මාලදිවයිනේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 9 වැනි දා පැවැත්වීමට තීරණය කළ බව, එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.
ජනපතිවරණයේ දෙවැනි වටයක් අවශ්‍ය වුවහොත්, එය නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙනු ඇති බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියේය.
මාලදිවයිනේ ජනපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 19 වැනිදාය. එහෙත්, පොලිසියෙන් සිදුවුණු බාධා කිරීම් මැද එය අවලංගු කිරීමට මැතිවරණ කොමිසමට සිදුවිය.
පොලිසිය කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුකූල නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීමට උත්සාහ කළ නිසා එය වැළැක්වීමට තමන් පියවර ගත් බවය. මාලදිවයින් ජනපතිවරණය අවලංගු කෙරුණු දෙවැනි අවස්ථාව මෙය විය.
පොලිසිය කළ කි‍්‍රයාව, රටේ ව්‍යවස්ථාදායකයේ අර්බුදයක් නිර්මාණය කිරීමට, හේතුවක් වනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ බිය පළ කළහ.
ජනාධිපතිවරණය අවලංගු කිරීමට මැතිවරණ කොමිසම පියවර ුගත් අවස්ථාවේ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම වන හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ගේ ‘ප්රජාතන්ත්රවාදී පක්ෂ’ කි‍්‍රයාකාරීහු මාලේ අගනුවර සාමකාමී විරෝධතා රැලියක් ද පැවැත්වූහ.
විරෝධතාකරුවන් වත්මන් මාලදිවයින් ජනපති වහීඞ් හසන් ඇතුළු රජයෙන් ඉල්ලීමක් කළේ කිසිදු බාධාවකින් තොරව, ජනපතිවරණය කඩිනමින් පැවැත්වීමට මැදිහත් වී කටයුතු කරන ලෙසටය.
එපමණක් නොව, ඇමෙරිකාව, බි්රතාන්යය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද මාලදිවයින් ජනපති වහීඞ් හස්න්ගෙන් ඉල්ලා සිටියේ, කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසටත්, රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙසටත්ය.
මාලදිවයිනේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේ වැදගත් සංධිස්ථානයක් වූ එම ජනපතිවරණයට පොලිසිය බාධා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි, ඇමෙරිකාව සහ බි්රතාන්යය පවසා තිබුණි.
මාලදිවයිනේ මීට පෙර, ඉකුත් සැප්තැම්බර් 7 වැනිදා ජනපතිවරණයක් පැවැත්විණි. එහිදී වැඩි ඡුන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේ, පොලිසියේ සහ හමුදාවේ කුමන්ත්රණයකින් බලයෙන් පහ කෙරුණු හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් ය.
නෂීඞ්ට හෝ සෙසු ප්‍රධාන අපේක්ෂකයන්ට හෝ සියයට 50 කට වැඩියෙන් ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය.
ඒ අනුව, ජනපතිවරණයේ දෙවැනි වටය, ඉකුත් 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ, නෂීඞ් සහ නෂීඞ්ගේ ආසන්නතම ප්‍රතිවාදියා වූ අබ්දුල්ලා යෙමීන් අතරේ ය.
යෙමීන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 25 ක් විය. යෙමීන්, මාලදිවයිනේ දීර්ඝ කාලයක් ජනපති ධුරයේ සිටි අබ්දුල් ගයුම්ගේ ඥාතියෙක් ද වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාලදිවයිනේ ජනපතිවරණයට තවත් දිනයක් ප්‍රකාශ කෙරේ
අමිල කටුනායක Wednesday, 23 October 2013 10:40 AM
බාලගිරි දෝෂය ඇති රටක් (නි)