X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


මාලදිවයිනේ ජනපතිවරණය අද

 

 

ජනපති වහීඞ් හසන්
හිටපු ජනපති නෂීඞ්


 

මාලදිවයින් ජනාධිපතිවරණය අද (7) පැවැත්වීමට නියමිත අතර, ඉකුත් වසරේ රටේ සිදුවුණු බල හුවමාරුවෙන් පසු බලයට පත් වුණු ජනපති වහීඞ් හසන්ට තව දුරටත් එම ධුරයේ රැඳී සිටීමට ජනවරමක් හිමිවනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

ජනපතිවරණය අද උදෑසන ආරම්භ වීමට නියමිත අතර, ජනපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද කි‍්‍රයාත්මක වනු ඇතැයි මැතිවරණ බලධාරීහු පවසති.

මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශ නිරීක්ෂකයන් කණ්ඩායමක් මේ වන විට මාලදිවයිනට පැමිණ ඇති බව එරට පුවත් සේවා වාර්තා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පවසා ඇත්තේ, සාමකාමී මෙන්ම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලූම පාර්ශ්ව එක් වී කි‍්‍රයා කළ යුතු බවය.

වත්මන් ජනපති වහීඞ් හසන්, ස්ටැන්ෆර්ඞ් අධ්‍යාපනය ලැබූ  වෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිතවරයෙක් ද වෙයි.

වහීඞ්ට අභියෝග කිරීමට සැරසෙන සෙසු අපේක්ෂකයන් අතර, බලයෙන් පහකළ ජනපති මොහොමඞ් නෂීඞ්, කෝටිපති ව්‍යාපාරික ගසීම් ඊබ‍්‍රහීම් සහ අබ්දුල්ලා යමීන් ද සිටිති. ගසීම් ඊබ‍්‍රහීම් මාලදිවයිනේ සිටින ධනවත්ම පුද්ගලයාය. අබ්දුල්ලා යමීන්, මාලදිවයිනේ ‘ඒකාධිපති පාලක’ අබ්දුල් ගයුම්ගේ සොහොයුරෙකි.

අපේක්ෂකයන් කිසිවකුට සියයට 50 කට වඩා ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුවහොත්, මැතිවරණයේ දෙවැනි වටය ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත බව මාලදිවයින මැතිවරණ බලධාරීහු පෙන්වා දී ඇත.

වහීඞ් හසන් බලයට ආවේ හමුදා කුමන්ත‍්‍රණයකින් බලයේ සිටි ජනපති මොහොමඞ් නෂීඞ් බලයෙන් ඉවත් වීමෙන් පසුවය. නෂීඞ් බලයෙන් ඉවත් වෙද්දී බලය පැවැරුවේ වහීඞ් හසන්ටය. ඒ වනවිට වහීඞ් හසන් උප ජනපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

අබ්දුල් ගයුම්ගේ දීර්ඝ පාලනය අවසන් කරමින් රටේ පැවැති පළමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මොහොමඞ් නෂීඞ්ය. ඔහුට ජනපති ධුරය අහිමි වූයේ ජනපති ධුරයේ සිටිද්දී බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි චෝදනා එල්ල වීමත් ඔහුට එරෙහිව ජනතා විරෝධයක් හට ගැනීමත් නිසාය.
නෂීඞ් කියා සිටියේ තමා බලයෙන් නෙරපූ කුමන්ත‍්‍රණයට වහීඞ් සම්බන්ධ බවත් ඒ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය. තමාට බලපෑම් කර වහීඞ්ට බලය පැවැරීමට බල කළේ යැයි ද නෂීඞ් එම අවස්ථාවේදී චෝදනා කළේය.

ඒ අනුව පරීක්ෂණයක් පැවැත්විණි. මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටක්ද වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය පරීක්ෂණ කණ්ඩායමක් ද පැමිණ පරීක්ෂණ පැවැත් වූ අතර අවසානයේ දී ඔවුන් කියා සිටියේ බලය පැවැරීම නීත්‍යනුකූලව සිදුවුණු බවය.

නෂීඞ් බලයේ සිටිද්දී ඉන්දියාව සමඟ සමීපව කටයුතු කළේය. ඉකුත් වසරේ නෂීඞ් අත්අඩංගුවට ගැනීමට  මාලදිවයින් අධිකරණය වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදී මාලේ නුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඔහුට රැකවරණ දුන්නේය.

මෙය වහීඞ් හසන්ගේ රජයත් ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ රජයත් අතර අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවක් විය.

එහි ප‍්‍රතිඵලයක් වූයේ ජනපති වහීඞ් චීනයටත් පාකිස්තානයටත් සමීප වීමය. ඒ අනුව මාලදිවයින සහ පාකිස්තානය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ද ආරම්භ විය. 2011 වසරේ දී මාලදිවයිනේ පිහිටුවූ චීන තානාපති කාර්යාලය සමඟ සබඳතා තර කර ගැනීමට ද ජනපති වහීඞ් පියවර ගත්තේය.

නෂීඞ්ට සහාය දැක්වීම හේතුවෙන් ඉන්දීය රජය අපකීර්තියට පත් වූවා පමණක් නොව එයින් ඔවුන්ට කිසිදු වාසියක් ද අත් නොවිණි. මේ වනවිට නෂීඞ් ඔහුට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් බටහිර රටවල සහාය ඉල්ලමින් ඔවුන්ට වඩාත් සමීප වීමට උත්සහ ගන්නේ ඉන්දීය රජය අමතක කරමිනි.
 



අදහස් (0)

මාලදිවයිනේ ජනපතිවරණය අද

ටිරෝන් Saturday, 07 September 2013 07:38 AM

බලාගෙන සිටියදී දියුණූ වෙලා බලාගෙන සිටියදී පරිහානියට පත් වූ රටක් (නි)

:       0       0

අනුර-නාවලපිටිය Saturday, 07 September 2013 08:31 AM

හොදට තිබුණු රටක්.(නදී)

:       0       0

රංජිත් Saturday, 07 September 2013 10:59 AM

මමත් අවුරුදු 10 යක් විතර ඔය රටේ හිටියා. මම අදත් විස්වාස කරන්නේ අබ්දුල් ගයුම් තරම් හොද නායකයෙක් මාලදිවයිනේ හිටියේ නැහැ. අපිට ගොඩක් දුකයි ඒ ගැන. මම අදටත් යමක් හම්බකරගන්නේ මාල දිවයිනෙන් නිසා අපිටත් දුකයි.(නදී)

:       0       0

මහේෂ් Saturday, 07 September 2013 12:31 PM

වහීඩ් මහත්තයාට නම් ආයේ බලයට එන්න වෙන එකක් නැහැ. නෂීඩ් මහත්තය තමා ඉදිරියෙන් ඉන්නේ. නමුත් ගැසීම් මහත්තයටත් අවස්ථාව තියෙනවා කියල කියන්න පුළුවන්. අපි මෙහෙ ඉන්න නිසා මෙහෙ තත්වය කියන්න පුළුවන්.(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 07 September 2013 12:40 PM

1. කිසිම සමීක්ෂණයකින් කියල නෑ ජනපති වහිඩ් නැවත බලයට එයි කියලා. වැඩි වාසි තියන්නේ අන්නි ට. 2. ගාසිම් ඉබ්‍රහිම් කියන්නේ දැනට අවුරුදු 6 -7 පෙර මලේ හිටපු ධනවත්ම පුද්ගලයා. අද එයා නොවී.(නදී)

:       0       0

කෙවින් Saturday, 07 September 2013 02:16 PM

1.හිටපු ජනාදිපති නෂීඩ්. 2.අබ්දුල් ගයුම් ගේ සහෝදරයා. (අවුරුදු 30 ක් රට පාලනය කලා) 3.කාසිම් (මොහු ධනවත්ම පුද්ගලයෙක්) 4.වහීඩ් (දැන් ඉන්න ජනාදිපති) මේක තමා ජන්දෙන් පස්සේ ප්‍රතිපලය වෙන්නේ. නමුත් 50% කිසිම කෙනෙකුට ලබා ගෙනීමට නොහැකි නිසා දෙවන වටයේදී අබ්දුල් ගයුම් ගේ සහෝදරයා ඉදිරියට ඒමට බොහෝ ඉඩ කඩ ඇත. ලංකාවට සාපේක්ෂව 98% ඡන්දය සාධාරණ වේවි.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 07 September 2013 03:04 PM

ලංකාවෙන් උපදෙස් ගන්න ගියාම වෙන දේවල් තමයි. (නදී)

:       0       0

ගම Saturday, 07 September 2013 04:34 PM

ඉන්දියාවෙන් වෙන් වුණ එක නම් හොදයි (නි)

:       0       0

දනා Saturday, 07 September 2013 08:26 PM

කවුද කියන්නේ දැන් ඉන්න ජනාදිපති දිනනවා කියලා. එය ලාස්ට් වෙන කෙනා ඔන්න බලන්න බොරු නම්.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 07 September 2013 10:39 PM

මුස්ලිම් රටකට ප්‍රජාතන්ත්‍රවාදය ගැළපෙන්නේ නැත (නි)

:       0       0

සංජිව Sunday, 08 September 2013 10:25 AM

අපිට ලෝකේ ඒවා වැඩක් නැහැ අපි ලංකාවේ එක ගැන බලා ගනිමු (දී)

:       0       0

ලලින්ද Sunday, 08 September 2013 09:56 PM

ඔවුන්ට කැමති නායකයෙක් පත් කරගන්න දී බලා ඉදිමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site