X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


මීළඟ පාප්තුමා කවුරුදැයි කතෝලික ප‍්‍රජාව විමසිල්ලෙන්

16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් සිය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ මීළඟ පාප්තුමන් කවුරුන් වනු ඇති ද යන්න ගැන ලෝක ප‍්‍රජාව තුළ විශාල උනන්දුවක් ඇති වී තිබේ.
යුරෝපයෙන් බැහැර රටක කාඩිනල් පියතුමකු එම පදවියට තේරී පත් වනු ඇතැයි ද, එම කාඩිනල් පියතුමා වයස් ගතයකු නොවනු ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කරති.
පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ කාඩිනල් හිමිවරුය. එම කාඩිනල් හිමිවරු පාප්තුමකු තෝරා ගැනීමට වතිකානුවට රැස්වී, අභ්‍යන්තර ඡන්ද විමසුමක් පවත්වති.
පාප් වහන්සේ කෙනකු තෝරා ගත්තේ ද නැද්ද යන්න වතිකානුව ලෝකයාට සංඥා කරන්නේ සිස්ටින් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් නිකුත් වන දුමේ පැහැය මගින්ය.
කාඩිනල් පියතුමන්ලා පාප් වහන්සේ පදවියට කෙනෙකු තෝරා ගත්තේ නම් ඒ බව ලෝකයාට දන්වන්නේ සුදු පැහැති දුමක් පිට කිරීමෙනි. තීරණයකට එළැඹී නැතිනම් මෙන්ම පාප් තුමකු ස්වර්ගස්ථ අවස්ථාවකදී නිකුත් කෙරෙන්නේ කළු පැහැ දුමකි.
පදවියෙන් ඉවත්ව යන පාප්තුමකුට අනුප‍්‍රාප්තිකයකු පත් කිරීමේ බලතල කතෝලික සභාවේ නීතිරීතිවලින් නොලැබේ.
අනුප‍්‍රාප්තිකයකු නම් කළ නොහැක. නව පාප්තුමන් තේරීම සිදුවන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමයට, එනම් කාඩිනල් පියතුමන් රැුස්වී ඡුන්ද විමසීමෙන් පත් කෙරෙති.
පාප්තුමකු ඉල්ලා අස්වීම ඉතා විරල සිදුවීමක් වන අතර, අවසන් වරට පාප්තුමකු ඉල්ලා අස්වූයේ මීට අවුරුදු 600 කට ඉහතදීය. එසේ ඉල්ලා අස්වූයේ 6 වැනි ග්‍රෙගරි පාප්තුමන්ය. ඒ, 1415 වසරේ දීය.
ඉල්ලා අස්වන බව නිවේදනය කළ ද බෙනඩික් පාප්තුමන්ගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ලබන 28 වැනිදා යැයි වතිකානුවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමෝ එම පදවියට පත් 265 වැන්නා වෙති.



අදහස් (0)

මීළඟ පාප්තුමා කවුරුදැයි කතෝලික ප‍්‍රජාව විමසිල්ලෙන්

මාරසිංහ Wednesday, 13 February 2013 10:27 AM

මේ සම්ප්‍රදාය සහ විශ්වාසයන් ගැන දැන් අපේ ආගම්වාදී කට්ටිය තර්ක කරන්න ගනීද දන්නෙ නැහැ. (නි)

:       0       0

ශාලිත Wednesday, 13 February 2013 11:19 AM

මොකද දන්නෙ නැහැ එන්ගලන්තයෙන් නැත්තේ? (නි)

:       0       0

සෑම් Wednesday, 13 February 2013 02:16 PM

අයියෝ අර ලංකාවේ කෙනා අහල මායිමකටවත් අරගෙන නෑ.... (ස)

:       0       0

කුමාර Wednesday, 13 February 2013 09:32 PM

අපේ අහළ ගම් හතකටවත් නැතෝ!!!! (නි)

:       0       0

චාමික Thursday, 14 February 2013 09:51 AM

කාර්ඩිනල් මැල්කමි රංජිත් පියතුමත් මේ අය ඒක්ක හිටිය නමි ලාංකිකයන් හැටියට අපිටත් ෙගාඩාක් අාඩමිබර ෙවන්න තිබුනා ෙන්ද (ස)

:       0       0

රොෂාන් Thursday, 14 February 2013 03:37 PM

ඉතාලියේ කෙනාට බොහෝ අවස්ථා තියෙනවා... (ස)

:       0       0

නිශා Thursday, 14 February 2013 04:15 PM

බලන්නකෝ. ලංකාවේ අය නම් කිසිම සද්දයක් නැතුව වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

තිලින Thursday, 14 February 2013 04:21 PM

අපිත් විමසිල්ලෙන් ඉන්නේ (දී)

:       0       0

තාරුක Thursday, 14 February 2013 04:21 PM

ලෝක වැසි සියල්ලන්ටම දෙවි පිහිටයි (දී)

:       0       0

නිෂ් Friday, 15 February 2013 08:44 AM

මුහුණවල් වලින් අපි හුගක් දේවල් තේරුම්ගත්තා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site