X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මැටි වළේ මොළේ හොඳින් රැකේ

මැටි වලින් පිරුණු ආවාටයක ගිලී ඉතාම හොදින් සංරක්ෂණයව තිබියදී හමුවුනු මිනිස් මොළයක හිමිකරු අදින් වසර 2600 කට පෙර කාලයකදී ජීවත්ව සිටි පුද්ගලයෙකු බව සොයාගැනීමට බි‍්‍රතාන්‍යය පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.

මෙම මිනිස් මොළය සොයාගැනීම සිදුවූයේ 2009 වසරේදීය.බි‍්‍රතාන්‍යයේ යෝරක් ප‍්‍රදේශයේ කැණීම් කටයුතු වල නිරතව සිටි පර්යේෂකයින්ට මැටි වලින් පිරුණු ආවාටයක තිබී හිස්කබලක් හා එයට සම්බන්ධව තිබූ කෂේරුකා කිහිපයක් හමුවූ අතර ඔවුන් පුදුමයට පත්කරවමින් එම හිස්කබලේ මොළයද රැදී තිබුණේ ඉතාම හොදින් සංරක්ෂණයවය.

ඕනෑම සජීවී දෙයක් ජීර්ණය වීමට බැක්ටීරියා කි‍්‍රයාකාරීත්වයට අවශ්‍ය පරිසරය තිබිය යුතුය.නමුත් මෙහිදී මොළය මඩෙන් ආවරණයව තිබීම නිසා බැක්ටීරියා කි‍්‍රයාකාරීත්වයට අවශ්‍ය පරිසරයක් තිබී නොමැති ලකුණු පෙනෙන බව පර්යේෂකයින් පවසයි.

කාබන් දත්ත පරීක්ෂාවෙන් මෙම මොළයේ වයස තීරණය කිරීම සිදුව තිබේ.

හිමිකරුගේ මරණය සිදුව ඇති ආකාරය ගැනද අදහස් පළකරන පර්යේෂකයින් හිස්කබල හා සම්බන්ධවී තිබූ කෂේරුකා වල සටහන්ව තිබෙන කැපුම් වලට අනුව ගෙළ ප‍්‍රදේශයෙන් පිහි පහරක් එල්ලව ඇති සෙයක් පෙනෙනා බව කියයි.එවන් තුවාළයකින් සිදුවන රුධිර වහනය ක්ෂණික මරණයක් අත්කරදෙන්නකි.

මේ සියල්ලට වඩා පර්යේෂකයින්ගේ අවධානය දිනා ගැනීමට හැකිව තිබෙන්නේ ඉතාම සංවේදී අවයවයක් වන මිනිස් මොළය මේ සා කාලයක් සංරක්ෂණවය තිබීම ගැනය.මිනිස් සම පවා ඉතාම ඉක්මනින් දිරා යද්දී මොළය වැනි අවයවයක් මේ තරම් කාලයක්  පැවතීම ඇත්තෙන්ම ප‍්‍රාතිහාර්යයකට නොඅඩුදෙයක් බව ඔවුන්ගේ අදහසයි.

26582E2B00000578-2980741-image-a-53_1425557183485 265709E600000578-0-image-a-6_1425548478770 DSC_2369

 



අදහස් (0)

මැටි වළේ මොළේ හොඳින් රැකේ

ලක්සිරි Saturday, 07 March 2015 08:10 PM

බුදුන් වහන්සේ සිටි කාලයේ සිටි කෙනෙක් වගේ (දිල්)

:       0       0

කිත්සිරි Monday, 09 March 2015 03:07 AM

බුදු හිමි වැඩ සිටියත් ප්‍රත්‍යන්ත ජනපදයක වාසය කිරීම නිසා, බුදු බණ ඇසූ සංඥා ඔය මොළයේ නැතුව ඇති. (නි)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 08:00 AM

මොලේ නොදිරා ඇස්, කෙස් ,මස්,සම දිරුවේ කොහොමද (නදී)

:       0       0

පියල් රොහාන් Tuesday, 10 March 2015 08:20 AM

සම, කෙස් වාගේ දේවලුත් දිරලානේ. මොලය වගේම සියුම් දෙයක්නේ දිව. එ්කත් දිරල නේද? (නදී)

:       0       0

පියල් රොහාන් Tuesday, 10 March 2015 08:22 AM

දිව, සම මොළය වගේම සියුම්. ඉතින් කෙහොමද දිරන්නේ නැතුව තියෙන්නේ ? (නදී)

:       0       0

විද්‍යා Tuesday, 10 March 2015 09:31 AM

මැටි මොලේ කියන්නේ නිකන්ද? (ම)

:       0       0

අසංක Tuesday, 10 March 2015 11:53 AM

සමහරුන්ට මිනිස් සිරුර ගැන හරි අවබෝධයක් නැහැ වගේ. දිව තමා මිනිස් සිරුරේ තිබෙන ශක්තිමත්ම මාංශපේශිය (නි)

:       0       0

ගයාන් Tuesday, 10 March 2015 04:45 PM

බුදුදහම ගැන හිතන්න හොඳම අවස්ථාවක්. (නි)

:       0       0

ගමගේ Wednesday, 11 March 2015 01:59 AM

මීටපස්සේ මැටි මොළේ කියන වචනය භාවිතා නොකර ඉන්න මම තීරණය කළා (නි)

:       0       0

කාංචනා කොඩිතුවක්කු Wednesday, 11 March 2015 05:33 AM

මොළේ මැටි තිබුණාම අප්සෙට් වුණාට මැටි ඇතුලේ මොළේ තියෙන එක නරක නෑනේ (දිල්)

:       0       0

ජගත් ෆෙර්ණෑන්ඩු Wednesday, 11 March 2015 04:51 PM

විශ්වයේ කිනම් හෝ පිරිසිදුම දහමක් තැන්පත්ව ඇති මොලය විශ්වයේ විශ්ව ශක්තිය විසින් ආරක්ෂා කරනු ඇත (නදී)

:       0       0

වසන්ත Thursday, 12 March 2015 06:02 AM

අපේ ලොකු ලොක්කන්ගේ මොලත් මැටි වලවල් වල තැන්පත් කොලොත් හොදයි නේද. (හේ)

:       0       0

සුමුදු Thursday, 12 March 2015 09:49 PM

අමුතුවෙන් මැටි වළවල තැන්පත් නොකළාට ලොකු ලොක්කන් බහුතරයකගේ මොළ වල තියෙන්නෙම මැටි තමයි වසන්ත. ඒවා තනිකරම මැටි කළ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site