අඟහරු මෙහෙයුමේ යෙදීමට නියමිත ගගනගාමින් අඟහරු වෙත යන ගමන අතරතුරදී ‘‘හේමන්ත නින්දට‘‘ පත් කරවීම සම්බන්ධයෙන් නාසා ආයතනයේ අවධානය යොමුව තිබේ.
විද්‍යා ප‍්‍රබන්ධ,චිත‍්‍රපට ආදියෙහි ප‍්‍රධානම තේමාවක් වුවද සැබෑ ලෝකයේ මිනිසා තවමත් හේමන්ත නින්ද සම්පූර්ණයෙන්ම ජයගෙන නැත.
‘‘හේමන්ත නින්ද‘‘ යනු ගැඹුරු නින්දක් හා සමාන වන අතර එහිදී සිරුරේ පරිවෘත්තීය වේගය අඩුවේ.ඒ හා සමග හුස්ම ගැනීමේ වේගය,හෘද ස්පන්දනය ආදී කි‍්‍රයාකාරකම් වල වේගයද පහළ යයි.
මීයන්,වළසුන් වැනි සත්ත්වයෝ ස්වභාවිකවම ශිශිරතරණයට එළැඹෙන්නෝ වෙති.සීත සෘතුවේදී පරිසරයේ උෂ්ණත්වය පහළ යන විට ඔවුන්ගේ සිරුරු ඊට ප‍්‍රතිචාර දක්වනුයේ පරිවෘත්තීය වේගය අඩු කර සිරුර මේ තත්ත්වයට පත් කරවීමෙනි.මෙවිට ගැඹුරු නින්දකට එළැඹෙන එම සතුන් වසන්තයේදී පරිසර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට නැගෙන තාක් කල් නොනැගිටී.
මේ නින්දේ අරමුණ වන්නේ ශීත කාලගුණයන්හිදී සිරුර උණුසුම් කර ගැනීමට අනවශ්‍ය පරිදි ශක්තිය වැය වීම වැළැක්වීමයි.
මෙම කි‍්‍රයාවලිය මිනිසාටත් ආදේශ කළ හැකිදැයි බැලීම නාසා ආයතනයේ අපේක්ෂාව වී තිබේ.ගගනගාමීන් ශිශිරතරණයට පත්කරවිය හැකි නම් අඟහරු වෙත යැවෙන අභ්‍යාවකාශ යානයට ආහාර ද්‍රව්‍ය තොග ගණනින් පැටවීමට අවශ්‍ය වනු නැතැයිද ඒ නිසාම පෙර සැළසුම් කළාට වඩා ප‍්‍රමාණයෙන් කුඩා නමුත් කාර්යක්ෂම යානාවක් තැනිය හැකිවනු ඇතැයිද නාසා ආයතනය කියයි.
අඟහරු වෙත යෑමට දින 180 ක පමණ කාලයක් ගතවනු ඇතැයි නිගමනය කර ඇත.
ගගනගාමීහු හේමන්ත නින්ද හෙවත් ශිශිරතරණයට පත්කෙරෙන ආකාරය සම්බන්ධයෙන් න්‍යායන් කිහිපයක්ම ඉදිරිපත්ව තිබෙන අතර ඒවා අතරින් නාසය ඔස්සේ යැවෙන ශීතකාරක ද්‍රවයක් මගින් සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පහත බස්වා සිරුර ශිශිරතරණයට පත්කරවීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ.
මෙසේ ශිශිරතරණයට පත්කෙරෙන ගගනගාමීන්ට ආහාර සැපයීම පිටත සිට ධමනි වලට සම්බන්ධ කෙරෙන නාළ විශේෂයක් මගින් සිදුවනු ඇත.
ගගනගාමියා අවදි කරවීමට නාසයෙන් සැපයෙන් ශීතකාරක ද්‍රව ප‍්‍රවාහය නැවැත්වීම ප‍්‍රමාණවත් බව සදහන්ය.එවිට සිරුරේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ඉහළ නැග ගගනගාමියා අවදි වනු ඇතැයි විද්‍යාඥයින් පවසයි.
ගගනගාමීන් කොටසක් ශිශිරතරණයේ පසුවෙද්දී තවත් කොටසක් වැඩෙහි යෙදිය යුතුයැයිද,සියලූදෙනා ශිශිරතරණයේ පසුව අගහරු වෙත පැමිණීමේදී අවදි විය යුතුයැයිද ආදී ලෙස අදහස්ද ඉදිරිපත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කටයුතු සිදුකිරීමට නාසා විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිනිහාත් හේමන්ත නින්දට යවයි?
රූපවතී Tuesday, 07 October 2014 10:09 AM
මාත් ආසයි "ස්පේෂ් ෂිප් " එකක ගිහිල්ලා එන්න. මේ සඳහා ඉදිරි පත් වෙන අය ගොඩාක් වාසනාවන්තයි. වෙනත් ලෝකයක අලුත් අත්දැකීමක් ජීවිතේට ලබාගන්න දකින්න මාත් ආසයි. (නදී)
සූරියාරච්චි Tuesday, 07 October 2014 10:43 AM
මෙය සාර්ථක වුණොත් මිනිසාට ඕනෑම ග්‍රහලෝකයක් තරණය කිරීමේ හැකියාව ලැබෙනවා. ජයවෙවා! (නි)
ඉන්දික Tuesday, 07 October 2014 11:22 AM
අපේ රටේ ඉන්නවනේ සෑහෙන කට්ටියක් හේමන්ත නින්දට යවන්න සුදුසු. (නි)
රේඛා Tuesday, 07 October 2014 01:19 PM
අගහරු වෙත යාම මිනිස්සුන්ට සුදුසු නැත (නදී)
දම්මි Tuesday, 07 October 2014 02:13 PM
රජයේ කන්තෝරුවල ඉන්න ගොඩක් අය ඔය නින්දේ නිතරම ඉන්න නිසා මෙහෙ ආවා නම් නිකම්ම ඉගෙනගන්න තිබුනා. (නි)
රේනුක Tuesday, 07 October 2014 10:04 PM
අපේ පාර්ලිමේන්තුවේත් ඉන්නවා "හේමන්ත නින්දට" පත්වෙච්ච කට්ටිය.එයාලා නම් නැගිටින්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට. (නි)
චමීර Wednesday, 08 October 2014 01:30 AM
එක පයින්ම අඟහරු වලට යන්න වගෙයි සූදානම (නි)
ජයත් Wednesday, 08 October 2014 06:56 AM
මේක විද්‍යා ප්‍රබන්ද වල මීට හුඟ කාලෙකට ඉස්සර තිබුන දෙයක්. මට නම් හිතෙන්නේ අපේ සමහර පුද්ගලික බස් වල යන මගීන්ට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හරිම හොඳයි. මොකද සමහර ඒවා ඒ තරම්ම කාලයක් ගන්නවා. විශේෂයෙන් 192 වගේ ඒවා (නදී)
ප්‍රේමකුමාර Wednesday, 08 October 2014 07:30 AM
රූපවතී මමත් එනවා ඔයත් එක්ක යන්න (නදී)
විරාජ් Thursday, 09 October 2014 02:51 AM
ඔන්න රූපවති අක්කා ඉන්න රටකට වෙලා ඉන්න. අනේ අනේ අපේ රූපවති අක්කාටත් හිතන ඒවා! (නි)
දයාල් Friday, 10 October 2014 07:32 AM
මමත් රේණුක සමඟ එකඟයි (නි)
උඩුමලගල ගමගේ Monday, 13 October 2014 04:34 AM
මමත් කැමතියි "හේමන්ත නින්දට" යන්න. මගේ මුළු පවුලම සමඟින් ජීවන වියදමට මුහුණ දෙන්න තියෙන හොඳම ක්‍රමය ඒක තමයි මම හිතන්නේ (නි)
සුනිල් Monday, 13 October 2014 08:35 AM
මමත් කැමතියි නින්දට යන්න,, ජීවන වියදමට මුහුණ දෙන්න බැරි නිසා.(හේ)