කලක සිට පවතින දේශපාලන අර්බුදය අවසන් කරමින් මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ උප නායක බලරාම් බටරායි පෙරේදා (28) නේපාලයේ අගමැති ධුරයට පත්වූයේය.බලරාම් බටරායි අගමැති ධුරයට පත් වූයේ පාර්ලිමේන්තු ඡුන්දයකිනි.වසර 10 ක් තිස්සේ එරට රාජාණ්ඩුවට එරෙහිව ගෙන ගිය සටන 2006 වසරේ දී අවසන් කළ නේපාල මාවෝවාදීහු ප‍්‍රජාන්ත‍්‍රවාදී දේශපාලන මාවතකට පිවිසියහ. 2008 වසරේ දී පවත්වන ලද මැතිවරණයෙන් ඔවුන් ජයග‍්‍රහණය කළ නමුත් රජයක් පිහිටුවීමට තරම් පැහැදිලි බහුතර බලයක් හිමි නොවිණි.මාවෝවාදී කැරැුලි නායක ප‍්‍රචණ්ඩා හෙවත් පුෂ්ප කමල් දාල්ගේ ප‍්‍රධානත්වයෙන් රජයක් පිහිටූ වූ නමුත් නේපාල ජනාධිපතිවරයා සමඟ ඇති කර ගත් මත ගැටුම් හේතුවෙන් එම රජය 2009 දී බිඳ වැටුණි.ඉන්පසු වරින් වර අගමැතිවරයකු පත් කර ගැනීමට පාර්ලිමේන්තුව රැුස්වූ නමුත් දේශපාලන බල අරගල හේතුකොට ගෙන අගමැතිවරයකු පත් කර ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ඉකුත් පෙබරවාරි මාසයේ දී ජල්නාත් කානෙල් අගමැති ධුරයට පත්විය. මත ගැටුම් හේතුවෙන් ඔහුගේ රජය ද පසුගිය 14 වැනිදා බිඳ වැටුණු අතර කානෙල් අගමැති ධුරයෙන් ඉවත් වූයේය.ඉන්පසු නව අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් නේපාලයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ තුනේම නායකයන් කිහිප වරක් සාකච්ඡුා පැවැත්වූ අතර මුලදී එම සාකච්ඡුා අසාර්ථක විය.නේපාල පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය ද වන මාවෝවාදී පක්ෂය ප‍්‍රකාශ කළේ තම නියෝජ්‍ය නායක බලරාම් අගමැති ධුරයට පත් කළ යුතු බවය. නේපාලයේ දෙවැනි විශාලතම පක්ෂය වන්නේ නේපාල කොංග‍්‍රස් පක්ෂයයි. එහි නායක ලක්ෂ්මන් ගිමීර් කියා සිටියේ නේපාලයේ නව රජයට ඔවුන් නායකත්වය දිය යුතු බවය. කෙසේ නමුත් පෙරේදා (28) පැවැති පාර්ලිමේන්තු ඡුන්දයෙන් ජයග‍්‍රහණය කළේ බලරාම් බටරායිය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාවෝවාදීන්ගේ උප නායකට නේපාලයේ අගමැති ධුරය
හසරැල් Monday, 12 August 2013 10:15 AM
මේගොල්ලෝ තමයි නේපාලේ නාස්ති කලේ. (එහෙ මම අවුරුදු 5ක් ඉඳල තියෙනවා මේගොල්ලෝ කරපු වැඩ දකින්න.)