X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


යාචකයා ලක්ෂ පනස් හයක් පොලීසියට සොයා දෙයි

 ග්ලෙන් ජේම්ස් අවුරුදු 54ක් වයැසැති කළු ඇමෙරිකා යාචකයෙකි. අවුරුදු 15 කාලයක සිට ඔහුට ඉන්න හිටින්න තැනක් නොමැතිව සිතු තැන ලැගුම් ගන්නා දැඩි ලෙස දේව භක්තිකයෙකි.

ඇමෙරිකානුවෝ බෙහෝ යාචකයන් මෙන් කාඩ්බෝඩ් පෙට්ටියක රාත‍්‍රි දවස ගෙවන ඔහු ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ පිහිටි බෝස්ටන් නුවර විශාල වෙළඳ සංකීර්ණයකට අයත් වාහන ගාලක කලක සිට ඔහුගේ සුපුරුදු නිවහන කර ගත්තේය. මේ අතර තුර සැප්තැම්බර් 14 වැනිදා රාත‍්‍රියේ ඉහත වෙළඳ සංකීර්ණයේ මුල්ලක දමා ගිය බෑගයක් ඔහුට හමුවුනේය.

බෑගය විවෘත කොට දුටු දෙයින් විස්මයට පත් යාචකයා බෑගය ගැන වහාම ළඟම ඇති පොලීසියට සැළකර සිටියේය. පොලීසිය පැමිණ බෑගය විවිවෘත කළේය. මුදල් නෝට්ටු ඩොලර් 2400 (රුපියල් ලක්ෂ 319200  ) හා ඩොලර් 40,000(රුපියල් ලක්ෂ 5320000 )ක් වටිනා සංචාරක චෙක්පත් සමග ෆාස්පෝට් එකක්ද සොයා ගන්නා ලදී. පරීක්ෂන වලින් පසු එම මුදල් බෑගයේ හිමිකරුවා සොයා ගත් අතර එම මුදල් ඔහුට ලබා දීමට කටයුතු කළේය.

අනතුරුව රූපවාහිනියේ හා මාධ්‍ය මගින් මෙම යාචකයාගේ ක‍්‍රියාව ඇගැයුමට ලක් කරමින් ඔහුව පැසසුමට ලක්කල අතර බෝස්ටන් පොලිස් මුලස්ථානය සංවිධානය කල විශේෂ උත්සවයකදී ඔහුට විශේෂ සම්මාන සහතිකයක් පිරිනැමීය.මෙම සිද්ධිය මුළු ඇමෙරිකාව පුරා පැතිර ගිය අතර බොහෝ දෙනා ඔහුට පිහිට වීමට ඉදිරිපත් වුයේය.

 ඒ අතර තුර ඔහුගේ අවංක බව අවබෝධ කර ගත් මුදල් අයිතිකරු අන්තර් ජාලය හරහා ඔහුගේ ක‍්‍රියාව ඇගැයීමට ලක් කරමින් ලෝකයා දැනුවත් කරමින් ඔහුව රැක ගැනීමට ආධාර ඉල්ලා සිටියේය.

එහි ප‍්‍රථිපලයක් ලෙස මේ වන විට ඔහුට පදිංචියට නිවසක් හා මුදලින් ඩොලර් ලක්ෂයක්(රුපියල් ලක්ෂ 1330000)  පමණ ආධාර කර ඇත්තේය. මේ ගැන එහි මාධ්‍යවේදියෙක් ග්ලෙන් ජේම්ස් ගෙන් ප‍්‍රශ්න කලවිට ඔහුගේ පිලිතුර  එක වචනයකින් අවසන් කළේය.එනම් යුද්ධය එපා යන්නයි ඩොලර් 42,000 (ලක්ෂ 5586000) ක් සොයා දුන් අවංක යාචකයාට ඩොලර් ලක්ෂයක පමණ තෑගි ලැබුනේය. අවසානයේ ඔහුගේ අවංකත්වය ඔහුට පිහිට වුයේය. අවංකකම මිල කල නොහැකි බව ඉහත කථා පුවත සාක්ෂි දරන්නේය.

 

 

 

 



අදහස් (0)

යාචකයා ලක්ෂ පනස් හයක් පොලීසියට සොයා දෙයි

සරත් Tuesday, 24 September 2013 04:37 AM

සුදු ඇඳගෙන මහජනයා ගසාකන නායකයින්ට වඩා පාට ඇඳුම් ඇදගත් මේ මිනිසා කෙතරම් උතුම්ද? (නි)

:       0       0

රත්න Thursday, 26 September 2013 04:48 PM

අවංක කමින් පොහොසත් මේ මිනිසා ධනයෙන්ද පොහොසත් විය. අමෙරිකාව, අන්‍ රටවල් සමඟ කරන යුද්ධය, අනුමත නොකරන ,මේ උතුම් මිනිසාගේ වචනයට ගරු කිරීමක් වශයෙන් යුද්ධය වෙනුවට සාමය උදා කර වන්නේ නම් ලෝක සාමයට මග පෑදෙනු ඇත. (ස)

:       0       0

අසෝක Wednesday, 25 September 2013 01:02 AM

මේක දැක්කම මට පත්තරයක ගිය ඇත්ත සිදුවීමක් මතක් වුණා. කාගේ හරි නැතිවුණු රත්තරන් චේන් පොට අහුලලා දුන්නම ඒ මිනිහට හොදටම බැන්නලු ඒකේ පුරුක් දෙකක් අඩුයි කියලා. පස්සේ යාලුවා ඇහුවලු මොකද එහෙම කිව්වේ කියලා. එහෙම නැත්නම් ඒ මිනිහා මේක අහුලලා දුන්නට කියක් හරි දෙන්න වෙනවනේ කිව්වලු. දැක්කද අපේ කට්ටියගේ අවංකකම (නි)

:       0       0

ටිරෝන් Tuesday, 24 September 2013 09:32 AM

අවංකව කරන බොහෝ දේවල ප්‍රතිඵල එවේලේම ලැබෙනවා (නි)

:       0       0

චන්දි Tuesday, 24 September 2013 09:02 AM

අවංකකමට දෙවියන් විසින් දෙන ලද තිළිණයකි. (නි)

:       0       0

නලින්ද Tuesday, 24 September 2013 08:54 AM

'යාචකයා' යන වචනය ඉවත් කරන්න කාලය හරි. (නි)

:       0       0

ෆ්‍රී Tuesday, 24 September 2013 07:39 AM

ඉතා අගනා පුවතක් (නි)

:       0       0

ජෙරාඩ් Tuesday, 24 September 2013 06:40 AM

නිකන් මෝඩකම පෙන්නන්න එපා ලුම්බිණි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 24 September 2013 06:00 AM

මම අහල තියෙන විදියට මේ මුදල් වල අයිතිකරු චීන සංචාරකයෙක්. ඔහු මේ ගැන කරපු කිසිදෙයක් නැහැ මුදල් ටික ගත්තා විනා. (නි)

:       0       0

ගාමිණී - සිරි Monday, 23 September 2013 08:22 PM

උපතින් කළු ජාතිකයෙක් වුණත් , හදවතින් සුදු ජේම්ස් මහතාගේ අවංකභාවයට ලෝකයේම පැසසුම් ලැබීම ඉතාමත් ශ්‍රේෂ්ඨයි! (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 24 September 2013 02:03 AM

බලන්න හොඳට යාචකයාගේ මුහුණ කොච්චර පිං පාටද කියලා (නි)

:       0       0

ලාල් Tuesday, 24 September 2013 01:34 AM

අපේ කොල්ලෙකුත් ලගකදී ' කටාර්' වලදී ඔය වගේ වැඩක් කළා හොදේ . (නි)

:       0       0

අමිල Monday, 23 September 2013 11:54 PM

මට නම් මතක් වෙන්නේ ආනන්ද ස්වාමින් වහන්සෙයි බුදුරජානන් වහන්සෙයි වඩින අතරෙ බිම වැටී තිබෙන මුදල් පසුම්බියක් දැක, ආනන්ද සර්පයා දුටුවාද යනුවෙන් බුදු රජුන් කළ විමසීමයි. යම් හෙයකින් මෙම මහත්මයා එම මුදල් ආපසු බාර නොදුන්නේ නම් ඔහුටද ඉහත කථාවේ ගොවියාට අත්වූ ඉරණමට ගොදුරු වීමට බොහෝ ඉඩකඩ තිබිණ. එමෙන්ම ඔහුව බේරා ගැනිමටද කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත. (නි)

:       0       0

සමන් Monday, 23 September 2013 11:37 PM

ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් කීයද? (නි)

:       0       0

අමිල Monday, 23 September 2013 10:19 PM

මිනිහට තියෙන්නේ ශ්‍රී ලාංකික මුහුණක්. (නි)

:       0       0

හසා Monday, 23 September 2013 10:07 PM

බොහොම හොඳ ක්‍රියාවක්, සෑම ක්‍රියාවකම ප්‍රතික්‍රියාවක් තියෙනවනේ (නි)

:       0       0

ලක්මාල් Monday, 23 September 2013 09:15 PM

ලැබෙන්න තියන දෙයක් කාටවත්ම වළක්වන්න බැහැ. ඔබගේ ක්‍රියාව අති විශිෂ්ටයි (නි)

:       0       0

කුමාර් Monday, 23 September 2013 08:24 PM

දෙවියන් වහන්සේ ඉදිරියේදී ඔහුගේ අවංකභාවය ඔප්පු කර තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site