ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා යන ගමනේදී මියන්මාරය ‘පළමු කඩඉම’ පසු කළ බවත්, එරටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා වීමේ දිනය අත ළඟ බවත් ඇමෙරිකාවේ සංචාරය කරන මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී පවසයි.
මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව මෙන්ම එරට විපක්ෂ නායිකාව ද වන සූ කී මේ බව කියා සිටියේ පෙරේදා (18) වොෂින්ටන් නුවර ඇමෙරිකා සාම මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා යන ගමනේදී මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් කැපවීමෙන් කි‍්‍රයා කරන බවත්, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ඔහුගේ රජය ඒවා නිසි පරිදි කි‍්‍රයාත්මක කරන බවත් සූ කී පැවැසීය.
සූ කී ඉකුත් 17 වැනිදා ඇමෙරිකාවට පය තැබූ අවස්ථාවේ දේශපාලන සිරකරුවන් 500 දෙනකු නිදහස් කිරීමට ද මියන්මාර රජය කටයුතු කළේය. ඒ, තවත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිහිපයක් කි‍්‍රයාත්මක කරමින්ය.
ඇමෙරිකාවට පැමිණි පසු සූ කී සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. එහිදී සූ කී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියට කියා සිටියේ මියන්මාරයට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීමටත් පසුව ඒවා ඉවත් කිරීමටත් කටයුතු කරන ලෙසටය.
”මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒමට ඇමෙරිකාව හුඟක් කැපවුණා. ඒක ප‍්‍රසංශනීයයි. ඒත් මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආ යුත්තේ මියන්මාර වැසියන්. තම රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය බවත් එය රටේ පැවැත්මට හා ඉදිරි ගමනට රුකුළක් බවත් මියන්මාර වැසියන් තේරුම් ගත යුතුයි. එවිට ඉඹේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වේවි” යැයි සූ කී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය හමුවූ අවස්ථාවේදී කියා සිටියාය.
වසර 15 ක් තිස්සේ සූ කී නිවාස අඩස්සියේ රඳවා තැබුණේ මියන්මාරයේ හමුදා පාලනයක් පවතිද්දීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාවන දිනය වැඩි ඈතක නොවේ
රාජා Thursday, 20 September 2012 11:54 AM
සුකී බුකී වෙන්නෙ ඇමරිකාවේ පදේට නටන්න ගිහින් තමයි. (ස)
මාධව Thursday, 20 September 2012 04:03 PM
බොරු ඔය
ගයාන් Thursday, 20 September 2012 04:30 PM
අහක ඉන්න නයි ලඟට අරන් පස්සේ කනවා කනවා කියයි (ස)