X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මිසයිලයකින් අඟහරු විදීමේ උත්සාහයක්

මිසයිල යොදා අඟහරු පොළොව ගැඹුරට ම විද ජීවය සිටීදැයි සොයා බැලීමේ ව්‍යාපෘතියක් සැළසුම් කැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ මේ ක්‍රියාව අන් සියළු අඟහරු ව්‍යාපෘතීන්වලට වඩා ලාභදායී බවයි.

අඟහරු අභ්‍යන්තරයට ගමන් කළ හැකි මිසයිලයක සවිකරන ලද සන්නිවේදන උපකරණ අඟගහරු පෘෂ්ඨය පසාරුකරගෙන අභ්‍යන්තරයට යැවීම මේ ව්‍යාපෘතියේ සැළසුමයි.

එක්සොලාන්ස් නමින් හඳුන්වා ඇති ව්‍යාපෘතිය සඳහා දැනටමත් ඇමෙරිකානු ඩොලර් 250,000 හෙවත් රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයක් වෙන්කැර ඇත. එහි සැළසුම වී ඇත්තේ අඟහරු වෙත යන යානයකින් පුපුරන ද්‍රව්‍ය නොමැති මිසයිල අඟහරු අභ්‍යන්තරයට යැවීමයි. මිසයිලයේ සවිකරන සන්නිවේදන උපකරණ මගින් ජීවය පිළිබඳ තොරතුරු පෘථිවියට ලැබෙනු ඇත.

මිසයිල මෙහෙයුම හමුදා ක්‍රියාකාරකම් සඳහාම නිපදවූ ගෙනයාමේ පද්ධතියකින් සමන්විතය. අඟහරුමත අනාගතයේ මිනිස් ජනාවාස බිහිකිරීමට සුදුසු බව තහවුරු කැර ගැනීම පර්යේෂකයන්ගේ අරමුණ වී ඇත.

මෙක්සිකෝවේ මොජටිව් කාන්තාරයේ පොළොව අඟහරු පෘෂ්ඨය හා බොහෝ සෙයින් සමාන බැවින් ඉදිරි මාස 14 දී මොජටිව් කාන්තාරයේ දී අත්හදා බැලීමේ මෙහෙයුමක් කිරීමට ද නියමිතය. එහිදී මිසයිල ගෙනයන කොටස හා භූගතවන කොටස අත්හදා බැලීමට සැළසුම් කැර ඇත.  

පර්යේෂකයන් පවසන්නේ අත්හදා බැලීම් සාර්ථක වූ පසු නාසා අඟහරු මෙහෙයුම් වලට එක්සොලාන්ස් මිසයිල මෙහෙයුම ද එක්වනු ඇති බවයි.

marss missile (1) marss missile (2) marss missile (3) marss missile (5) marss missile (6)



අදහස් (0)

මිසයිලයකින් අඟහරු විදීමේ උත්සාහයක්

දයා අලහාකෝන් Sunday, 24 August 2014 05:14 AM

අදහස් කරන විදියට පොලොව යට ජීවීන් ඇති. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 24 August 2014 10:40 AM

අනේ මන්දා පෘතුවිය කෑවා මදිවට දැන් අඟහරුටත් දෙන්නයි හදන්නේ වැඩේ නේද ? හෙන ගහපන් ගණන් බලාපන් කියල අපේ මාම කෙනෙක් කිවේ මෙන්න මේ වගේ දේවල් වලට වෙන්නැති ! (අ)

:       0       0

තිලක් Sunday, 24 August 2014 02:59 PM

ජීවය විශ්වය පුරා විහිදී තියෙන බහුල දෙයක් කියලයි මගේ අදහස. ඒ ඒ ග්‍රහ වස්තුවේ ඇති පරසර තත්ත්ව අනුව ජීවීන් විවිධ වර්ධන අවධි වල පවතිනවා. එය රසායනික සංයෝග බිද හෙලා ජීවත් වන ශුද්‍ර ජීවීන්ගේ පටන් අපේ දැනුමේ සීමාකාරී බව නිසා අපට හිතා ගත නොහැකි දියුණු ජීවීන් දක්වා වෙනස් විය හැකියි. අපේ පොළොවේ ජීවය ආරම්භ වූ හැටි බුදු දහමේ අග්ගඥ්ඥ සුත්‍රයේ නිවැරදිව පැහැදිලි කරලා තියෙනවා. (අ)

:       0       0

දික්ඕවිට Sunday, 24 August 2014 03:37 PM

අගහරුගේ ජීවයක් නෑ කියල තාමත් ඔය පර්යේෂකයන්ට පැහැදිලි නෑ වගේ. ඇත මට නම් හිතෙනවා අගහරුගේ ජීවයක් නේ කියල. පෙන්නේ නැතිද ගහක් කොලක් නැහැනේ. (අ)

:       0       0

කිංස්ලි පෙරේරා Sunday, 24 August 2014 07:16 PM

අනේ මන්දා මේ ඇමරිකන් අයටත් පිස්සුද කියලා. කොහොමද ඕක විදපු ගමන් ඕක ඇතුළෙන් දෙබරු වගේ අය ඇවිල්ලා මිනිසුන්ට විදින්න ගත්තොත්? නැත්නම් විස දුමක් ඇවිල්ලා හුස්ම ගන්න බැරි වුණොත්? අර එබෝලා හැදුනට වඩා දරුණුවෙයි (නි)

:       0       0

ශීලා Sunday, 24 August 2014 07:31 PM

මට හිතෙන්නේ අඟහරුගේ ජීවයක් නැහැ කියන කතාව අපි අහලා තිබුනාට මේ අය උත්සාහය අතහරින්නේ නැහැනේ. ඒ කියන්නේ මෙතන මොකක් හෝ මේඅයගේ බලාපොරොත්තුවක් තියනවා. (නි)

:       0       0

රුවන් Monday, 25 August 2014 05:53 AM

පොළව යට ජීවීන් හිටියත් නැතත් ජීවය තිබුන බවටවත් සාක්කියක් හොයාගන්න නම් කිලෝමීටරයක්වත් දුරට විදින්න වෙයි. අවුරුදු මිලියක ගාණකට පෙර නම් ගිනිකඳු, භූකම්පන, දෙදරීම්, දූවිලි, උල්කා පිපිරීම් වලින් වැහිලා ගොඩක්ම යට ඇත්තෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site