X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


මළ සෙබළා හය දෙනකුට පණ දෙයි

ලී හසින් ඊශ්‍රායල් කාලතුවක්කු හමුදාවේ සේවයකළ 19 හැවිරිදි සොල්දාදුවෙකි. හමුදා සේවයේ යෙදී සිටිනා අතරතුරදී  මොළයේ පටක ඉදිමීමේ රෝගයකට ලක්වූ ඔහු, ඒ වෙනුවෙන් කරන ලද ශල්‍යකර්මයක් අතර තුරදී මියගියේය.

 හදිසි අනතුරකින් තමා මියගියහොත් තම ශරීර අවයව පරිත්‍යාග කිරීමේ පත්‍රිකාවකට අත්සන් තබා තිබුණ නිසා ඔහුගේ දෙමවුපියන්ගේද අවසර ඇතිව ඔහු  ශල්‍යකර්මයට භාජනය කල ‘ෂේබා’  වෛද්‍යමධ්‍යස්ථානයේ  වෛද්‍යවරු ඔහුගේ අවයව ඉවත්කරගෙන, අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් හයදෙනෙකු හට බද්ධ කළහ.

 ඒ අනුව ඔහුගේ හදවත 55 හැවිරිදි පුද්ගලයකුටද, පෙනහලු 54 හැවිරිදි අයකුටද, අක්මාව කාන්තාවකටද, අක්මාවේ පටක 5හැවිරිදි දරුවකුටද, වකුගඩු   18 හැවිරිදි තරුණියකට හා 45 හැවිරිදි කාන්තාවකටද  යනාදී වශයෙන් බද්ධ කළහ. එම සියලුම ශල්‍යකාර්ම ඉතා සාර්ථක වූ බව වෛද්‍යවරු කියති.

 

 



අදහස් (0)

මළ සෙබළා හය දෙනකුට පණ දෙයි

වීරසේකර ජයන්ත Thursday, 23 October 2014 12:52 PM

යුදෙව්වන්ගේ හදවත් හැමදාමත් මිනිසත් කමින් ඉහළයි මේක මිනිසුන් මරා තම ජාතිය වැඩිකරගන්න හදන මිනිසුන්ට පාඩමකි (නදී)

:       0       0

ජනක Thursday, 23 October 2014 04:04 AM

රිෂාර්ඩ්,සමීරගේ අදහස වැරදි විදිහට තේරුම් අරගෙන වගේ. සොල්දාදුවෙකුගේ හා අන්තවාදී ත්‍රස්තයකුගේ අතර ලොකු වෙනසක් තියෙනවා. (නදී)

:       0       0

දිලිප් Thursday, 23 October 2014 10:41 AM

එතකොට අයි.එස්.අයි.එස්. ගැන මොකද කට්ටිය කියන්නේ? (නි)

:       0       0

අමල් Thursday, 23 October 2014 10:59 AM

ඇත්තටම ලොකු පිනක් (නි)

:       0       0

ෆාරු Thursday, 23 October 2014 11:03 AM

මේ සෙබළා ආසාවට මිනිසුන් මැරුවේ නැහැ. මේකේ අදහස් දුටුවහම තේරෙනවා ඔවුන්ගේ මොළයේ තරම (නි)

:       0       0

අනුෂ්ක Thursday, 23 October 2014 11:37 AM

එතකොට අසරණ සත්තු මරණ අය දෙව් ලොව යන්නේ කොහොමද?(හේ)

:       0       0

ධනුෂ්ක Thursday, 23 October 2014 12:09 PM

මිනිසුන් වගේම සත්තු මරන එකත් ප්‍රාණඝාත‍යක් තමයි. දහස් ගණන් හරක් මරණ, මිනිස්සුන්ගෙ බෙල්ල කපල මරණ, මිනිස්සුන්ව ගල් වලින් ගහල මරණ වෙනත් ජාතීන් මේ ලෝකෙ තව නෑ. (හේ)

:       0       0

මන්සීර් Thursday, 23 October 2014 12:13 PM

මේ වගේ චේතනාවන් හැම දෙනෙකෙුටම පහළ වෙන්නේ නැහැ (නි)

:       0       0

වෙල්ගම Thursday, 23 October 2014 12:15 PM

මොනතරම් අවංක හොඳ චේතනාවක්ද ඒක? (නි)

:       0       0

එඩ්වින් Thursday, 23 October 2014 12:16 PM

ඔහුට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

මොහොමඩ් Thursday, 23 October 2014 12:25 PM

ඉර්ෆාන්, අසරණයින් මරනවා නම් අපායේ දැවෙන්න වෙන එක වෙනවාමයි (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 23 October 2014 03:02 AM

ඔබ මිය ගියත් සදා ජීවත් වෙන මිනිසෙක් !(අ)

:       0       0

රණසිංහ Thursday, 23 October 2014 01:47 PM

අයි.එස්.අයි.එද් එකට කඩේ යන මෙතන ඉන්න සමහර අයට වඩා මේ සොල්දාදුවා කෝටියකටත් වඩා වටිනවා. මොකද මිනිස්සු මරණ ආසාවක් මෙයාගෙ හිතේ තිබුන නම් කවදාවත් තමන් මැරුණ දවසක තව මනුස්සයෙක් ජීවත් කරවන්න තමන්ගෙ අවයව දෙන්න කියාවිද. අඩුගානෙ ඔය නන් දොඩවන මිනිස්සු කවදාවත් ලේ බිඳක් වත් දන් දෙනවද. (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 23 October 2014 02:49 PM

හොදයි.(හේ)

:       0       0

ප්‍රසන්න Thursday, 23 October 2014 02:53 PM

නියමයි.(හේ)

:       0       0

ගයාන් Thursday, 23 October 2014 03:01 PM

මේක ඊශ්‍රයලය වත් සෞදි අරබියාවත් නෙමෙයිනේ මේක ශ්‍රී ලංකාව ඒක නිසා අපි අපේ කම රැකගෙන වැඩ කරමු.(හේ)

:       0       0

මහේෂ් පෙරේරා Thursday, 23 October 2014 04:20 PM

කියා නිම කරන්න බැරි පිනක්.(හේ)

:       0       0

කසුන් Thursday, 23 October 2014 05:22 PM

රිෂාර්ඩ්,මේ සෙබළාට මම ගරු කරනවා. ඒත් අමතක කරන්න එපා තම ස්වයං කැමැත්තෙන් වැඩිපුරම අවයව දන්දෙන රටත් අපේ රට කියලා... (නි)

:       0       0

විරාජ් Thursday, 23 October 2014 05:56 PM

මොනතරම් ලොකු පින්කමක්ද මේක? (නි)

:       0       0

නිමන්ත Thursday, 23 October 2014 06:12 PM

ඔහුට ආත්ම ගණනාවකට මේ පිනම ඇති (නි)

:       0       0

සඳකැළුම් Friday, 24 October 2014 06:20 AM

හැමෝටම මේ වගේ හිතන්න පුලුවන් නම්... (නි)

:       0       0

බුද්ධික Monday, 27 October 2014 03:21 AM

සෑම මිනිසෙකුටම හොඳ පාඩමක් (නි)

:       0       0

කුමාර් Wednesday, 22 October 2014 10:54 AM

ඊශ්‍රායලය සටන් කරන්නේ, ජාත්ත්‍යන්තරව පිළිගත් ත්‍රස්ත වාදී සංවිදාන සමගයි. ලංකාවේ අපේ හමුදාව කලෙත් ඒ ටිකම තමා. (නදී)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 21 October 2014 03:14 PM

තම ශරීර අවයව දන්දී ජීවිත හයක් රැකගත් වීර සෙබළාට නිවන් සුව ලැබේවා !!!!!

:       0       0

ඉර්ෆාන් Tuesday, 21 October 2014 06:11 PM

ඔහුගේ කාල තුවක්කු ප්‍රහාර වලින් කී දාහක් මැරිලා ඇද්ද? කී දාහක් අංගවිකල වෙලා ඇද්ද? (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 22 October 2014 03:46 AM

එක නම් ඇත්ත ඉර්ෆාන් ලමයි කී දාහක් මැරිලා ඇතිද ? ඉතින් කොහෙද? නිවන් සුව ? අපා ගිනි තමා (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 22 October 2014 04:30 AM

මටත් ආසයි මම මරුන දාට මගේ අවයව දන් දෙන්න. (නදී)

:       0       0

නුවන් Wednesday, 22 October 2014 05:18 AM

ඉර්ෆාන්,මෙහෙම කිව්වොත් හරි " ඔහුගේ කාල තුවක්කු ප්‍රහාර වලින් කී දාහක් අන්තවාදීන්, ත්‍රස්තවාදීන් මැරිලා ඇද්ද? කී දාහක් අන්තවාදීන්, ත්‍රස්තවාදීන් අංගවිකල වෙලා ඇද්ද? (නදී)

:       0       0

සමන් Wednesday, 22 October 2014 05:20 AM

ඉර්ෆාන්,එතකොට ඉස්ලාමිය මුලදර්මවාදී අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් නිසා කී දාහක් අහිංසක මිනිස්සු, ළමා ළපටින්,ගැහුනුන් මැරිලා ඇද්ද? (නදී)

:       0       0

සිතුම් Wednesday, 22 October 2014 06:11 AM

එතකොට සිරියාවේ අහිංසකයන්ගේ බෙලි කපන කට්ටියට මොකද කියන්නේ?(හේ)

:       0       0

සජීව Wednesday, 22 October 2014 07:01 AM

ඉර්ෆාන් ඔහු රාජකාරි කලේ රජයේ හමුදාවක් සමග, කාල තුවක්කු හමුදාවක රාජකාරි කලපමනින් හැම කෙනෙක්ම අහිංසක මිනිසුන්ව මරන්නේ නැහැ.. ඊශ්‍රායලය ගැන සහ යුදෙව්වන් ගැන වෛරයෙන් බලන එක නවත්වන්න, ලංකාවේ 10000ක් විතර මෙහේ සේවය කරනවා, මැදපෙරදිග වෙන රටවල වගේ කාවවත් ඇණ ගහලා හරි පඩි නොදී අතරමන් කරලා හරි ලංකාවට එවලා නැහැ මේ රටේමිනිසුන්.(හේ)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 22 October 2014 08:29 AM

කොහොමත් ඔය හමුදාව හරිම අවිහිංසාවාදී.අපි නොදන්න මොණර තැන්න නේද සජීව? ඔය කියන ගානටත් වඩා මැදපෙර දිග ඉන්නවා .(හේ)

:       0       0

සමීර Wednesday, 22 October 2014 09:33 AM

සොල්දාදුවෙක් ඉදිරියට එන උන් මරලා දාන්නේ උන් කෙරේ වෛරයෙන් නොව තමාට පිටුපසින් ඉන්න අයට තිබෙන ආදරය නිසා බව තේරුම්ගන්න.(හේ)

:       0       0

ඉන්දික Tuesday, 21 October 2014 02:55 PM

ලොකු පිනක් කරලා තියන්නේ.ලබන ආත්මේ මෙවන් දුක් අකල් මරණයකට ගොදුරු නොවේවා කියා පතමි.(හේ)

:       0       0

තිවංක Wednesday, 22 October 2014 12:03 PM

අයි එස් අයි එස් එකට කඩේ යන අය දැන් මෙහෙත් ඉන්නව වගේ (නදී)

:       0       0

චමිලා Wednesday, 22 October 2014 12:42 PM

ඒ සොල්දාදුවා මැරුනේ නැහැ . එයාගේ ශරීර කොටස් තාම වැඩකරනවා කියන්නේ එයා ජීවත් වෙනවා කියන එක. (නදී)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 22 October 2014 01:34 PM

සමීර අන්න හරි ඕක හැම කෝනයකින්ම බලන්න පුරුදු වෙන්න (නදී)

:       0       0

බටු ගෙදර Wednesday, 22 October 2014 01:38 PM

මම මේ අහන්නේ කවුද ඔය යුද්ධ වලට උදව් කරන්නේ ? හරියට කියන්න බලන්න මේ අගක් මුලක් දන්නේ නැති කට්ටිය ? (නදී)

:       0       0

නාමල් Wednesday, 22 October 2014 01:57 PM

ඊශ්‍රායල් කියන්නේ අනුන්ගේ රටවල් බලහත්කාරයෙන් අල්ලා ගත් ලෝකයේ ඉන්නාවු දරුණුම ත්‍රස්තවාදයයි.(හේ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 22 October 2014 04:29 PM

මොනතරම් උතුම් සිතුවිල්ලක්ද? (නි)

:       0       0

රාජිත Wednesday, 22 October 2014 08:28 PM

අැත්තද නාමල්, එහෙනම් ඒ අයගේ මවිල් ගහක්වත් නිකම්වත් අපිට එපා (නි)

:       0       0

මොහාන් Wednesday, 22 October 2014 09:30 PM

ඉතා උතුම් චේතනාවක් (නි)

:       0       0

ඉර්ෆාන් Wednesday, 22 October 2014 10:12 PM

නාමල් කිව්වා හරියටම හරි. මොන සංවිධානයක් හෝ වේවා, අසරණයන් මරනවා නම් අපායේ දැවෙන්න වෙන එක වෙනවාමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site