මාලි හමුදාව සමඟ එක් වී එරට ටිම්බක්ටු නගරය අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට එරටට පැමිණ සිටින ප‍්‍රංශ හමුදා ඊයේ (29) සමත් වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ටිම්බක්ටු යනු මාලි රටේ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ නගරයකි.
ප‍්‍රංශ හමුදා ටිම්බක්ටු නුවර සටන්කාමීන්ට පහර දෙද්දී පසුබැස ගිය සටන්කාමීන් නගරයේ ප‍්‍රසිද්ධ පුස්තකාල ගිනි තබා විනාශ කළ බව ද වාර්තා විය.
මේ වනවිට ප‍්‍රංශ හමුදාවේ සහාය ඇතිව ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති ප‍්‍රධාන නගර කීපයක් යළි අත්පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව මාලි හමුදාව පවසා ඇත.
දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක පසුවන උතුරු අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යයේ පසුගිය වසරේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවී රට දේශපාලනික වශයෙන් අස්ථාවර විය.
එම අවස්ථාවෙන් ප‍්‍රයෝජනගත් උතුරු අපි‍්‍රකා අර්ධ ද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සහ සෙසු ඉස්ලාමීය ජිහාඞ් සටන්කාමීහු එහි නගර රැුසක් අත්පත් කර ගත්හ.
මාලි රාජ්‍යය සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට අන්තර්ජාතික සහාය මාලි හමුදාවටත් එරට රජයටත් හිමිවෙයි.
ප‍්‍රංශය පමණක් නොව බටහිර අපි‍්‍රකා රාජ්‍යයන් සහ අපි‍්‍රකානු සංගමය ද ඔවුන්ගේ හමුදා මාලි රාජ්‍යයට යැවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම පරිදිය. මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක් ලෙස පැවැතිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාලි ටිම්බක්ටු නගරය ප‍්‍රංශ හමුදා අතට
ලාල් Wednesday, 30 January 2013 05:49 PM
හොද පුවතක්. (නි)
සම්පත් Thursday, 31 January 2013 10:34 AM
ඉතිහාසය විනාශ කල පසු ඔවුන්ගේ ජනාවාස පිහිටුවීම පහසු වෙනවා (ස)
ජීව Thursday, 31 January 2013 05:04 PM
ඔවුන් එදා ඉඳන්ම කළේ සත්‍ය විනාශ කරන එකයි. (නි)