X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


මිනිසා වල්ගාතරුවකුත් අල්ලයි

ප්‍රථම වතාවට වල්ගාතරුවකට ගොඩබැස්සවීමට යවන ලද රොසෙටා අභ්‍යාවකාශ යානය 67පී වල්ගාතරුවට කිලෝ මීටර 50ක් පමණ සමීව අපූරු ඡායාරූප පෘථිවියට එවා ඇත.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය විසින් රොසෙටා අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශගත කරන ලද්දේ එළඹෙන නොවැම්බර් මාසයේ දී එය වල්ගාතරුව මත ගොඩබැස්සවීමේ අපේක්ෂාවෙනි. මේ වනවිට වල්ගාතරුවට ඉතා සමීපව එහි මතුපිට ඡායාරූප පෘථිවියට එවමින් තිබේ.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ අධ්‍යක්ෂ ඇන්ඩෘ ඇකොමාසෝ කියා සිටියේ මේ ඡායාරූප අධ්‍යයනය කරමින් යානය ගොඩබැස්සවීමට වඩාත් සුදුසු ස්ථානයක් සොයමින් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.

‘‘ වල්ගාතරුවකට පෘථිවි යානයක් පතිතකිරීමට උත්සාහ ගන්නේ ප්‍රථම වතාවටයි. තව දින හතක් යනවිට මේ යානය වල්ගාතරුවේ න්‍යෂ්ඨියට කිලෝ මීටර 19ක් දක්වා සමීප වනවා. යානය වල්ගාතරුව වටා කක්ෂගත වී ගොඩබැසීමට නිෂ්චිත ස්ථානයක් සොයා ගන්නවා.“

රොසෙටා අභ්‍යාවකාශ යානය වල්ගාතරුව සහ ගැඹුරු අභ්‍යාවකාශ ප්‍රදේශය පෙනෙන මනස්කාන්ත ඡායාරූප එවා ඇත. රොසෙටාහි ගොඩබැසුම් යානයවන පිලේහි පිහිටි සිවා නමැති කැමරාව මේ ඡායාරූප ලබාගෙන ඇත. අගෝස්තු 31 දා ගත් ඒ ඡායාරූපයෙන් ධූම කේතුවේ න්‍යෂ්ඨිය හොඳින් පෙනෙයි. එහි අභ්‍යාවකාශ යානයේ කෙලෙවර ද පෙනෙන අතර සූර්ය කෝෂ සහිත මීටර 14ක් දිගැති සූර්ය තටුව සූර්යාලෝකයෙන් බබලන ආකාරය ද අභ්‍යාවකාශයේ අඳුර සමග විසිතුරුව දක්නට ලැබේ.  

67 පී වල්ගාතරුවේ න්‍යෂ්ඨියේ යානය ගොඩබැස්සවිය හැකියැයි විශ්වාස කරන ස්ථාන පහක් පසුගිය මාසයේ තෝරාගෙන තිබිණි. සමතල හා මටසිලුටු ස්ථාන එලෙස තෝරාගෙන ඇත. එසේ වුව ද යානය වල්ගාතරුවට වඩාත් ආසන්න වීමේ දී පෙනීගොස් ඇත්තේ එලෙස තෝරාගත් තැන් ගල් සහ කඩතොළු සහිත පෘෂ්ඨයන් බවයි. ඒ ස්ථානවලට යානය ගොඩබැස්සවීම අහිතකරය.

නොවැම්බරයේ මේ යානය ගොඩබැස්සවීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට රොසෙටා ව්‍යාපෘතිය සිදුකරන යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය දැන් ලහි ලහියේ නව ඡායරූප අධ්‍යයනය කරමින් සිටියි.

Rosetta 1 Rosetta 2

 

 



අදහස් (0)

මිනිසා වල්ගාතරුවකුත් අල්ලයි

කරුණාජීව Saturday, 13 September 2014 08:36 PM

සියල්ල දත් බන්දුල, දාන්නකෝ බලන්න හරි අදහස අපිටත් දැනගන්න. (නි)

:       0       0

සිතු Sunday, 14 September 2014 04:54 PM

රජින්ද්‍ර ඔබේ අදහස ඇත්ත. විශ්වයේ පාෂාණ සහ කොටස් විසිරි පවතිනවා. එ්ත් ඉමක් කොනක් නැති හිස් අවකාශයක පාෂාණ වගේ ඝන මුලද්‍රව්‍යක් ඇති වෙලා තියෙනවා. පස් හැදෙන්නේ පාෂාණ අංශු බවට පත් වෙලා. එතකොට පාෂාණ හැදෙන්නේ 'මැග්මා' නිසයි. එ්කනේ පොලොව ඇතුලේ තියෙන 'මැග්මා' එහෙමත් නැත්නම් ලෝදිය සක්‍රියව පවතින නිසා පෘතුවියේ ජිවය රැදිලා තියෙන්නේ. විශ්වයේ සෑම දෙයක්ම බිහිවී තියෙන්නේ පරමාණුක අංශු මගින්. අපි හැමෝම විශ්වයේ කොටස් කරුවෝ. ඒක නිසා වෙන්න ඇති අපි මේ මාංශ ශරීරයෙන් ආත්මය වෙන්වෙලා ජිවය නැතුව ගියහම ශරීරයත් පස් වෙන්නේ. මේක ආකර්ශනීය තෝතැන්නක් . මේ පොළොවෙන් ජිවය නැතිවෙලා ගියාට පස්සේ අපේ ගමනේ අවසාන්තයට ළඟා වෙන්න උපකාරී වෙන්න තවත් සක් වලක ග්‍රහලෝක ඇති කියලත් මන් විස්වාස කරනවා. (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 14 September 2014 07:57 AM

බන්දුගේ බුදු දහම පිළිබද දැනීම නම් අන්තිමයි .පොඩි කාලේ දහම් පාසැලකටවත් අරින්න අම්මලා උනන්දු වෙලා නෑ වගේ (නදී)

:       0       0

සම්පත් Sunday, 14 September 2014 06:54 AM

බන්දුලගේ ඔලුවට පොඩි කාලේ වැලා ගෙඩියක් වැටිලා තියනවා (නදී)

:       0       0

සෙනරත් Sunday, 14 September 2014 06:14 AM

රජින්ද්‍ර, භාවනා වඩා මනස දියුණු කර ගැනීමෙන් මේ පැනයන්ට පිළිතුරු මතු දිනෙක ඔබටම සොයා ගතහැක. බුදුදහමට අනුව අපටම අප විසින්ම ලෝක සත්‍ය දැකිය හැක. ඒ නිසා බෞද්ධ දර්ශනය සැමට විවෘතය. (නදී)

:       0       0

අසංක Sunday, 14 September 2014 06:05 AM

රජින්ද බුදු කෙනෙකුට පමණක් තේරුම් ගත හැකි අපගේ සාමාන්‍ය මනසට තේරුම් ගත නොහැකි කරුණු 5 ක් පිලිබදව බුදුදහමේ සදහන් වෙනවා. අපගේ ආත්මයේ ආරම්භය, විශ්වයේ කෙලවර, බුදුන් වහන්සේ කෙනෙකුගේ පිරිනිවනින් පසු සිදුවන දේ. සහ තවත් කරුණු 2 ක් ඊට ඇතුලත් වෙනවා. දන්නා අයෙකු එය සම්පුර්ණ කරාවි. මේ කරුණු අපගේ මනසට වටහා ගැනීමට නොහැකි තරම් පැටලිලි සහගතයි. සමත භාවනා වඩා, විදර්ශනාව වඩා මනස දියුණු කරගෙන එහි උත්තරීතරත්වයට මනස දියුණු කල විට මේ ගැඹුරු කරුණු අවබෝද කර ගැනීමේ හැකියාව ඇති මනසක් අප තුල සකස් වෙනවා. (නදී)

:       0       0

චාමර Sunday, 14 September 2014 05:38 AM

බන්දුල පෙරේරා ගැන කණගාටුයි (නදී)

:       0       0

රජින්ද Sunday, 14 September 2014 04:58 AM

කව්රුවත් මා එක්ක අමනාප වෙන්නෙපා.... මම අහන්නේ බුද්ධ දේශනාවේ උනත් එන පඨවි, අාපෝ , තේජෝ, වායෝ කියන මහ බුතයන්ගෙන් මුළු විශ්වය පුරාම පස් සහ පාෂාණ මුලික කරගෙන අනෙක් සෑම වස්තුවක්ම බිහිවූ ආකාරය ගැනයි. ඒවායේ නිර්මාණය සිදුවූ ආකාරයයි. ගයන්ත මහත්තයාගේ අදහස අගය කළ යුතුයි. (අ)

:       0       0

සමීර Saturday, 13 September 2014 11:45 PM

අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ දෑ ගයන්ත මනාව ලියා ඇත. බුද්ධ වචනයට අවමන් කරන බන්දුල පෙරේරා වැනි පාපතර මිනිසුන්ගේ ප්‍රකාශ තරයේ හෙළා දකිමු. (නි)

:       0       0

නාලක Saturday, 13 September 2014 05:14 AM

මනස්කාන්ත ඡායාරූප දෙකද? (ස)

:       0       0

භක්ති Saturday, 13 September 2014 07:40 PM

ඔබට ඉහළින් පෙනෙන නිල අහස බලන්න. එය තමයි විශ්වය.එහි කෙළවරක් නැත. හිතන්න අමාරුයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 13 September 2014 04:49 PM

ගයන්ත,නිකම් බොරු අදහස් දමන්නේ නැතිව ඉන්න. (නද)

:       0       0

සෑම් Saturday, 13 September 2014 04:28 PM

රජින්ද්‍ර මහත්තයෝ, ඕක ඔය තරම් පුදුම වෙන්න දෙයක් නැහැ. මුළු මහත් විශ්වයම නිර්මාණය වෙලා තිබෙන්නේ පඨවි, අාපෝ , තේජෝ, වායෝ කියන මහ බුතයන්ගෙන් කියලයි අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලේ. ඔබ අභිධර්මය ගැන තිබෙන පොත් පත් කියවා බලන්න. රේරුකානේ චන්ද විමල හිමියන් රචිත පොත් වගයක් තිබෙනවා එ්ක පරිශීලනය කර බලන්න. ඔබේ ප්‍රශ්නයට විසදුම ලැබේවි. (නදී)

:       0       0

ගයන්ත Saturday, 13 September 2014 02:13 PM

යමක් හට ගත්තන ම් එහි විනාශය නැතහොත් නැතිවීම උරුම දෙයක් බවත් එය නියත බව ගෞතම බුද්ධ දේශනාව වේ. ඒ වගේම මේ ඉමක් කොනක් නැති විශ්වයේ අාරම්භයත්, ඒ වගේම සත්වයාගේ පටන් ගැන්ම නැතහොත් මූලය සෙවීම කල නොහැකි බවත් , ඒ තරමටම එය පැටලිලි සහිත බවත් එය සෙවීමට උත්සහ ගත්තත් එහි කෙළෙවරක් දකින්නට නොලැබෙන බවත් යන ඒ බුද්ධ දේශනාව ඒකාන්තයෙන්ම සත්‍ය බව මේ දසුන් අපට කියාදෙන පරම ධර්මතාවය බවත් ඉතා පැහැදිලිය. මේ විශ්වය නිර්මාණය වී තිබෙන්නේ පඨවි, අපෝ, තේජෝ, වායෝ යන මහා භූත සතර විසින් වීම (පස් හා පාෂාණ) මනාව පැහැදිලි වෙන බව පෙනේ. පිපිරීම් එකක් නොව අනන්ත සංකයාවකි.එය බෙදෙමින් යලි එකතුවෙමින් යන අනවරත ක්‍රියාවලියකි. මේ වල්ග තරුවද බබළන්නේ අපගේ සූර්යාගේ ආලෝකයෙන් බව මේ ඉහත තොරතුරු කියවන විට තේරුම් ගිය කරුණ වේ. එය සඳ මෙන් සිකුරු මෙන් තමා විසින්ම දීප්තිය උපදවා ගැනීමට නොහැකි වස්තුවක්ද? (නදී)

:       0       0

ගයාන් Saturday, 13 September 2014 10:06 AM

රජින්ද්‍ර,තව අධ්‍යයනය කළොත් දැනගන්න පුළුවන්. (නි)

:       0       0

හිරාන් Saturday, 13 September 2014 06:15 AM

පස් හා පාෂාණ ගෙනාවේ කොහෙන්ද කියලා අහන්න ඕනේ ලෝකය සහ විශ්වය මවපු සර්වාබලදාරි දෙවියන් වහන්සේගෙන්. (අ)

:       0       0

රජීන්ද්‍ර Saturday, 13 September 2014 05:45 AM

මට තවමත් හිතාගන්න බැරිම මේ විශ්වයේ පවතින සියලුම තාරකා, ග්‍රාහක, ග්‍රහලෝකයන්, චන්ද්‍රයන් මේ හැමදේම නිර්මාණයන් වී ඇත්තේ පස් හා පාෂාණ වලින් වීමයි... විශ්වයේ පවතින මේ වස්තුන්ගේ නිර්මාපකයා පස් සහ පාෂාණ වීමට ඒවා කොහේ සිට අවේද? මහා පිපුරුමෙන් හටගත්තේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site