       0

හෙළයා Saturday, 09 November 2013 09:16 AM

මට මතක හැටියට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් මේ සැත්කම කරගන්න ගිහිල්ලා මිය ගීයා. (නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 10:41 AM

සමහර අය මහත් වන්නේ කෑම නිසා හෝ ව්‍යායාම නැති නිසා නොවෙයි ජානවල වෙනසක් නිසා කෑම අඩුකර හෝ වියායාම කර මහත අඩුකර ගැනීමට බැහැ(නදී)

:       0       0

අශෝක Monday, 11 November 2013 02:11 AM

මම අහල තියෙනවා උදේට වතුරට දාපු ගොරක බිකක් හොදට හපලා කාලා ඊට පස්සේ ඒ වතුර බොන්න කියලා. (නි)

:       0       0

මොහමඩ් Monday, 11 November 2013 04:01 AM

ඔය බර අඩුකරගත් මහත කෙනාට දැන් තමන්ගේ ශරීරය ඉතා පහසුවෙන්ම බලාගන්න පුළුවන් ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site