බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රටේ උතුරු ප‍්‍රදේශ අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැුලිකරුවෝ ඊයේ (1) සමත් වූහ. හමුදා කුමන්ත‍්‍රණයකින් පසු රටේ බලය අල්ලාගෙන සිටින්නේ හමුදාවය. කැරැලිකරුවන් උතුරු ප‍්‍රදේශවල බලය අත්පත් කර ගැනීම ආරම්භ කළේ එම හමුදා කුමන්ත‍්‍රණය සිදුවෙද්දීය. මේ වනවිට හමුදාව උතුරේ පිහිටි ගාවෝ නගරයේ හමුදා කඳවුරුවලින් ඉවත් වී ඇති අතර නගරය කැරැලිකරුවන් අතට පත් ව ඇතැයි වාර්තා වේ. ගාවෝ නගරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ සවස වන විට ටිම්බක්ටූ නමින් හැඳින්වෙන ප‍්‍රදේශය අල්ලා ගත් බව කැරලිකරුවෝ ප‍්‍රකාශ කළහ. කාන්තාර ප‍්‍රදේශයක් වන ටිම්බක්ටූ ප‍්‍රංශයටත් වඩා විශාලය. මාලී කැරැලිකරුවන්ට ට්වරේග් ගෝති‍්‍රක සටන්කාමීන්ගේ සහාය ලැබී ඇති අතර ට්වරේග් ගෝති‍්‍රක සටන්කාමීහු දහස් ගණනක් මේ වන විට දේශ සීමා හරහා මාලී රටට පැමිණ සිටිති. ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට පක්ෂව, කැරැලිකරුවන්ට එරෙහිව සටන් මෙහෙයවූවෝ ට්වරේග් ගෝති‍්‍රක සටන්කාමීහුය. මාලී රටේ හමුදා කුමන්ත‍්‍රණය සිදු වූයේත්, කැරැලි ගැසූ හමුදාව ජනපති මන්දිරය සහ එරට ජාතික රූපවාහිනී ආයතනය වැටැලූවේත් ඉකුත් මාර්තු 21 වැනිදාය. හමුදාව ජනපති මන්දිරය වැටැලූ අවස්ථාවේදී මාලී ජනාධිපති අමාදූ ටුමානී බේරී පලා ගොස් සැඟවුණේය. මේ වනවිට ඔහු ආරක්ෂිත ස්ථානයක සිටින බව වාර්තා වේ. ජනපතිවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මේ වන විට මාලී විදේශ ඇමැති සොමෙයිලෝ බොබේයේ මායිගා සහ අභ්‍යන්තර කටයුතු ඇමැති කෆෝහූනා කෝනේ හමුදා අත්අඩංගුවේ සිටිති. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ මාලී රාජ්‍යයට ආධාර ලබා දෙන ලෝක බැංකුව ප‍්‍රකාශ නිකුත් කරමින් කියා සිටින්නේ එම හමුදා කුමන්ත‍්‍රණය තමන් කිසිසේත් අනුමත නොකරන බවය. ඔවුන් මාලී රටට ආර්ථික සම්බාධක පැනැවීමට ද සැරසෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාලී රටේ උතුරු ප‍්‍රදේශ කැරැලිකරුවන් අතට