තවමත් ආගිය අතක් සොයාගත නොහැකිව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන්යානයේ සිටි මගීන්ගේ බැංකු ගිණුම් වලින් අයථා ලෙස මුදල් ලබා ගත් බව කියන බැංකු නිළධාරිනියක හා ඇයගේ සැමියා මලයාසියා පොලිසියෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
මගීන්ගේ ගිණුම් වලින් මුදල් අතුරුදන් වෙමින් තිබෙන්නේයැයි ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ සිදුකැරිණි.
මගීන් කොහේ හෝ ජීවතුන් අතර සිටින්නේයැයි නව බලාපොරොත්තුවක් මේ සමග ඇතිවුණද එය අවසානයේ දී බොඳ වී ගියේය.
පොලිස් ආරංචි මාර්ග වලට අනුම මේ සැමියා හා බිරිඳ මගීන් තිදෙනෙකුගේ බැංකු ගිණුම් වල තිබූ මුදල්,තවත් මගියෙකුගේ ගිණුමට බැර කොට අනතුරුව එම මගියාගේ ගිණුම අත්හිටුවා දමා එහි වූ සියලූ මුදල් ලබාගෙන තිබේ.
ලබාගෙන ඇති මුදල ඩොලර් 30000 කට (රුපියල් 3930000) ආසන්නය.
මෙලෙසම අයථා ලෙස යානයේ සිටි මගීන්ගේ බැංකු ගිණුම් වලින් මුදල් ලබාගෙන තිබෙන පකිස්තාන ජාතිකයෙකු සොයාද පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකය.
මගීන් හා කාර්යමණ්ඩලය ඇතුලූ 239 දෙනෙකු සමග මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබියදී පසුගිය මාර්තු මාසයේදී අතුරුදන්වූ එම්.එච් 370 අංක දරන ගුවන්යානය පිළිඹද මේ දක්වාම කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකිව නොමැත.
යානය අතුරුදන්වූ ඉන්දියා සාගර කලාපයේ විමර්ෂණ කටයුතු තවමත් කි‍්‍රයාත්මකව පවතින අතර මේ වන විට මුහුද මතුපිට වර්ග කිලෝමිීටර 60000 කට ආසන්න වපසරියක් ආවරණය කර ඇතැයි සදහන්ය.
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සයුරු ගැඹුරේ විමර්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මළවුන්ගේ බැංකු පොතටත් විදී
ඛමෙල් Sunday, 17 August 2014 07:57 AM
මේ මිනිස්සු නමින් ඉන්න තිරිසන්නු .... (දී)
සුසිරිවර්ධන Sunday, 17 August 2014 08:45 AM
මෙහෙමත් මිනිස්සු ඉන්න ලෝකෙක තමයි අපි ඉන්නේ මතක තියා ගන්න (දී)
රුවන්තිකා Sunday, 17 August 2014 10:50 AM
දැන් සල්ලිවලටනේ හැමදේම.අමුතුම ලෝකයක් වෙලා (දිල්)
හේවාවිතාරණ Sunday, 17 August 2014 01:53 PM
ඒ දෙන්න හිතාගෙන ඇති අපායට ගිහිල්ල සල්ලි ටික ආපසු එවනවා කියල (දී)
හේවාවිතාරණ Sunday, 17 August 2014 03:25 PM
ඔවුන්ටත් එසේම වේවා ! (ස)