X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මෝටර් රිය සමග අලි සෙල්ලම්

අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඡායාරූපයට නගා ඇත. ආමන්ඩ් ග්‍රොබෙල් නම් මේ සංචාරක මගපෙන්වන්නා පවසන්නේ මද කිපී සිටි අලියා වනයේ සිට පැමිණ වාහනයට උඩින් පැන රථය තම බඩට තද කරගෙන සිටි බවයි. ඉන් පසු විනාඩි කිහිපයක් රථය ඒ මේ අතට තල්ලුකැර දැමූ මේ දැවැන්තයා යළි වනයට වැදී නොපෙනී ගොස් ඇත.

අලින්ගේ වාසස්ථාන හා චර්යාවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන තරුණයකු හා තරුණියක පමණක් මේ රථයේ සිටි බවයි. අලියාගේ පහර දීමෙන් රථයේ විදුරුවලට, වහලට හා බොනට්ටුවට හානි සිදුව තිබුණු අතර රෝද ඒ මේ අත ඇඹරි ඇද වී තිබිණි. කාරයේ බඳට ද හානි සිදුව ඇත.

කාරයේ සිටි දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නැත.  

elephant afr (4)

elephant afr (5) elephant afr (2) elephant afr (1)

 



අදහස් (0)

මෝටර් රිය සමග අලි සෙල්ලම්

කලණි Thursday, 07 August 2014 01:42 PM

හොඳ පිළිතුර බන්දුල පෙරේරා. ගාමිණී-සිරි වගේ අය බලාගෙන ඉන්නේ තමන්ගේ රට පහලට දාල කතා කරන්න වෙලාවක් එනකල්. අනිත් රටවල වෙන දේවල් දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ. කොහොම උනත් හරිම ඉවසීමෙන් ගත්ත පින්තුර. ගත්තු අයගේ ජීවිත උනත් අනතුරේ වැටෙන්න තිබුණා (නදී)

:       0       0

ඉමේන්ද්‍ර බණ්ඩාර නිල්ලේගොඩ Friday, 22 August 2014 09:38 AM

හරිම ලස්සනයි (නදී)

:       0       0

ඉන්දික Friday, 08 August 2014 04:35 PM

ඇත්තටම ලස්සන පොටෝ ටික (අ)

:       0       0

චමන්ත Friday, 08 August 2014 08:19 AM

අප්‍රිකාවේ අලි පුදුම වැඩකාරයොනේ! හැබැයි බැරිවෙලාවත් ඔය කාර් එක ලොරියක් වුණා නම් අලියා පරාදයි (නි)

:       0       0

කමල් Friday, 08 August 2014 12:58 AM

වාහනය නම් ගන්න දෙයක් නැතුව ඇති. අලියෙකුට අහුවෙලා ඔහොම බේරුන එකත් ලොකු දෙයක් (නි)

:       0       0

චන්දි Thursday, 07 August 2014 09:00 PM

බන්දුල පෙරේරා , ඇත්තටම ඔයාට ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

ටෝනි Thursday, 07 August 2014 04:56 PM

බන්දුල පෙරේරා මොනවද මන්දා කියවන්නේ? (නි)

:       0       0

අජිත් Thursday, 07 August 2014 04:27 PM

අප්‍රිකාවේ අලි ගොඩක්ම සැර නැහැ. කොහොම වුණත් අර දෙන්නාගේ ජීවිත බේරුන එක නම් ලොකු දෙයක් (නි)

:       0       0

අජිත් Thursday, 07 August 2014 02:01 PM

බන්දුල පෙරේරාගේ මොළේ තමයි මොළේ (නි)

:       0       0

සිල්වා Thursday, 07 August 2014 01:44 PM

සපාරී යන්න ඕනි ෆෝර්විල් වහනයකින් කාර් සුදුසු නැහැ (නදී)

:       0       0

පහන්දී Thursday, 07 August 2014 01:45 PM

බන්දුල ගොයියට, ඉතින් ස්ත්‍රී පක්ෂය ගාව ගන්නේ නැතුව කිසිම කොමෙන්ට් එකක් ලියන්න බැහැනේ නේද (නදී)

:       0       0

මාලනී Wednesday, 06 August 2014 05:19 PM

ඇතුළේ සිටි අයට කොහොම බයක් දැනෙන්න ඇද්ද? (නි)

:       0       0

හසිත් Thursday, 07 August 2014 01:37 PM

කාර් එක ඉතුරුවුණා ඇති (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 07 August 2014 09:10 AM

අලියට නෙමෙයි මද කිපිලා තියෙන්නේ..අපේ ගාමිණී සිරිට..ගාමිණී සිරි දන්නවද ඔය අප්‍රිකානු රටවල ඇත්තු මස් පිණිස මරනවා කියල..ඒ වගේම වර්ධනය පාලනය කරන්න තොග ගානට වෙඩි තියල මරනවා කියල..ඇත් දල සදහා දහස් ගානක් සති පතා දඩයක්කරුවන්ගේ තුවක්කුවට ගොදුරු වෙනවා කියල..මෙහෙ මොනවද මහත්තයෝ වෙන්නේ..ගණන් ගන්නවත් පුලුවන්ද? මේ ඇතාට කාර් පොඩ්ඩ පේන්න ඇත්තේ ලස්සන පුංචි නාබර ඇතින්නක් වගේ වෙන්න ඇති.පුදුමයි කාරෙක කැලේට ඇදන් නොගිය එක.. (දී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 07 August 2014 07:51 AM

මොන කෙන් ගෙඩියකටද අප්‍රිකාවට ගියේ ඔයදෙන්නා...අලින් ගැන සමීක්ෂණ කරන්න නම් එන්න තිබුනේ ලංකාවට.අලි මන්තර ,ඇතුන් මරා දල කපාගැනීම,වලිගෙන් කෙඳි ගැනීම.ජලය නැති අභය භුමි.වගා ලින් වලින් අලි ගොඩ ගැනීම . ගජමුතු විකිණීම හා මාටුවීම .පන්සලේ මදකිපුනු අලියාගේ දම්වැල හොරෙන් ලිහන්න ගොස් හාමුදුරුවන් පැමිණිලි කිරීම.හොරෙන් ඇල්ලු අලි පැටියා උසාවි නියෝගයෙන් වන ජීවීන් රැගෙන ගොස් දවස් දෙකෙන් මිය යාම.සත්ව උද්‍යානයේ අලින්ට ක්‍ෂයරෝගය වැළඳීම.අලි අනාථාගාර...(දී)

:       0       0

ඉසුරන්දි Thursday, 07 August 2014 05:01 AM

දර්ශනය කොහොම උනත් සතුන්ගේ හැසිරීම බොහොම දරුණුයි..(අ)

:       0       0

ශ්‍රියා Thursday, 07 August 2014 04:09 AM

දැන්වීමක්ද (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 07 August 2014 02:57 AM

කොහොම කේන්තියක් ඇද්ද මිනිසුන් එක්ක නේද (අ)

:       0       0

අරුණ Thursday, 07 August 2014 02:55 AM

කාර් කම්පැනි එකකට මරු වෙළද දැන්වීමක් .(අ)

:       0       0

මාලනී Thursday, 07 August 2014 02:50 AM

මොහාන් නිකන් මෝඩ කතා කියන්න එපා. මොහාන්ලා වගේ 10ක් හිටියොත් ඇති රටක් බංකොලොත් වෙන්න.(අ)

:       0       0

හේමන්ත Thursday, 07 August 2014 01:23 AM

සුන්දර ඡායාරූප පෙළක් (නි)

:       0       0

මොහාන් Wednesday, 06 August 2014 10:49 PM

අපේ ලංකාවේ අලියෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site