තරබාරු වීමෙන් සම වයසේ මිතුරන් ඈත්වන බව පර්යේෂණයක් මගින් තහවුරු කැර ඇත. එයට හේතුව වී ඇත්තේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයන් විසින් තරබාරු සිරුරු ඇති අය හා මිත්‍රකම් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමයි.
ඇමෙරිකාවේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ තරබාරු තරුණයන් සාමාන්‍ය බරක් සහිත අය යහළුවන් ලෙස තෝරාගත්ත ද සිහින් සිරුරක් සහිත අය තරබාරු අය යහළුවන් ලෙස තෝරා නොගන්නා බවයි.
මිනිසුන් තම යහළුවන් තොරා ගන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමට ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමාජ ජාල විශ්ලේෂණය කැර ඇත.
මෙහිදී තරබාරු තරුණයන් සාමාන්‍ය සිරුරු සහිත යහළුවන් නිතරම තෝරා ගනු ලැබුවද අනෙක් අතට සාමාන්‍ය සිරුරු පවතින තරුණ අය තරබාරු අය තම යහළුවන් ලෙස තෝරා ගැනීමට මැලිකමක් දක්වන බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇතැයි මෙම පර්යේෂණයේ සහාය මහාචාර්ය ඩේවිඩ් ෂෙක්ෆර් පැවසයි.
මෙම පර්යේෂකයන් තවදුරටත් සොයාගෙන ඇත්තේ තරබාරු තරුණ මිනිසුන් තම යහළුවන්ගේ බර පිලිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බවයි. මෙහි ප්‍රතිවිපාකයක් ලෙස අධික තරබාරු මිනිසුන් එවැනි ම පුද්ගලයන් සමග යහළුකම් පැවැත්වීමට පෙළඹී තිබේ.
තරුණ මිනිසුන් සමාජීය වශයෙන් තමන් තරබාරු අය සේ දැක්වීම නොවැදගත් සේ සැලකීමට පෙළඹී සිටිති. මේ හේතුවෙන් තරබාරු තරුණ මිනිසුන් හට සිටිනා යහළුවන් සමවයසේ සිටිනා සාමාන්‍ය බර සහිත මිනිසුනට වඩා අඩු යහළුවන් සංඛ්‍යාවක් සිටිනා බව සොයාගෙන තිබේ.
මිතුරන් හිඟවීම මානසික අවපීඩන තත්වයට හා තමන්ගේ වටිනාකමට බලපාන සාධක බව පෙන්වා දෙන පර්යේෂකයෝ ස්ථූලතාවය නිසා ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න වැඩි වීමට එය බලපාන බව පෙන්වා දෙති.
මෙම පර්යේෂකයන් ද්විතීයික සහ උසස් පාසැල් 88 ක සිසුන් 58,987 ක් විශ්ලේෂණය කර ඇත. මෙයින් ආසන්න වශයෙන් සියයට 20 ක සිසුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ දත්තයන් විශ්ලේෂණය කළේය. මේ අධ්‍යනයට එක්වූ සිසුන්ගේ සමීපතම මිතුරන් 10 ක් හඳුනා ගත් අතර එයින් 5 දෙනෙක් මිතුරියන් වු අතර 5 දෙනෙක් මිතුරන්ය.
පර්යේෂකයන් විසින් සමාජ ජාල දත්තයන් විශ්ලේෂණය කරමින් විවිධ මිතුරන් තෝරාගන්නා එනම් සිත්ඇදගන්නා සුළු තත්වයන් සමානකම් අතින්, විෂය බාහිර කටයුතු වලදී හමුවිම් හෝ අන්‍යෝන්‍ය මිත්‍රත්වයට එක්විම යන ක්‍රියාවලි සලකා ඇත.
මේ නිසා පර්යේෂකයන් ට ශරීරයේ බර තත්වයේ බලපෑම මිතුරන් තෝරාගැනීමේ දි මූලික වන බව පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාව ලැබිණි.
සහාය මහාචාර්ය සිම්ප්කින්ස් තවදුරටත් පවසන්නේ සිතේ තබාගත යුතු වැදගත් කාරණය වන්නේ තරබාරු තරුණ වයසේ පසුවන්නන්ට තවමත් බොහෝ යහළුවන් සිටිනා බවයි. එක් මිතුරෙක් හා මිතුදම් පැවැත්වීම විශාල වෙනස් කම් දනවන බවයි. එමෙන්ම කොතරම් යෞවන වයසේ පසුවන මිතුරන් පැවතීම වැදගත් කමින් අඩු දෙයක් වන අතර එයින් ප්‍රධානම කරුණ ලෙස සැලකිය යුත්තේ තමන්ට උදව්දෙන යහළුවන් කව්රුද යන්න තෝරා ගැනීම බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිතුරන් අහිමිකරන තරබාරු සිරුරු