මියන්මාරයට එරෙහිව පනවා තිබූ වෙළෙඳ සහ ආර්ථික සම්බාධක තවත් ලිහිල් කිරීමට ඇමෙරිකා රජය පෙරේදා (11) තීරණය කළේය.
ඒ අනුව ඇමෙරිකා සමාගම්වලට මියන්මාරය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ඉඩ සැලැසෙන බව ධවල මන්දිරය පවසයි.
ඇමෙරිකාව එම සම්බාධක ලිහිල් කළේ වසර 22 කට පසු මියන්මාරය වෙනුවෙන් ඇමෙරිකා රජය පත් කළ තානාපති ඩෙරික් මිචෙල් පෙරේදා නායිපායිදේව් අගනුවරදී මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන්ට හමුවූ අවස්ථාවේදීය.
මියන්මාර තානාපති ධුරය වෙනුවෙන් ඩෙරික් මිචෙල් පත් කළේ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාය. ඩෙරික් මිචෙල් ආසියා පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා ලෙස ද කටයුතු කළ අයෙකි.
මියන්මාරයේ හමුදා රජය පැවැති අවධියේදී ඔවුන්ගේ දළදඬු පාලනය හෙළා දකිමින් ඇමෙරිකාව ද මියන්මාරයට සම්බාධක පැනැවූ අතර සෙසු රටවල් මෙන්ම මියන්මාරය සමඟ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම් අත් හැරියේය.
මියන්මාරයේ හමුදා පාලනය අවසන් වීමෙන් පසු වර්තමානයේ පවතින්නේ සිවිල් රජයකි. එම සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමෙරිකාවේ ද පැසැසුමට ලක් විය. මියන්මාරයට එරෙහි සම්බාධක ලිහිල් කෙරෙන්නේ ඒ අනුවය.
ඩෙරික් මිචෙල් මියන්මාර ජනපති හමුවීමෙන් පසු එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාරයට එරෙහි ඇමෙරිකා වෙළෙඳ සම්බාධක ලිහිල් වෙයි