වයස්ගතවූ විට සිරුර කෙසේ කි්රයාකරන්නේදැයි දැනවීමේ සමත් විශේෂ ඇඳුමක් නිර්මාණය කිරීමට බි්රතාන්යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වෛද්‍ය පර්යේෂණායතනයක් කටයුතු කර තිබේ.
මෙම ඇඳුම රෝහල් වල හෙද හෙදියන් හා සාත්තු සේවකයින් ඉලක්ක කරගෙන නිපදවූවකි.ඇඳුම ඇඳීමෙන් වයසට යාමත් සමග පුද්ගලයෙකු මුහුණ දෙන අපහසුතා මොනවාදැයි හොදින්ම වටහා ගැනීමට හැකි බව නිර්මාපකයින් කියයි.
වයස්ගත වන විට ඇතිවන සිරුර නැමිීමට හා දිගහැරීමට අපහසු වීම,පෙනීම හා ඇසීම දුර්වල වීම,අත පය සෙලවීමට අපහසු වීම ආදී දුර්වලතා මෙම ඇදුම ඇගලාගත් පසු අත්දැකිය හැකි බව සදහන්ය.සිරුරේ චලනයන් සීමා කිරීමට බර යොදා මෙම ඇදුම සකස් කර තිබෙන අතර පෙනීම හා ඇසීම සීමා කරවීමේ උපකරණයන් වෙනම පැළදිය හැකි සේ සකස් කර ඇත.
මෙම ඇදුම යෝක්ෂයර් ප්‍රදේශයේ රෝහල් රැසක රෝහල් කාර්යමණ්ඩලයට භාවිතය සදහා ලබා දී තිබේ.
ඇදුම ඇගලාගෙන ‘‘වයස්ගත වීමේ‘‘ රග අත්දැක ඇති හෙද හෙදියන් හා සාත්තු සේවක සේවිකාවන් මින් මත්තට තමන් වයස්ගත පුද්ගලයින් ගැන වඩාත් අනුකම්පා උපදවා කටයුතු කරන්නේයැයි අදහස් දක්වා ඇත.
වයස්ගත පුද්ගලයින් හා කටයුතු කරද්දී ඔවුන් තම ඉවසීමේ සීමාව ඉක්මවා යන පරිදි හැසිරෙන බව ප්‍රකාශ කර ඇති ඔවුන් ඇග පත රිදෙනවායැයි කියමින් වයස්ගතවූවන් කොතෙකුත් මැසිවිලි නගන බවත් කොතෙකුත් සාත්තු සප්පායම් කළත් ඔවුන්ගේ මැසිවිලි වල අඩුවක් නොමැති නිසා තමන්ගේ ඉවසීමද සිදී යන අවස්ථා ඇති බවත් කියා ඇත.
නමුත් මේ ඇදුම ඇගලාගත් පසු වයස්ගත පුද්ගලයින් කෙතරම් වේදනාවක් විදින්නේදැයි වටහා ගත හැකිවූ බව ඔවුන් පවසා තිබේ.පෙර තිබූ ආකල්ප වෙනස් කරගෙන ඉදිරියේදී එවන් රෝගීන් හා තවත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට ඔවුන් අදහස් කරයි.
ඉදිරියේදී තවත් රෝහල් වලටත් මෙම නිමැවුම හදුන්වාදීමට නිර්මාපකයින් අපේක්ෂා කරයි.ලැබී ඇති යහපත් ප්‍රතිචාර දෙස බැලීමේදී සාමාන්‍ය ජනතාවටත් ඇදුම ලබා ගත හැකි ක්‍රමවේදයක් ඇති කිරීමටත් සැළැස්මක් ඇතැයි ඔවුන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහලු විය අඳුනන ඇඳුමක් එයි